vivaraenews

උ‍තුරේ සංවර්ධනයට කේ.පී?

 

KPකුමරන් පද්මනාදන් හෙවත් කේ.පීගේ ප්‍රධානත්වයෙන් යුතු රාජ්‍ය නොවන සංවිධානයක් උතුරේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට රජය අපේක්ෂා කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.

ජනාධිපති කාර්ය සාධක බලකායේ අනුමැතියකින් තොරව කිසිදු රාජ්‍ය නොවන සංවිධානයකට උතුරේ ක්‍රියාත්මක විය නොහැකි බවත්,කේ.පී ප්‍රධානත්වයෙන් යුතු සංවිධානය එසේ අනුමැතිය ලබා ඇති බවත් හෙතෙම කියා සිටියි.

1983 ජනවාරි මස 01 වන දින සිට 2009 මැයි 19 වන දින දක්වා සක්‍රීය හමුදා සේවයේ යෙදී සිටි හා මිය ගිය සියලුම රණ විරුවන්ගේ දැනට ජීවතුන් අතර සිටින මවට හා පියාට රු.750 බැගින් හෙට අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයකදී ප්‍රදානය කරන කරන බව හුළුගල්ල මහතා පෙන්වා දුන්නේය.

එම මුදල් අතට ලබාදීමක් සිදුනොකරන බවත්, ගිණුම් ගතකොට ලබාදීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැහැදිලි කර සිටියේ අද (17)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී ඔහු බිම්බෝම්බ වළ දමා තිබූ සමස්ත භූමි ප‍්‍රමාණයෙන් මේ වන විට වර්ග කිලෝමීටර් 1950 ක පමණ බිම්බෝම්බ ඉවත් කර ඇති බවත්, බිමි බෝම්බ ඉවත්කිරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ වර්ග කිලෝමීටර 111 පමණ ප‍්‍රමාණයක් බවත් සඳහන් කළේය.

එසේම ලක්ෂ්මන් හුළුගල්ල මහතා කියා සිටියේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා මුදල් නොමැති බවට බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත සංවිධාන පවසා ඇති බවයි.

එහෙත් එම කාරණයට රජයට මැදිහත් විය නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Derana

මර්දන පනතට ‍එරෙහිව මන්ත්‍රී අජිත්ගෙන් පෙත්සමක්

 

Ajith kumaraආණ්ඩුව විසින් සම්මත කර ගැනීමට උත්සාහ කරන අපරාධ නඩු විධාන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්මක් ගොනු කළේය.

එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් හමුවේ ඔහු ප්‍රකාශ කළේ, මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරුද්ධ විය යුතු බවයි. එමෙන්ම සියලුම ජනතාවද, මෙම පනතට විරුද්ධ වන ලෙස සිය ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නීතිඥ රෙක්සි පියදාස මහතා සහ නීතිඥ නුවන් බෝපගේ මහතාද සහභාගි වූහ.

ෆොන්සේකා ආණ්ඩුවට කඬේ යනවා – තිස්ස

 

Fonsekaහිටපු යුධ හමුදාපති  සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පිහිටුවීමට යන විපක්‍ෂ ඒකාබද්ධ සන්ධානය, විපක්‍ෂය භේදභින්න කිරීමට හා  විපක්‍ෂය දෙකට කිරීමට ආණ්ඩුවේ ඇති උවමනාවම ඉටු කිරීමක් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව පැහැදිලි කල අත්තනායක මහතා වැඩි දුරටත් කියා සිටියේ, හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගිය 2010 ජනාධිපතිවරණයේදී පොදු අපෙක්ෂකයා කිරීමෙන් බලාපෙරොත්තුවූ කිසිවක් සිදුනොවී ඇති බවත්, එම තීරණය වැරදි බවට දැන් වැටහෙන බවත් ය.

 එක්සත් ජාතික පක්ෂය 'විපක්ෂයේ විරෝධය' නමින් ආණ්ඩු විරෝධී විපක්ෂ ක්‍රියාදාමයක් ආරම්භ කර තිබියදී, ෆොන්සේකා මහතා එය කඩාකප්පල් වන ආකාරයේ විපක්ෂයේ සන්ධාන බිහිකිරීමට උත්සාහ ගනිමින් සිටින බව ද එජාප මහලේකම්වරයා පැවසිය.

එය එක්සත් ජාතික පක්ෂය වශයෙන් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් වශයෙන් අනුමත කල නොහැකි තත්ත්වයක් බවත් ෆොන්සේකා මහතාට 'විපක්ෂයේ විරෝධය' පෙරමුණට පැමිණෙන ලෙසට ආරාධනා කොට තිබියදීත්, ඔහු මේ ආකාරයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින්ද සහභාගීකරවාගෙන සන්ධාන පිහිටුවීමට යෑම වැරදිසහගත බවත්  අත්තනායක මහතා පෙන්වා දුන්නේය.

ඇමැති මෛත්‍රිපාලගේ සොහොයුරා රිමාන්ඩ්

Courtසෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයකු වන පල්ලෙවත්ත ගමරාලලාගේ ප්‍රියන්ත සිරිසේන හෙවත් "වැලි රාජු" නමැති අය ලබන 30 වැනිදා තෙක්‌ දින 14 ක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහෙස්‌ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වනජීවී කාර්යාලයට පසුගිය 05 වැනිදා කඩාවැදී එහි සේප්පුවක තිබූ ලිපි ලේඛන රැසක්‌ ගිනිතබා විනාශ කිරීම, වනජීවී නිලධාරීන්ට මරණීය තර්ජන කිරීම, වනජීවී නිලධාරීන්ට අයත් යතුරුපැදි දෙකකට අලාභහානි කිරීම හා එම ජල ගැලුම් නිම්නයට ඇතුළුවීම ඔහුට එල්ල වූ චෝදනා වේ. ගිනි තැබීම් ඇතුළු අනෙකුත් සිද්ධීන් සම්බන්ධව පොළොන්නරුව පොලිසිය සිදුකළ පරීක්‍ෂණවලින් අනතුරුව සැකකරු ඊයේ (16 වැනිදා) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි. පොළොන්නරුව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

ඉඩම් කොල්ලය හරහා ජන දිවියත් පරිසරයත් වැනසීම

300රටක  ඉඩම්  කොල්ලකමින්  එරටෙහි  ස්වාභාවික  සම්පත්  වනසමින්  කටයුතු  කරන   ඕනෑම  රජයක්  ඒ  රටේ යහපැවැත්ම  වෙනුවෙන්  කටයුතු  කරන  පාලකයන්  ගෙන්  සැදුම්ලත්  බව  කිසිසේත්ම  සිතිය  නොහැකි  ය. පෘතුග‍්‍රීසි,  ලන්දේසි  හා  ඉංග‍්‍රීසි  පාලන  සමයන්හි  සිදු  වුයේ  ද  අප  රටේ  ඉඩම්  කොල්ලකමින්  ඒවායෙහි ස්වාභාවික සම්පත් ඔවුන් ගේ රටවලට සූරාගෙන යාම ය. ඒ සඳහා ඔවුන් අප දැන් සංවර්ධනය යයි පවසන පාරවල් තැනීම, රේල් පාරවල් තැනීම, තේ වගා බිම් ව්‍යාප්ත කිරීම ඇතුළු බොහෝ දේ සිදු කළේ ය. නමුත් පාරවල් රේල් පාරවල් හරහා  අප  රටේ සියලූ  සාරයන් ඔවුන් ගේ  රටවලට ගෙන ගොස් අපට ඉතිරි  කර ඇත්තේ රොඞ්ඩක් බවට පත් වූ රටක් පමණි.

අද අප රටේ පාලකයන් ද පෘතුග‍්‍රීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසීන්ට නොදෙවෙනි ව මේ ක‍්‍රියාමාර්ග එලෙස ම කර ගෙන යමින් සිටී. වත්මන් පාලකයින් රටේ ඉඩම් කොල්ලකමින් ස්වාභාවික සම්පත් සියල්ල වනසමින් තමන්ට රිසි, තම පරපුරේ කීර්ති නාමය රැුකෙන පරිදි හා තම පරපුරේ නූපන් පරම්පරාවට ද ධනය එක් රැුස් කිරීමට රටේ සම්පත් සියල්ල වනසා දමති. ඒ සඳහා සංවර්ධනය නැමැති මායාවෙන් රට වැසියා වල්මත් කර තිබේ.

රට  ගැන  සිතන  යහපත්  පාලකයින්  ගේ  යුතුකම  හා  වගකීම  වන්නේ  තම  රටේ  ඉඩම්  ඇතුළු  සියලූ  ම ස්වාභාවික සම්පත් වත්මන් පරපුරට පමණක් නො ව නූපන් අනාගත පරපුර වෙනුවෙන් නැනවත් භාවිතයෙන් යුතු ව සුරක්ෂිත කොට තැබීම ය. නමුත් මේ කිසිදු දෙයක් අද වන විට අප රටේ සිදු නො වේ. සිදු වන්නේ සියලූ ඉඩම් කොල්ලකමින් ස්වාභාවික සම්පත් හැකි උපරිම වේගයෙන් වනසා දැමීමට පියවර ගැනීම කි. ඒ සඳහා දැනට පවතින නීති රීති වෙනස් කරමින් තමන්ට රිසිසේ මේ සම්පත් බුක්ති විදීමට පසුබිම සකස් කරගනිති.  අප  රටේ  ස්වාභාවික  සම්පත්  ආරක්ෂා  කිරීමට  වසර  ගණනාවක්  තිස්සේ  ඉතා  හොඳින්  පියවරෙන් පියවර  ගොඩනගාගත්  නීති  පද්ධතිය  පවා  වෙනස්  කරමින්  තම  අභිමතාර්ත  ඉටු  කර  ගැනීමට  පාලකයින් කටයුතු කිරීම රටේ අභාග්‍යයකි.

ලංකාවේ  ස්වාභාවික  සම්පත්  ආරක්ෂා  කිරීම  සඳහා  ගොඩනඟා  ඇති  වන  සංරක්ෂණ  ආඥා  පනත,  වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත වැනි අන පනත් බොහොමයක නීතිමය ප‍්‍රතිපාදන ලිහිල් කරමින් වත්මන් පාලකයන්ට රිසිසේ අප රටේ ස්වාභාවික සම්පත් හැසිර විය හැකි වන පරිදි නීති සකසා ගැනීමට උත්සාහ දරති. ඒ සඳහා ජනතාව මුලා කරන්නේ ”සංවර්ධනයට බාධාවන් වන අන පනත් සංශෝධනය කර හෝ අපි අප රට ගොඩනඟන බව” පවසමිනි.

ස්වාභාවික සම්පත් කොල්ලය හුදෙකලා කරුණක් නො වේ. ඒවා බොහෝ විට සිදු වන්නේ ඉඩම් කොල්ලයන් හරහා ය. යටත් විජිත යුගයේ සිට මේ දක්වා ම විවිධ ආකාරයේ ඉඩම් කොල්ලයන් සිදු කෙරුනේ ද මෙලෙසය. විවිධ පාලන යුගවල දී මෙන් ම විවිධ රජයන් යටතේ සිදු වූ ඉඩම් කොල්ලයන් හේතුවෙන් ලංකාවේ ස්වාභාවික සම්පත් හා නිදහස් මානව පැවැත්මට අහිතකර බලපෑම් බොහොමයක් එල්ල වී තිබේ.
 
ඉඩම් කොල්ලය යන්න විද්‍යාත්මක අධ්‍යයනවල දී ඉඩම් අව භාවිතය ලෙස හඳුන්වයි. ඉඩම් යනු ස්වාභාවික සම්පතකි. එය අව භාවිතයෙන් මේ සම්පත නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි ලෙස විනාශ වී යයි.

ඉඩම්කොල්ලය නැතහොත් ඉඩම් අව භාවිතය යන්න නිවැරැුදිව අර්ථ නිරූපනය කර ගැනීම ඉතාම වැදගත් වේ.  එමඟින්  ඉඩම්  කොල්ලය  යන්න  නිවැරැුදි  ව  හඳුනාගත  හැකි  ය.  ”වත්මන්  හා  අනාගත  පරපුරෙහි යහපැවැත්මට බලපෑම් ඇති වන ආකාරයෙන් නිත්‍යානුකූල  නොවන ලෙස සංවර්ධන  කටයුතු සඳහා  සිදු කරන ඉඩම් අත්පත් කර ගැනීම” ඉඩම් කොල්ලය ලෙස හැඳින් වේ.

මේ අනුව ඉඩම් කොල්ලයක් යන්නෙහි නිසි අරුත වර්තමානයේ හා අනාගතයේ ජීවත් වන මිනිසා ඇතුළු ජෛව ප‍්‍රජාවට බලපෑම් ඇති වන ආකාරයෙන් පවතින නීති රීති උල්ලංඝනය කරමින් යම් භූමියක් සංවර්ධන ව්‍යාපෘති  සඳහා  යොදා  ගැනීම  යි.  මෙහි  දී  ඉඩම්  අත්පත්  කර  ගනු  ලබන  ක‍්‍රමවේදය  නිවැරැුදි  වුවත්  ඉන් අනාගත හා වත්මන් ප‍්‍රජාව ගේ පැවැත්මට අහිතකර බලපෑම් ඇති වන්නේ නම් එය ද ඉඩම් කොල්ලයකි. මෙහි දී විශේෂත්වය වන්නේ ජල පෝෂක ප‍්‍රදේශ, වනජීවී රක්ෂිත, පුරා විද්‍යා රක්ෂිත, ගංවතුර පාලන ප‍්‍රදේශ ලෙස ඉඩම් අත්පත් කර ගෙන ප‍්‍රකාශයට පත් කිරීම ඉඩම් කොල්ලයක් නොවන බව යි. එහි දී සිදු වන්නේ වත්මන් හා අනාගත පරපුර වෙනුවෙන් මේ සම්පත් ආරක්ෂා කර තැබීමකි.

ඉඩම් කොල්ලය සමඟ ම බැඳී පවතින්නේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති ය. බොහෝ විට ඉඩම් කොල්ලය සිදු වන්නේ සංවර්ධන ව්‍යාපෘති සඳහා යි. ලංකාවේ යටත් විජිත යුගයේ සිට මේ දක්වාම දක්නට ලැබුණේ ඒ තත්ත්වය යි. එය වර්තමානය වන විට වර්ධනීය අවස්ථාවකට පත් ව තිබේ.

පසුගිය කාලය පුරා පැවැති එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමත් සමඟ ම සීග‍්‍ර සංවර්ධනයක් කරා රට ගෙන යෑමේ අරමුණ ඇති ව විවිධ සංවර්ධන ව්‍යාපෘති විවිධ මුහුණුවරින් ක‍්‍රියාත්මක කෙරේ. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, සංචාරක උදානය, දැයට කිරුළ වැනි සංවර්ධන සංකල්ප ඔස්සේ සිදු කරනු ලබන්නේ ඉඩම් කොල්ලය සඳහා විවිධ මුහුණුවරයන් ලබා දීමකි.

අද වන විට වැඩිම ප‍්‍රමාණයක් ඉඩම් කොල්ලය සිදු කර ඇත්තේ සංචාරක ව්‍යාපෘති සඳහා ය. මහා පරිමාන සංචාරක ව්‍යාපෘති නවයක් සඳහා ත‍්‍රිකුණාමලය, මඩකලපුව, පුත්තලම, බදුල්ල, ගාල්ල දිස්ත‍්‍රික්කවලට අයත් ඉඩම්  හෙක්ටයාර  2565  ක්  අත්පත්  කර  ගෙන  තිබේ.  එම  ව්‍යාපෘති  සඳහා  වෙරළාශ‍්‍රිත  පරිසර  පද්ධති  හා වනාන්තර පරිසර පද්ධති විනාශ කිරීම සිදු කරනු ලැබේ. එම පරිසර පද්ධති මත ඍජුව යැපෙන ජන කොටස් වන්නේ  ධීවරයන්  ය.  රටේ  ආහාර  නිෂ්පාදනය  හා  ආර්ථිකය  කෙරෙහි  ඍජුව  දායක  වන  මේ  ජන කොට්ඨාශවල ආදායම් මාර්ග හා ආහාර නිෂ්පාදන මාර්ග මේ ව්‍යාපෘති මඟින් ඍජුව තර්ජනයට ලක් කර
තිබේ. ඒ තත්ත්වය රටේ ආහාර නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල කිරීමට හේතුවක් වේ. එපමණක් නොව නිෂ්පාදන ක‍්‍රියාවලියේ යෙදී සිටින ධීවර හා ගොවි ජනතාව ගේ ජීවන වෘත්තීන් අහිමි වීමෙන්, ඔවුන් ඍජුව අවතැන් වීම සිදු වේ. ඊට අමතර ව ඒ තත්ත්වය සමාජ ආර්ථික අර්බුධ රට තුළ උද්ගත වීමට ද හේතු සාධක වේ.

දෙවැනියට වැඩිම ප‍්‍රමාණයක් ඉඩම් කොල්ලය සිදු කර ඇත්තේ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ය. කෘෂිකාර්මික ව්‍යාපෘති හයක් සඳහා ඉඩම් හෙක්ටයාර 17,273  ක්  මේ වන විට යොදා ගෙන තිබේ. මේ සියල්ල ම මහ පරිමාණ වාණිජ වගා ව්‍යාපෘති ය. මේ සියලූ ම වගා ව්‍යාපෘති සඳහා යොදා ගෙන ඇත්තේ වියළි කලාපීය වනාන්තරය. රක්ෂිත වනාන්තර තුළ හා රක්ෂිත වනාන්තර මායිමේ පිහිටි අලි - ඇතුන් ගේ වාසස්ථාන මේ සියලූ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා යොදා ගෙන තිබේ. මේ සියලූ ම ව්‍යාපෘති මඟින් සිදු කරනු ලබන්නේ අපනයනය සඳහා කෙසෙල් හා වෙනත් පලතුරු වගා කිරීම, කජු වගා කිරීම සහ සත්ත්ව ආහාර ලෙස බඩ ඉරිඟු වගා කිරීම ය. මේ සඳහා මහ පරිමාණයෙන් වනාන්තර එළි පෙහෙළි කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජල පෝෂක වනාන්තර බිම් අහිමිවීම, අලි - ඇතුන් ගේ සංක‍්‍රමණික හා ගැවැසුම් ප‍්‍රදේශ අහිමි වීම හා අලි - මිනිස් ගැටුම වර්ධනය වීම, වාසස්ථාන අහිමි වන අලි - ඇතුන් ඇතුළු වන සතුන් ඒ ආශ‍්‍රිත ග‍්‍රාමීය ජනතාව ගේ වගා බිම්වලට පිවිස වගා හානි සිදු කිරීම හා ඒ හේතුවෙන් ගොවි ජනතාවට ආර්ථික අර්බුදයන්ට මුහුණ දීමට සිදු වීම ඇති වන අහිතකර ප‍්‍රතිඵලයන් ය. එහි අවසන් ප‍්‍රතිඵලය කෘෂි කර්මාන්තයෙන් ඔවුන් ඉවත් වීම යි. මේ හේතුවෙන් රටේ ආහාර නිෂ්පාදනය අඩාල වීම පමණක් නොව ජනතාව ගේ පෝෂණය හා සෞඛ්‍ය කෙරෙහි අහිතකර බලපෑම් රැුසක් ම උද්ගත වේ.

ඉඩම්  කොල්ලයන්  වැඩිපුර  ප‍්‍රමාණයක්  සිදු  කරමින්  ක‍්‍රියාත්මක  වන  සංචාරක  ව්‍යාපෘති  වැඩි  ප‍්‍රමාණයක් ස්ථානගත ව ඇති වෙරළ කලාපයේ මීට අමතර ව ජල ජීවී වගා ව්‍යාපෘති, ලූණු නිෂ්පාදන ව්‍යාපෘති සහ බලශක්ති හා කර්මාන්ත ඇතුළු මහා පරිමාණ ව්‍යාපෘති 4 ක් පමණ මේ වන විට ක‍්‍රියාත්මක වේ. ඒ අනුව මහා පරිමාණ  ව්‍යාපෘති  අතුරින්  10  ක්  ක‍්‍රියාත්මක  වන්නේ  වෙරළ  කලාපයේ  ය.  එම  ව්‍යාපෘති  සඳහා  වෙරළ කලාපයේ ඉඩම් හෙක්ටයාර 8116 ක් පමණ වෙන් කර ගෙන තිබේ. මෙසේ වෙන් කළ භූමි ප‍්‍රදේශ කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම්, වෙරළ කලාපීය වැලි කඳු, වෙරළබඩ ශාක ප‍්‍රජාවන් ගෙන් සමන්විත ප‍්‍රදේශවන අතර කලපු හා ධීවර ජනතාව ගේ වාසස්ථාන ද මේ ව්‍යාපෘති සඳහා අත්පත් කර ගෙන තිබේ. ඒ හේතුවෙන් ධීවර ජනතාව විශාල ප‍්‍රමාණයක් ඍජුව හා වක‍්‍රව අවතැන් වීම සිදු වී ඇත.

කඩොලාන වනාන්තර හා ලවණ වගුරු බිම් ඇතුළු වෙරළබඩ පරිසර පද්ධති හා කලපු ආශ‍්‍රිත පරිසර පද්ධති මේ ව්‍යාපෘති සඳහා කපා ඉවත් කිරීම, ගොඩ කිරීම  ආදියේ ප‍්‍රතිඵලයක් ලෙස මත්ස්‍ය විශේෂ, ඉස්සන් හා කකුළුවන් විශේෂ බෝවන වාසස්ථාන අහිමි වීමෙන් එම ජීවීන් ගේ ගහනය අඩු වීම හා වඳ වීම සිදු වේ. ඒ තත්ත්වය ධීවර කර්මාන්තය කෙරෙහි ඍජුව බලපානු ලැබේ. මත්ස්‍ය අස්වැන්න අඩු වීමෙන් ධීවර ජනතාව ගේ ආර්ථික තත්ත්වය කෙරෙහි බලපෑම් ඇති වන අතර එය සමාජීය අර්බුධ ඇති වීම කෙරෙහි ද බලපායි.1

තව ද මත්ස්‍ය අස්වැන්න අඩු වීම රටේ ජනතාව ගේ පෝෂණය හා සෞඛ්‍ය කෙරෙහි බලපානු ලැබේ.වන  සංරක්ෂණ  දෙපාර්තමේන්තුව  යටතේ  පාලනය  වන  වියළි  මිශ‍්‍ර  සදාහරිත  වනාන්තර  හා  කඩොලාන වනාන්තර විශාල ප‍්‍රමාණයක් මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 13 ක් සඳහා යොදා ගෙන තිබේ. මේ ව්‍යාපෘති සඳහා  එළි  පෙහෙළි  කරන  වනාන්තර  ප‍්‍රමාණය  හේතුවෙන්  එම  ප‍්‍රදේශවල  ප‍්‍රාදේශීය  ව  කාලගුණික  හා දේශගුණික විපර්යාස ඇති වීම සිදු වනු ඇත. එසේ සිදු වන කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මාන්තය අඩාල වේ. එපමණක් නොව වර්ෂාපතන රටාවේ වෙනස්වීම හා වන වැස්ම ඉවත් වීම මත භූගත ජල මට්ටම අඩු වීම හේතුවෙන් ජනතාව පානීය ජල අර්බුදයන්ට හා වාරි ජල අර්බුදයන්ට ගොදුරු වී අවතැන්වීම සිදු වේ.

යුධමය වාතාවරණය නිමවීමත් සමඟ ම නැෙඟනහිර නවෝදය, උතුරු වසන්තය හා සංචාරක උදානය යන විවිධ  සංකල්ප  ඔස්සේ  රජය  විසින්  නිසි  සැලසුමකින්  හෝ  ශක්‍යතා  අධ්‍යයනයකින්  තොර  ව  සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සිදු කරයි. මේ හේතුවෙන් නීති උල්ලංඝනය කිරීම, ජනතාව අවතැන් කිරීම හා පරිසර  බලපෑම්  ඇති  වීම  සිදු  වේ.  විශේෂයෙන්  සංචාරක  ව්‍යාපෘති  ක‍්‍රියාත්මක  කිරීමේ  දී  පූර්ව  ශක්‍යතා අධ්‍යයනයකින් තොර ව ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම මේ තත්ත්වයට ප‍්‍රධාන හේතුව වේ.තව ද වැරැුදි ප‍්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ද ඉඩම් කොල්ලය සිදු වේ.

ලූණු ආනයනය සීමා කිරීම සඳහා ලංකාවේ ලූණු නිෂ්පාදනය වැඩි කිරීමට ගනු ලබන තීරණ හේතුවෙන් බොහෝ ස්වාභාවික සම්පත් විනාශ කරමින්  හා  ධීවර  ජනතාව  අවතැන්  කරමින්  මේ  ව්‍යාපෘති  සඳහා  පමණක්  ප‍්‍රමුඛතාවය  ලබා  දෙමින්  ඒවා කි‍්‍රයාත්මක කෙරේ. එහි අවසන් ප‍්‍රතිඵලය ඒ සම්පත මත පාරම්පරිකව යැපුණු බොහෝ පිරිසක් අවතැන් වීමය.

නුසුදුසු ස්ථානවල මහ පරිමාණ සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීම ද ඍජුව හා වක‍්‍රව ඉඩම් කොල්ලයට හා ජනතාව අවතැන් වීමට හේතු වේ. හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස එහි සීමිත සම්පතක් වන ජලය වෙනත් ප‍්‍රදේශවලින් ලබා ගැනීමට උත්සාහ දැරීමේ දී ඉඩම් කොල්ලය හා ජනතාව අවතැන්  වීම  සිදු  වේ.  එම  තත්ත්වය  උමා  ඔය  බහු  කාර්යය  ව්‍යාපෘතිය  තුළින්  පෙනෙන්නට  තිබේ.මේ තත්ත්වය කල්පිටිය මහ පරිමාණ සංචාරක ව්‍යාපෘතියේ ද සිදු විය හැකි ය. එම ප‍්‍රදේශයේ ද සීමිත සම්පතක් වන ජලය වෙනත් ප‍්‍රදේශවලින් ලබාගැනීමට උත්සාහ දැරීමේ දී විශාල අහිතකර බලපෑම් ඇති විය හැකි ය.

ඉඩම්  කොල්ලය  සිදු  කරමින්  ක‍්‍රියාත්මක  කරන ව්‍යාපෘති හේතුවෙන් ඍජුව  හා  වක‍්‍රව  අවතැන් වීම  සිදු  වී ඇත්තේ සුළු පරිමාණ ධීවරයින් සහ ගොවි ජනතාව ය. මේ තත්ත්වය රටේ ආහාර සුරක්ෂිතභාවයට ඍජුව බලපානු ලැබේ.

ඉඩම් කොල්ලය වැඩි වශයෙන් සිදු කරනු ලබන්නේ රාජ්‍ය අංශය විසිනි. පෞද්ගලික අංශය විසින් සිදු කරන ඉඩම් කොල්ලය සඳහා ද ඍජු දේශපාලන සම්බන්ධතා පවතී. මේ නිසා මේ ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වන ජනතාවට යුක්තිය හා සාධාරණත්වය ඉටු නොවන තත්ත්වයක් උද්ගත ව තිබේ.2

ඉඩම් කොල්ලයට වැඩි වශයෙන් ලක් වී ඇත්තේ වනාන්තර හා වෙරළබඩ පරිසර පද්ධති ය. මේ හේතුවෙන් රටේ ජෛව සම්පත්වල සුරක්ෂිතභාවයට දැඩි අහිතකර බලපෑම් එල්ල වී තිබේ.

ඉඩම් කොල්ලය හේතුවෙන් අවතැන් වන ධීවරයන් හා කෘෂිකාර්මික ජනතාව හේතුවෙන් රට තුළ සමාජීය ප‍්‍රශ්න උද්ගත වීම සිදු වේ.

මේ සියලූ තත්ත්වයන් පිටුදැකීම උදෙසා සියලූ පාර්ශ්වකරුවන් ගේ සහභාගීත්වයෙන් වර්තමාන හා අනාගත ප‍්‍රවණතා මත පදනම් ව ඉඩම් භාවිත ප‍්‍රතිපත්තියක් සකස් කර ඒ මත පදනම් ව සියලූ සංවර්ධන ව්‍යාපෘති ස්ථානගත කළ යුතු ව ඇත.

සංවර්ධන  ව්‍යාපෘති  ක‍්‍රියාත්මක  කිරීමේ  දී  ශක්‍යතා  අධ්‍යයනය,  පරිසර  බලපෑම්  ඇගැයීම්  ක‍්‍රියාවලිය  මත නිර්දේශ ලැබීමෙන් අනතුරුව ඉඩම් අත්පත් කර ගැනීම සිදු කළ යුතු අතර ඉන් පරිබාහිරව ඉඩම් අත්පත් කර ගැනීමේ ක‍්‍රියාවලීන් සිදු කිරීම නතර කළ යුතු ව ඇත.

මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී ශක්‍යතා අධ්‍යයන අවස්ථාවල දී හා පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලිවල දී ව්‍යාපෘතිය හේතුවෙන් ඍජුව හා වක‍්‍රව අවතැන් වන සියලූ ජනතාවට ඍජුව අදහස් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදිය යුතු ය. ඒ සඳහා ප‍්‍රජා හා රාජ්‍ය නොවන සංවිධානවලට අවස්ථාව ලබාදීම ද වැදගත් වේ.

ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී හා ඉඩම් අත්පත් කර ගැනීමේ දී පූර්ණ විනිවිද භාවයකින් යුතු ව සිදු විය යුතු අතර ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමේ යාන්ත‍්‍රණයක් සකස් කළ යුතු ය.

ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ දී හා අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීමේ දී ඉඩම් නීති හා ස්වේච්ඡුාවෙන් නොවන නැවත පදිංචි කිරීම් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියට අනුව සිදු කළ යුතුව ඇත. එමඟින් රටේ වත්මන් හා අනාගත පරපෙර් රැුකවරණය පමණක් නො ව රටේ ආහාර සුරක්ෂිතතාවය ද සයිලූ ජීවීන්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම ද හැකි වනු ඇත.

සජීව චාමිකර පරිසර සංරක්ෂණ භාරය

Куда "Мантра для похудения скачать"там, я все вздыхал по кожаным, городским.

Легионы "Скачать аим для ксс v34"же его были переданы более верному слуге "Скачать ранетки зима зима"Клавдия, и пожар междоусобной войны потух, не успев "Скачать мутатор для killing floor"разгореться.

И единственное, что ей у них "Программы samsung galaxy mini"нравилось, так это редкость их семейных встреч.

Он "Игра сим такси 3"вынул из шкафа остатки книг и сложил "Скачать клиент на майнкрафт"их у ног, затем медленно протянул руку, "Фейка скачать"ожидая внутренних инструкций.

И те же сочетания еще более ужасающие, когда казалось, "Скачать колокольные звоны mp3"что они вскрывают "Скачать сега игру на компьютер"подспудные черты характера, я видел на снимках травм лица.

Я собираюсь преподнести им подарок.

දවස් දෙකක් පොලීසියෙ තියන්නෙ බොරු චෝදනා ගොනු කරන්න..

 

FSPසැකකරුවකු මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් නොකර පොලීසියේ රදවා ගත හැකි කාලය පැය 24 සිට 48 දක්වා දීර්ග කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන කතා බහ පිළිබද අද පැවැති මාධ්‍ය හමුවක දී පෙරමුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා දැක් වූ අදහස්.


‘‘මුලින්ම මේ පනත 2007 අවුරුද්දේ ගෙනාවේ. 2009දී එහි කාලය අවසන් වුණා. 2009දී පනත නැවත දීර්ඝ කළේ නැහැ. පසුව නැවතත් 2011දී ගෙනාවා. ඒ වෙලාවේ ගැටලූවක් මතු වුණා, 2009දී දීර්ඝ නොකරන ලද පනත් නැවත දීර්ඝ කරන්න බැහැ කියලා. ඒ නිසා ආණ්ඩුව පනත හකුළා ගත්තා.


පළමුවෙන්ම මේ පනත මගින් සැකකරුවකු මහේස්ත‍්‍රාත්වරයකුට ඉදිරිපත් නොකර පොලිසියේ රඳවා ගත හැකි කාලය පැය 48ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. දැනට පවතින නීතියට අනුව සැකකරුවකු රඳවා ගත හැකි කාලය පැය 24යි.


වැඩි කාලයක් සැකකරුවකු මහේස්ත‍්‍රාත්වරයකුට ඉදිරිපත් නොකර පොලිසියේ රඳවා තබා ගන්න අවශ්‍ය වෙන්නේ ඇයි? පොලිසිය අත්අඩංගුවට ගන්නා සැකකරුවකුට විරුද්ධව තිබෙන චෝදනා පැය 24ක් තුළ ගොනු කළ යුතුයි. නමුත් වැඩි කාලයක් අවශ්‍ය වෙන්නේ බොරු චෝදනා හදන්න බවට සැකයක් නැහැ. අත්බෝම්බ තිබුණා කියන්න, කුඩු පැකට් දාන්න.


ඒ වගේම මේ පනතේ සඳහන් වෙනවා, මහජන නොසන්සුන්තාවයක් ඇති වේ යැයි සිතන අවස්ථාවක අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් නොකර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන්න නීතිපතිවරයාට බලය පවරා තිබෙනවා.


මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් දෙන තීන්දුවක් සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී අභියාචනා ඉදිරිපත් කළ හැකියි. මුලින්ම මහාධිකරණයට අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්, ඒ සම්බන්ධයෙනුත් සෑහීමකට පත් වෙන්නේ නැත්නම් අභියාචනාධිකරණයට යන්න පුළුවන්. මේ නව පනත මගින් ඒ මූලිය අයිතිවාසකම උල්ලංඝනය කර තිබෙනවා.


ඒ වගේම මේ පනත මගින් චෝදනා ගොනු කරන්නේ නීතිපතිවරයා. නීතිපති කියන්නේ කවුද? නීතිපති පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඔබ දන්නවා හිටපු නීතිපතිවරයා මේ වන විට ඉන්නේ ජනාධිපති උපදේශකයෙක් වෙලා අරලියගහ මැදුරේ. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව තිබෙන්නේ ජනාධිපතිවරයා යටතේ. නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ දේශපාලන වුවමනාවට අනුව හැසිරෙන ආයතනයක්.


ඒ වගේම එවැනි අවස්ථාවක මහේස්ත‍්‍රාත්වරයා මූලික පරීක්ෂණයක් නොපැවැත්විය යුතු බවත් සඳහන් කරලා තිබෙනවා. මහේස්ත‍්‍රාත්වරයා පරීක්ෂණයක් පවත්වමින් සිටියා නම් ඒ පරීක්ෂණය නතර කරලා, වාර්තාව නීතිපතිවරයාට යැවිය යුතුයි. ඉන් පසුව මහේස්ත‍්‍රාත්වරයා කටයුතු කළ යුත්තේ නීතිපතිවරයාගේ උපදෙස් මත. මේ නීතිය මගින් ලංකාවේ මෙතෙක් අවම හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පැවතුනා නම් එයත් අහෝසි කර තිබෙනවා.


ඊළඟට මූලික විමර්ශනවලදී ලබා ගන්නා කටඋත්තර සාක්ෂි ලෙස භාවිත කිරීමේ අයිතිය ලබා දී තිබෙනවා. දැන් අධිකරණය සාක්ෂියක් ලෙස බාර ගන්නේ මහේස්ත‍්‍රාත්වරයකු ඉදිරියේ දිවුරුම් ප‍්‍රකාශයක් මගින් සහතික කර තිබෙන සාක්ෂි පමණයි. නමුත් දැන් පොලිසිය ගන්නා කටඋත්තර සාක්ෂි ලෙස ඉදරිපත් කරන්න අවශ්‍ය නීතිය හදලා තියෙන්නේ. අපි කවුරුත් දන්නවා, පොලිසිය කොහොමද බාල්කවල එල්ලලා, ඇඟිලි තලලා සාක්ෂි හදන්නේ කියලා.


ඒ විතරක් නොවෙයි, කිසියම් චූදිතයකුට එරෙහිව ගොනු කරන සාක්ෂියක් සම්බන්ධයෙන් හරස් ප‍්‍රශ්න අහලා, ඒ සාක්ෂිය බොරු සාක්ෂියක් නම් ඒ බව ඔප්පු කරන්න දැන් පවතින නීතියේ අවස්ථාව තිබෙනවා. නව පනත මගින් ඒ අවස්ථාවත් අහිමි කර, සාක්ෂිකරුගෙන් හරස් ප‍්‍රශ්න ඇසීමේ අවස්ථාව අහිමි කර තිබෙනවා. මේ හදන්නේ බොරු චෝදනා හදන්න බව ඉතාම පැහැදිලියි. ඒ සඳහායි මේ පනත ගෙන එන්නේ.


සාමාන්‍යයෙන් පනතක් සම්මත වුණාට පස්සේ එය ක‍්‍රියාත්මක වන්නේ ඒ සම්මත වූ දිනයේ සිටයි. නමුත් මේ නීතිය 2009 සිට, ඒ කියන්නේ වසර තුනක් අතීතයට බලපාන ලෙස සකස් කර තිබෙනවා. මේ වන විට පොලිසියට විරුද්ධව මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධ නඩු විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම්,  නීති විරෝධීව රඳවා තබා ගැනීම්, පහරදීම් ඇතුළු නඩු ගණනාවක් තිබෙනවා. අතීතයට බලපාන පරිදි ගෙන එන මේ පනත මගින් ඒ සියලූ නඩු අහෝසි වෙනවා. ඒ නිසා මෙය ඉතාම නරක පූර්වා දර්ශයක්.


මේ ආකාරයේ අතීතයට බලපාන නීතියක් මීට පෙර ගෙනාවේ නව ලිබරල් ධනවාදයේ පළමු ඉනිම ක‍්‍රියාත්මක කළ ජේ.ආර්. ජයවර්ධන.


මේ එන්නේ මර්දනය. වෙන මොකක්වත් නොවෙයි. ආණ්ඩුව හදන්නේ හමුදා බැරැුක්ක සමාජයක්. විදුහල්පතිවරුන් කර්නල්වරුන් කරන්නේ ඒකට. දැන් පාසල්වල ඉන්නේ ප‍්‍රශ්න කරන, ගවේශනශීලි ළමුන් නොවෙයි, විදුහල්පති කර්නල්ට සැලියුට් ගහන සොල්දාදුවන්. එතනටයි මේ ගෙන එන්න හදන්නේ.


දැන් තිබෙන්නේ එක එක අවස්ථාවාදී දේශපාලන පක්ෂයි, ප‍්‍රතිපත්තියක් නැති ව්‍යාපාරයි එකතු වෙලා ගහන පෙරමුණුවලින් නිරාකරණය කරන්න පුළුවන් ප‍්‍රශ්නයක් නොවෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත‍්‍රීවරුන් ගැන අපට කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා දැන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, නැගී සිටින්න. ඔබේ ප‍්‍රදේශයේ ඉන්න මන්ත‍්‍රීවරයාට බලපෑම් කරන්න මේ පනතට විරුද්ධ වෙන්න කියලා. ඒ වගේම උද්ඝෝෂණ කරන්න, පනත ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණත් මහපොළවේ කි‍්‍රයාත්මක වෙන්න ඉඩ දෙන්න එපා.’’

vivara-tv

vivara-fm

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේ…

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේරාගනියි

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more

Reply

සම අයිතිය ව්‍යාපාරය 2013 මාර්තු 24 වෙරෝනා

ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම්  පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.

ලලිත් සහ කුගන්  දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන

ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය