වර්ෂ 1799 මාර්තු 22 වැනිදා රෝම ඉතිහාසයේ වැදගත් දවසක්. පාප්තුමාගේ අලූගෝසුවා නම්වූ මාස්ත්‍රෝ තිත්තාගේ රාජකාරියේ පළමු දිනය මාර්තු 22 වැනිදායි.එදා රෝම නීතියට අනුව වරදකරුවන් වන්නන්ව එල්ලා මැරීම , හිසගසා දැමීම හෝ වෙනත් මාදිලියේ දඩුවම් පැමිණවීම කි‍්‍රයාත්මක කළේ එම තැනැත්තායි.
ජොවන්නි බස්තිස්තා වන මොහු උපත ලබන්නේ 1779 සෙනිගාල්ලියා කියන ගමේය. බතිස්තා අලූගෝසුවා ලෙස භෞතීස්ම ලබන්නේ ඔහුට වයස අවුරුදු 17දීය.පළමු වරට මාස්ත්‍රෝ තිත්තාගේ රාජකාරිය කි‍්‍රයාත්මක කරන්නේ පූජකයෙකුට සහ ඔහුගේ ගෝලයට එරෙහිවයි. එම තරුණයා නිකොලා නම්වෙයි. අවුරුදු 68 දක්වා පාප්ගේ අණ කි‍්‍රයාත්මක කර දඩුවම් 516 ක් පමණ කි‍්‍රයාත්මක කර තියනවා. මරණ දන්ඩණය වගේම ශාරීරික දඩුවම්ද ඔහු අතින් කි‍්‍රයාත්මක වෙලා තියනවා.
ජොවන්නි බස්තිස්තා මුගත්ති මාස්ත්‍රෝ තිත්තා යන නම දැරූ වකවානුවේඔහුගේ සෑම කාර්්‍යයක්ම දිනපොතක සටහන් කරන ලදී.මෙහිදී 17වැනි වියේදී මුල්ම මරණ දණ්ඩනය නියම කිරීම පටන් 1864 අගෝස්තු 17යන දිනය දක්වා ඉටුකර රාජකාරීන් සටහන් වේ. ඔහුගේ පසු මෙම රාජකාරිය පැවරුනේ විචෙන්සෝ බලදුච්චි යන පුද්ගලයාටය.ජනයා ඔහුවත් මාස්ත්‍රෝ තිත්තා යන නාමයෙන් හැදින්විය. මෙම නාමය අලූගෝසුවාගේ රාජකාර්්‍යයට සමාන නාමයක් වන්නට වුනී. එයට පසු ජොවන්නි බස්තිස්තා ඔහුගේ රාජකාරියෙන් විශ‍්‍රාම ලැබීය. පියෝ පාප්ප වහන්සේගේන් වාර්ෂික දීමනාද මොහුට ලැබීය.
ඉන්පසුව ඔහු ඔහුගේ නිවස අභියස කුඩ සෑදීමේ කාර්්‍යයක නිරත වුනී.මරණ දණ්ඩනය පැවරීමට පෙර ඔහු පාපොච්චාරනය කර රතු කබායක් පලදින ලදී. ඊට පසු එල්ලූම්ගස තිබෙන ප‍්‍රදේශයට යාමට ඔහුට සාන්ත ආන්ජෙලෝ යන පාලම පසුකිරීමට සිදුවිය.‘‘ මෙය ජනාවහරයේ පැතිරුනේ ’’ මාස්ත්‍රෝ තිත්තා පාලම පසුකරනවා’’ යන නාමයෙනි. එයින් සඳහන් වුනේ එදින පුද්ගලයෙක්ගේ හිස කඳින් වෙන්වෙනවා යන්නැයි.

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more
ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම් පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.
ලලිත් සහ කුගන් දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන
ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය