ඉඩම් කොල්ලය හරහා ජන දිවියත් පරිසරයත් වැනසීම
Tuesday, 16 October 2012 23:42
රටක ඉඩම් කොල්ලකමින් එරටෙහි ස්වාභාවික සම්පත් වනසමින් කටයුතු කරන ඕනෑම රජයක් ඒ රටේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන පාලකයන් ගෙන් සැදුම්ලත් බව කිසිසේත්ම සිතිය නොහැකි ය. පෘතුග‍්‍රීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසි පාලන සමයන්හි සිදු වුයේ ද අප රටේ ඉඩම් කොල්ලකමින් ඒවායෙහි ස්වාභාවික සම්පත් ඔවුන් ගේ රටවලට සූරාගෙන යාම ය. ඒ සඳහා ඔවුන් අප දැන් සංවර්ධනය යයි පවසන පාරවල් තැනීම, රේල් පාරවල් තැනීම, තේ වගා බිම් ව්‍යාප්ත කිරීම ඇතුළු බොහෝ දේ සිදු කළේ ය. නමුත් පාරවල් රේල් පාරවල් හරහා අප රටේ සියලූ සාරයන් ඔවුන් ගේ රටවලට ගෙන ගොස් අපට ඉතිරි කර ඇත්තේ රොඞ්ඩක් බවට පත් වූ රටක් පමණි.
අද අප රටේ පාලකයන් ද පෘතුග‍්‍රීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසීන්ට නොදෙවෙනි ව මේ ක‍්‍රියාමාර්ග එලෙස ම කර ගෙන යමින් සිටී. වත්මන් පාලකයින් රටේ ඉඩම් කොල්ලකමින් ස්වාභාවික සම්පත් සියල්ල වනසමින් තමන්ට රිසි, තම පරපුරේ කීර්ති නාමය රැුකෙන පරිදි හා තම පරපුරේ නූපන් පරම්පරාවට ද ධනය එක් රැුස් කිරීමට රටේ සම්පත් සියල්ල වනසා දමති. ඒ සඳහා සංවර්ධනය නැමැති මායාවෙන් රට වැසියා වල්මත් කර තිබේ.
රට ගැන සිතන යහපත් පාලකයින් ගේ යුතුකම හා වගකීම වන්නේ තම රටේ ඉඩම් ඇතුළු සියලූ ම ස්වාභාවික සම්පත් වත්මන් පරපුරට පමණක් නො ව නූපන් අනාගත පරපුර වෙනුවෙන් නැනවත් භාවිතයෙන් යුතු ව සුරක්ෂිත කොට තැබීම ය. නමුත් මේ කිසිදු දෙයක් අද වන විට අප රටේ සිදු නො වේ. සිදු වන්නේ සියලූ ඉඩම් කොල්ලකමින් ස්වාභාවික සම්පත් හැකි උපරිම වේගයෙන් වනසා දැමීමට පියවර ගැනීම කි. ඒ සඳහා දැනට පවතින නීති රීති වෙනස් කරමින් තමන්ට රිසිසේ මේ සම්පත් බුක්ති විදීමට පසුබිම සකස් කරගනිති. අප රටේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට වසර ගණනාවක් තිස්සේ ඉතා හොඳින් පියවරෙන් පියවර ගොඩනගාගත් නීති පද්ධතිය පවා වෙනස් කරමින් තම අභිමතාර්ත ඉටු කර ගැනීමට පාලකයින් කටයුතු කිරීම රටේ අභාග්‍යයකි.
ලංකාවේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සඳහා ගොඩනඟා ඇති වන සංරක්ෂණ ආඥා පනත, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත වැනි අන පනත් බොහොමයක නීතිමය ප‍්‍රතිපාදන ලිහිල් කරමින් වත්මන් පාලකයන්ට රිසිසේ අප රටේ ස්වාභාවික සම්පත් හැසිර විය හැකි වන පරිදි නීති සකසා ගැනීමට උත්සාහ දරති. ඒ සඳහා ජනතාව මුලා කරන්නේ ”සංවර්ධනයට බාධාවන් වන අන පනත් සංශෝධනය කර හෝ අපි අප රට ගොඩනඟන බව” පවසමිනි.
ස්වාභාවික සම්පත් කොල්ලය හුදෙකලා කරුණක් නො වේ. ඒවා බොහෝ විට සිදු වන්නේ ඉඩම් කොල්ලයන් හරහා ය. යටත් විජිත යුගයේ සිට මේ දක්වා ම විවිධ ආකාරයේ ඉඩම් කොල්ලයන් සිදු කෙරුනේ ද මෙලෙසය. විවිධ පාලන යුගවල දී මෙන් ම විවිධ රජයන් යටතේ සිදු වූ ඉඩම් කොල්ලයන් හේතුවෙන් ලංකාවේ ස්වාභාවික සම්පත් හා නිදහස් මානව පැවැත්මට අහිතකර බලපෑම් බොහොමයක් එල්ල වී තිබේ.
ඉඩම් කොල්ලය යන්න විද්‍යාත්මක අධ්‍යයනවල දී ඉඩම් අව භාවිතය ලෙස හඳුන්වයි. ඉඩම් යනු ස්වාභාවික සම්පතකි. එය අව භාවිතයෙන් මේ සම්පත නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි ලෙස විනාශ වී යයි.
ඉඩම්කොල්ලය නැතහොත් ඉඩම් අව භාවිතය යන්න නිවැරැුදිව අර්ථ නිරූපනය කර ගැනීම ඉතාම වැදගත් වේ. එමඟින් ඉඩම් කොල්ලය යන්න නිවැරැුදි ව හඳුනාගත හැකි ය. ”වත්මන් හා අනාගත පරපුරෙහි යහපැවැත්මට බලපෑම් ඇති වන ආකාරයෙන් නිත්‍යානුකූල නොවන ලෙස සංවර්ධන කටයුතු සඳහා සිදු කරන ඉඩම් අත්පත් කර ගැනීම” ඉඩම් කොල්ලය ලෙස හැඳින් වේ.
මේ අනුව ඉඩම් කොල්ලයක් යන්නෙහි නිසි අරුත වර්තමානයේ හා අනාගතයේ ජීවත් වන මිනිසා ඇතුළු ජෛව ප‍්‍රජාවට බලපෑම් ඇති වන ආකාරයෙන් පවතින නීති රීති උල්ලංඝනය කරමින් යම් භූමියක් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම යි. මෙහි දී ඉඩම් අත්පත් කර ගනු ලබන ක‍්‍රමවේදය නිවැරැුදි වුවත් ඉන් අනාගත හා වත්මන් ප‍්‍රජාව ගේ පැවැත්මට අහිතකර බලපෑම් ඇති වන්නේ නම් එය ද ඉඩම් කොල්ලයකි. මෙහි දී විශේෂත්වය වන්නේ ජල පෝෂක ප‍්‍රදේශ, වනජීවී රක්ෂිත, පුරා විද්‍යා රක්ෂිත, ගංවතුර පාලන ප‍්‍රදේශ ලෙස ඉඩම් අත්පත් කර ගෙන ප‍්‍රකාශයට පත් කිරීම ඉඩම් කොල්ලයක් නොවන බව යි. එහි දී සිදු වන්නේ වත්මන් හා අනාගත පරපුර වෙනුවෙන් මේ සම්පත් ආරක්ෂා කර තැබීමකි.
ඉඩම් කොල්ලය සමඟ ම බැඳී පවතින්නේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති ය. බොහෝ විට ඉඩම් කොල්ලය සිදු වන්නේ සංවර්ධන ව්‍යාපෘති සඳහා යි. ලංකාවේ යටත් විජිත යුගයේ සිට මේ දක්වාම දක්නට ලැබුණේ ඒ තත්ත්වය යි. එය වර්තමානය වන විට වර්ධනීය අවස්ථාවකට පත් ව තිබේ.
පසුගිය කාලය පුරා පැවැති එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමත් සමඟ ම සීග‍්‍ර සංවර්ධනයක් කරා රට ගෙන යෑමේ අරමුණ ඇති ව විවිධ සංවර්ධන ව්‍යාපෘති විවිධ මුහුණුවරින් ක‍්‍රියාත්මක කෙරේ. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, සංචාරක උදානය, දැයට කිරුළ වැනි සංවර්ධන සංකල්ප ඔස්සේ සිදු කරනු ලබන්නේ ඉඩම් කොල්ලය සඳහා විවිධ මුහුණුවරයන් ලබා දීමකි.
අද වන විට වැඩිම ප‍්‍රමාණයක් ඉඩම් කොල්ලය සිදු කර ඇත්තේ සංචාරක ව්‍යාපෘති සඳහා ය. මහා පරිමාන සංචාරක ව්‍යාපෘති නවයක් සඳහා ත‍්‍රිකුණාමලය, මඩකලපුව, පුත්තලම, බදුල්ල, ගාල්ල දිස්ත‍්‍රික්කවලට අයත් ඉඩම් හෙක්ටයාර 2565 ක් අත්පත් කර ගෙන තිබේ. එම ව්‍යාපෘති සඳහා වෙරළාශ‍්‍රිත පරිසර පද්ධති හා වනාන්තර පරිසර පද්ධති විනාශ කිරීම සිදු කරනු ලැබේ. එම පරිසර පද්ධති මත ඍජුව යැපෙන ජන කොටස් වන්නේ ධීවරයන් ය. රටේ ආහාර නිෂ්පාදනය හා ආර්ථිකය කෙරෙහි ඍජුව දායක වන මේ ජන කොට්ඨාශවල ආදායම් මාර්ග හා ආහාර නිෂ්පාදන මාර්ග මේ ව්‍යාපෘති මඟින් ඍජුව තර්ජනයට ලක් කර
තිබේ. ඒ තත්ත්වය රටේ ආහාර නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල කිරීමට හේතුවක් වේ. එපමණක් නොව නිෂ්පාදන ක‍්‍රියාවලියේ යෙදී සිටින ධීවර හා ගොවි ජනතාව ගේ ජීවන වෘත්තීන් අහිමි වීමෙන්, ඔවුන් ඍජුව අවතැන් වීම සිදු වේ. ඊට අමතර ව ඒ තත්ත්වය සමාජ ආර්ථික අර්බුධ රට තුළ උද්ගත වීමට ද හේතු සාධක වේ.
දෙවැනියට වැඩිම ප‍්‍රමාණයක් ඉඩම් කොල්ලය සිදු කර ඇත්තේ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ය. කෘෂිකාර්මික ව්‍යාපෘති හයක් සඳහා ඉඩම් හෙක්ටයාර 17,273 ක් මේ වන විට යොදා ගෙන තිබේ. මේ සියල්ල ම මහ පරිමාණ වාණිජ වගා ව්‍යාපෘති ය. මේ සියලූ ම වගා ව්‍යාපෘති සඳහා යොදා ගෙන ඇත්තේ වියළි කලාපීය වනාන්තරය. රක්ෂිත වනාන්තර තුළ හා රක්ෂිත වනාන්තර මායිමේ පිහිටි අලි - ඇතුන් ගේ වාසස්ථාන මේ සියලූ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා යොදා ගෙන තිබේ. මේ සියලූ ම ව්‍යාපෘති මඟින් සිදු කරනු ලබන්නේ අපනයනය සඳහා කෙසෙල් හා වෙනත් පලතුරු වගා කිරීම, කජු වගා කිරීම සහ සත්ත්ව ආහාර ලෙස බඩ ඉරිඟු වගා කිරීම ය. මේ සඳහා මහ පරිමාණයෙන් වනාන්තර එළි පෙහෙළි කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජල පෝෂක වනාන්තර බිම් අහිමිවීම, අලි - ඇතුන් ගේ සංක‍්‍රමණික හා ගැවැසුම් ප‍්‍රදේශ අහිමි වීම හා අලි - මිනිස් ගැටුම වර්ධනය වීම, වාසස්ථාන අහිමි වන අලි - ඇතුන් ඇතුළු වන සතුන් ඒ ආශ‍්‍රිත ග‍්‍රාමීය ජනතාව ගේ වගා බිම්වලට පිවිස වගා හානි සිදු කිරීම හා ඒ හේතුවෙන් ගොවි ජනතාවට ආර්ථික අර්බුදයන්ට මුහුණ දීමට සිදු වීම ඇති වන අහිතකර ප‍්‍රතිඵලයන් ය. එහි අවසන් ප‍්‍රතිඵලය කෘෂි කර්මාන්තයෙන් ඔවුන් ඉවත් වීම යි. මේ හේතුවෙන් රටේ ආහාර නිෂ්පාදනය අඩාල වීම පමණක් නොව ජනතාව ගේ පෝෂණය හා සෞඛ්‍ය කෙරෙහි අහිතකර බලපෑම් රැුසක් ම උද්ගත වේ.
ඉඩම් කොල්ලයන් වැඩිපුර ප‍්‍රමාණයක් සිදු කරමින් ක‍්‍රියාත්මක වන සංචාරක ව්‍යාපෘති වැඩි ප‍්‍රමාණයක් ස්ථානගත ව ඇති වෙරළ කලාපයේ මීට අමතර ව ජල ජීවී වගා ව්‍යාපෘති, ලූණු නිෂ්පාදන ව්‍යාපෘති සහ බලශක්ති හා කර්මාන්ත ඇතුළු මහා පරිමාණ ව්‍යාපෘති 4 ක් පමණ මේ වන විට ක‍්‍රියාත්මක වේ. ඒ අනුව මහා පරිමාණ ව්‍යාපෘති අතුරින් 10 ක් ක‍්‍රියාත්මක වන්නේ වෙරළ කලාපයේ ය. එම ව්‍යාපෘති සඳහා වෙරළ කලාපයේ ඉඩම් හෙක්ටයාර 8116 ක් පමණ වෙන් කර ගෙන තිබේ. මෙසේ වෙන් කළ භූමි ප‍්‍රදේශ කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම්, වෙරළ කලාපීය වැලි කඳු, වෙරළබඩ ශාක ප‍්‍රජාවන් ගෙන් සමන්විත ප‍්‍රදේශවන අතර කලපු හා ධීවර ජනතාව ගේ වාසස්ථාන ද මේ ව්‍යාපෘති සඳහා අත්පත් කර ගෙන තිබේ. ඒ හේතුවෙන් ධීවර ජනතාව විශාල ප‍්‍රමාණයක් ඍජුව හා වක‍්‍රව අවතැන් වීම සිදු වී ඇත.
කඩොලාන වනාන්තර හා ලවණ වගුරු බිම් ඇතුළු වෙරළබඩ පරිසර පද්ධති හා කලපු ආශ‍්‍රිත පරිසර පද්ධති මේ ව්‍යාපෘති සඳහා කපා ඉවත් කිරීම, ගොඩ කිරීම ආදියේ ප‍්‍රතිඵලයක් ලෙස මත්ස්‍ය විශේෂ, ඉස්සන් හා කකුළුවන් විශේෂ බෝවන වාසස්ථාන අහිමි වීමෙන් එම ජීවීන් ගේ ගහනය අඩු වීම හා වඳ වීම සිදු වේ. ඒ තත්ත්වය ධීවර කර්මාන්තය කෙරෙහි ඍජුව බලපානු ලැබේ. මත්ස්‍ය අස්වැන්න අඩු වීමෙන් ධීවර ජනතාව ගේ ආර්ථික තත්ත්වය කෙරෙහි බලපෑම් ඇති වන අතර එය සමාජීය අර්බුධ ඇති වීම කෙරෙහි ද බලපායි.
තව ද මත්ස්‍ය අස්වැන්න අඩු වීම රටේ ජනතාව ගේ පෝෂණය හා සෞඛ්‍ය කෙරෙහි බලපානු ලැබේ.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර හා කඩොලාන වනාන්තර විශාල ප‍්‍රමාණයක් මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 13 ක් සඳහා යොදා ගෙන තිබේ. මේ ව්‍යාපෘති සඳහා එළි පෙහෙළි කරන වනාන්තර ප‍්‍රමාණය හේතුවෙන් එම ප‍්‍රදේශවල ප‍්‍රාදේශීය ව කාලගුණික හා දේශගුණික විපර්යාස ඇති වීම සිදු වනු ඇත. එසේ සිදු වන කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මාන්තය අඩාල වේ. එපමණක් නොව වර්ෂාපතන රටාවේ වෙනස්වීම හා වන වැස්ම ඉවත් වීම මත භූගත ජල මට්ටම අඩු වීම හේතුවෙන් ජනතාව පානීය ජල අර්බුදයන්ට හා වාරි ජල අර්බුදයන්ට ගොදුරු වී අවතැන්වීම සිදු වේ.
යුධමය වාතාවරණය නිමවීමත් සමඟ ම නැෙඟනහිර නවෝදය, උතුරු වසන්තය හා සංචාරක උදානය යන විවිධ සංකල්ප ඔස්සේ රජය විසින් නිසි සැලසුමකින් හෝ ශක්‍යතා අධ්‍යයනයකින් තොර ව සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සිදු කරයි. මේ හේතුවෙන් නීති උල්ලංඝනය කිරීම, ජනතාව අවතැන් කිරීම හා පරිසර බලපෑම් ඇති වීම සිදු වේ. විශේෂයෙන් සංචාරක ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී පූර්ව ශක්‍යතා අධ්‍යයනයකින් තොර ව ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම මේ තත්ත්වයට ප‍්‍රධාන හේතුව වේ.තව ද වැරැුදි ප‍්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ද ඉඩම් කොල්ලය සිදු වේ.
ලූණු ආනයනය සීමා කිරීම සඳහා ලංකාවේ ලූණු නිෂ්පාදනය වැඩි කිරීමට ගනු ලබන තීරණ හේතුවෙන් බොහෝ ස්වාභාවික සම්පත් විනාශ කරමින් හා ධීවර ජනතාව අවතැන් කරමින් මේ ව්‍යාපෘති සඳහා පමණක් ප‍්‍රමුඛතාවය ලබා දෙමින් ඒවා කි‍්‍රයාත්මක කෙරේ. එහි අවසන් ප‍්‍රතිඵලය ඒ සම්පත මත පාරම්පරිකව යැපුණු බොහෝ පිරිසක් අවතැන් වීමය.
නුසුදුසු ස්ථානවල මහ පරිමාණ සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීම ද ඍජුව හා වක‍්‍රව ඉඩම් කොල්ලයට හා ජනතාව අවතැන් වීමට හේතු වේ. හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස එහි සීමිත සම්පතක් වන ජලය වෙනත් ප‍්‍රදේශවලින් ලබා ගැනීමට උත්සාහ දැරීමේ දී ඉඩම් කොල්ලය හා ජනතාව අවතැන් වීම සිදු වේ. එම තත්ත්වය උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය තුළින් පෙනෙන්නට තිබේ.මේ තත්ත්වය කල්පිටිය මහ පරිමාණ සංචාරක ව්‍යාපෘතියේ ද සිදු විය හැකි ය. එම ප‍්‍රදේශයේ ද සීමිත සම්පතක් වන ජලය වෙනත් ප‍්‍රදේශවලින් ලබාගැනීමට උත්සාහ දැරීමේ දී විශාල අහිතකර බලපෑම් ඇති විය හැකි ය.
ඉඩම් කොල්ලය සිදු කරමින් ක‍්‍රියාත්මක කරන ව්‍යාපෘති හේතුවෙන් ඍජුව හා වක‍්‍රව අවතැන් වීම සිදු වී ඇත්තේ සුළු පරිමාණ ධීවරයින් සහ ගොවි ජනතාව ය. මේ තත්ත්වය රටේ ආහාර සුරක්ෂිතභාවයට ඍජුව බලපානු ලැබේ.
ඉඩම් කොල්ලය වැඩි වශයෙන් සිදු කරනු ලබන්නේ රාජ්‍ය අංශය විසිනි. පෞද්ගලික අංශය විසින් සිදු කරන ඉඩම් කොල්ලය සඳහා ද ඍජු දේශපාලන සම්බන්ධතා පවතී. මේ නිසා මේ ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වන ජනතාවට යුක්තිය හා සාධාරණත්වය ඉටු නොවන තත්ත්වයක් උද්ගත ව තිබේ.
ඉඩම් කොල්ලයට වැඩි වශයෙන් ලක් වී ඇත්තේ වනාන්තර හා වෙරළබඩ පරිසර පද්ධති ය. මේ හේතුවෙන් රටේ ජෛව සම්පත්වල සුරක්ෂිතභාවයට දැඩි අහිතකර බලපෑම් එල්ල වී තිබේ.
ඉඩම් කොල්ලය හේතුවෙන් අවතැන් වන ධීවරයන් හා කෘෂිකාර්මික ජනතාව හේතුවෙන් රට තුළ සමාජීය ප‍්‍රශ්න උද්ගත වීම සිදු වේ.
මේ සියලූ තත්ත්වයන් පිටුදැකීම උදෙසා සියලූ පාර්ශ්වකරුවන් ගේ සහභාගීත්වයෙන් වර්තමාන හා අනාගත ප‍්‍රවණතා මත පදනම් ව ඉඩම් භාවිත ප‍්‍රතිපත්තියක් සකස් කර ඒ මත පදනම් ව සියලූ සංවර්ධන ව්‍යාපෘති ස්ථානගත කළ යුතු ව ඇත.
සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී ශක්‍යතා අධ්‍යයනය, පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලිය මත නිර්දේශ ලැබීමෙන් අනතුරුව ඉඩම් අත්පත් කර ගැනීම සිදු කළ යුතු අතර ඉන් පරිබාහිරව ඉඩම් අත්පත් කර ගැනීමේ ක‍්‍රියාවලීන් සිදු කිරීම නතර කළ යුතු ව ඇත.
මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී ශක්‍යතා අධ්‍යයන අවස්ථාවල දී හා පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලිවල දී ව්‍යාපෘතිය හේතුවෙන් ඍජුව හා වක‍්‍රව අවතැන් වන සියලූ ජනතාවට ඍජුව අදහස් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදිය යුතු ය. ඒ සඳහා ප‍්‍රජා හා රාජ්‍ය නොවන සංවිධානවලට අවස්ථාව ලබාදීම ද වැදගත් වේ.
ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී හා ඉඩම් අත්පත් කර ගැනීමේ දී පූර්ණ විනිවිද භාවයකින් යුතු ව සිදු විය යුතු අතර ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමේ යාන්ත‍්‍රණයක් සකස් කළ යුතු ය.
ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ දී හා අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීමේ දී ඉඩම් නීති හා ස්වේච්ඡුාවෙන් නොවන නැවත පදිංචි කිරීම් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියට අනුව සිදු කළ යුතුව ඇත. එමඟින් රටේ වත්මන් හා අනාගත පරපෙර් රැුකවරණය පමණක් නො ව රටේ ආහාර සුරක්ෂිතතාවය ද සයිලූ ජීවීන්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම ද හැකි වනු ඇත.
සජීව චාමිකර පරිසර සංරක්ෂණ භාරය
Куда "Мантра для похудения скачать"там, я все вздыхал по кожаным, городским.
Легионы "Скачать аим для ксс v34"же его были переданы более верному слуге "Скачать ранетки зима зима"Клавдия, и пожар междоусобной войны потух, не успев "Скачать мутатор для killing floor"разгореться.
И единственное, что ей у них "Программы samsung galaxy mini"нравилось, так это редкость их семейных встреч.
Он "Игра сим такси 3"вынул из шкафа остатки книг и сложил "Скачать клиент на майнкрафт"их у ног, затем медленно протянул руку, "Фейка скачать"ожидая внутренних инструкций.
И те же сочетания еще более ужасающие, когда казалось, "Скачать колокольные звоны mp3"что они вскрывают "Скачать сега игру на компьютер"подспудные черты характера, я видел на снимках травм лица.
Я собираюсь преподнести им подарок.