ජෝන් සීනා - පොඩි එකාගෙ ඔළුවට ගහල..

                        

ජෝන් සීනා ගීතය ලියල අවුරුද්දක විතර කාලයක් මගෙ ළග තිබුණා. පස්සෙ යාළුවෙක් කියල මේක පටිගත කරන තැනට ආවා. නමුත් ඒ වෙනකොට ගීතයෙන් පණිවිඩ දෙන්න කියලවත් ආදර්ශයක් දෙන්න ඕනෙ කියලවත් අදහසක් තිබුණෙ නැහැ. මේ සමාජ රටාව ඇතුළෙ මෙහෙම දෙයක් වෙනවා. ඒක මට දැනිල තියෙනවා කියන කාරනාව මම ලිවුවා. එතනින් එහා දෙයක් මගේ හිතේ තිබුණෙ නැහැ. මගේ ප‍්‍රකාශනය මම කරල ඉවරයි. එතනින් එහා දෙයක් මම කල්පනා කරන්නෙ නැහැ. ඒ කියන්නෙ මම ඒ ගැන සවිඥානික නැහැ කියන එක නෙවෙයි. මිනිස්සු මේක අහල හැදෙයි වගේ අදහසක් මට නැහැ. මට එහෙම කාවවත් හදන්න උවමනාවකුත් නැහැ. මම කළේ ප‍්‍රකාශනයක් විතරයි. ගීතය සඳහා වෙනත් සංගීත භාණ්ඩ පාවිච්චි කළා නම් ගීතයට හානියක් වෙයි කියල හිතපු නිසා මම බොක්ස් ගිටාරය විතරයි පාවිච්චි කළේ.

රූපරචනය සඳහා මම පාවිච්චි කළේ ගීතයට අදාළ ම දේවල් පමණයි. මොකද මේකටත් ලස්සන ගැනූ ළමයෙක් පාවිච්චි කළා නම් ඒකට හානි වෙන්න තිබුණ. අපි ඇත්තට ම තුන් වන ලෝකෙ රටක්. මේ වගේ පිරිසකට තමයි මේ ප‍්‍රශ්නෙට මුහුණ දෙන්නෙ. ඉතින් ඒ දේවල් තමයි රූප රචනයේ තියෙන්නෙ.

කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු ක‍්‍රමයකට හිනා වෙනවා කියන්නෙ ඒ ක‍්‍රමය ඇතුළෙ ඉන්න අයටත් හිනහ වෙනව කියන එකයි. මේ උපහාසය ඇතුළෙ අපි අපිටම හිනාවෙන එක තමයි. අපි අපිම නොදැනුවත් වෙලා තියෙනවා. අපි අපිම රවට්ට ගන්නවා.

අමිල සඳරුවන්








හදිසි නීතිය මසකින් දීර්ග කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේ දී ජවිපෙ වෙනුවෙන් බිමල්රත්නායක මහතා පළ කළ අදහස්..

Vivaraenews - Contact us - vivaraenews@gmail.com