කවිය

ඉල් මහේ ගැයෙන ගී නුඹලගෙයි...............

 

ඉල් මහේ ගැයෙන ගී නුඹලගෙයි...............

 

එකෝමත් එක කාලෙක
සාපලත් බිම් කඩක
මල් පිපෙන්න තහනම් කළා
පැණි නැති නිසා
සමනළුන් මියැදුනා
අමාවක හැමදාම
තරැත් පායන්න බයවුණා
ලේ සුවද ඉව කරණ
කෙල පෙරන දඩ බල්ලො
මේ බිමේ රජ වුණා

තැනින් තැන අතු අගින්
හිරු නොමැති දවාලක
පුන්චි රතු මල් පීදුනා
මහ ගසුත් තැතිගෙන
බලාඉද්දී නිහඩව
පුන්චි මල් තනිවම
පීදෙන්න උත්සහ කළා
තහනම් සොහොන් බිමක
මලක් උන වරදට
ගස් පිටින් ගිණි තබා වැනසුවා
ඉතින් උන් සැනසුනා
සියල්ල අවසන් කියා

මතකද ඇරීනාවෙ
පීදෙන්න වෙර දරපු
සුවද මල ස්පාටකස්
අනේ උන් පොඩි කරල වැනසුවා
උන්ට අමතක වුණා
වහල් බවෙ නිසරු බිම
ඒ මලින් පොහොසත් වුණා
මල් නොපිපි වසන්තෙක
පණ නසපු මල් වලින්
සාරවත් බිම් කඩෙහි
ඊළග වසන්තෙක
වහල් බවෙ දුගද පළවා
අතු අගින්
සුවද සුදු මල් පීදුණා

නිරුවත් දෙපා තබමින්
ඇවිදිනා කළ මේ පොළවෙ
තාමත් නුඹේ උණුසුම දැනෙනවා
නුඹේ රුධිරෙන් පෝෂිත බිම් කඩෙහි
උදාවෙන වසන්තෙක
පීදෙන්න බලාගෙන
තාමත් රතු කැකුළු ඉන්නවා
අදටත් මේ පොළව
සාරවත් මදිනම්
ඉතිහාසෙ ආයෙත්
එකතැනම කැරකෙයිද හිතෙනවා
උදාවෙන වසන්තෙක
අතු පතර වසාගෙන
රතු මල් පීදෙනා තුරු
මේ සිහින දරණ බව
මහ පොළවෙ අතගසා දිවුරනා
මගේ හදවත
පිපුණු රතුමල් රැගෙන දෝතට
කදුළු පැනින් දෝවනය කර
පුදන්නේ නුඹලටයි
ඉල් මහේ ගැයෙන ගී නුඹලගෙයි...............

[ රිවිහාර පින්නදූව ]

 

‘වමේ පියවර’

IMG 281

vivara-fm

vivara-tv

Piya-Luogo

දියකිඳුරි මව්වරුන්

මාතෘත්වයේ ඇති වැදගත්කම නිරූපණය කීරීම සඳහා විශේෂ ඡායාරූප වැඩසටහනක් වෙනුවෙන් මෙම ඡායාරූප ගනු ලැබුවේ ඇමෙරිකානු ජාතික ඡායාරූප ශීල්පී ආදම් ඕප්‍රිස්...