මීගමුවේ සිට හලාවත දෙසට යන විට නයිනමඩම පාලම පසු කරන විටම දකුණු පැත්තේ කුඩා පුවරුවක් ඇත. එහි සටහන්ව අැත්තේ ස්වරාජ්‍ය පුරය යනුවෙනි. මෙහි සැබෑ අරුත ගැන නොදන්නා බොහෝ දෙනා කල්පනා කරනු ඇත්තේ මෙය කුමක්ද යන්නයි.
ශ්‍රි ලංකාවත් ඉන්දියාවත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයවාදීන්ට නතුව තිබූ කාලයේ එනම් 1927 වසරේ නොවැම්බර් මස 10 වැනි දින මහත්මා ගාන්ධිතුමන් ශ්‍රි ලංකාවට සැපත්ව වෙන්නප්පුව, නයිනමඩම ග්‍රාමයට පැමිණ ඉන්දියාවේ නිදහස වෙනුවෙන් තමන් ඇරඹි අවිහිංසාවාදී ස්වරාජ්‍ය ( නිදහස්, ස්වෛරී රාජ්‍යයක් ) සංකල්පය පිලිබදව එවකට ශ්‍රි ලංකාවේ නිදහස වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ ජන නායකයන් ඇතුළු ප්‍රභූ පිරිස දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැත්විය.
මෙම ථෙතිහාසික සිදුවිම සමරමින් ගාන්ධි තුමන්ගේ 139 වැනි ජන්ම දින සංවත්සරය සැමරීමේ විශේෂ උත්සවයක්ද 2008/10/02 දින සවස නයිනමඩම වික්ෂෝප මාතා දේවස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදි
නයිනමඩම මීසමත්, මහත්මා ගාන්ධි පදනමත් සහ දහම් පහන සංවිධානයත් එකට එකතුව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
එම සුවිශේෂී වූ ගෞරවාන්විත අවස්ථාව සිහිවීම පිනිස එලෙස එතුමන්ගේ පාද ස්පර්ශය ලද නයිනමඩම ග්‍රාමයේ වික්ෂෝප මාතා දෙව්මැදුරු පරිශ්‍රයේ ප්‍රධාන ද්වරය අසල සමරු පලකයක් නිරාවරණය කිරීම ද මෙම ජන්ම දින සංවත්සරයට සමගාමීව එදා සිදුකර තිබුණි.

1927 වසරේ නොවැම්බර් මස 10 වැනි දින ගාන්ධිතුමන් නයිනමඩම ග්‍රාමයට පැමිනි ඒ සුවිශේෂී ඓතිහාසික අවස්ථාවේදී ගාන්ධිතුමන්ට මල් මාලාවක් පැලදූ එවකට වයස අවුරුදු 06 ක්වූ කුඩා සිගිති දැරියක්ව සිටි බර්තා ප්‍රනාන්දු මහත්මිය

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more
ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම් පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.
ලලිත් සහ කුගන් දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන
ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය