පාරිසරික

මැයි දිනයේ පසු විපරම- විලංගු දැමූ සාමයක මොඩල් ධනවාදය

maggioජාත්‍යන්තර කම්කරු දිනය සංකේතවත් කරන මැයි පළමු වැනි දා ලෝකයේ සෑම රටකම පාහේ රතු කොඩි, බැනර් පුවරු අතින් ගත් ජනතාව එක් රොක් කර ගත් දේශපාලන පක්ෂ, කණ්ඩායම්, වෘත්තීය සමිති යන සමාජ බලවේග විසින් තනි කනියමත් එක්සත්වත් මැයි දිනය සමරණු ලැබීම සුලභ හා කැපී පෙනෙන අවස්ථාවකි. රටින් රටට, දේශපාලනික සන්දර්භයන්ට අනුව මෙම සැමරුම් වෙනස් වන අතර මැයි දිනයේ මූලික හරය වන්නා වූ අයිතීන් වෙනුවෙන් හඬ නැගීම සමස්ථයක් ලෙස පොදු කාරණාවක්ය. මැයි දිනය පිළිබඳව පසු විපරමක් කිරීම සඳහා හේතුවන කාරණා කිහිපයක් නිසා මෙම සටහන තැබීමට බලාපොරොත්තු වෙමි. මේ සඳහා ස්විස්ටර්ලන්යේ මැයි දිනය හා ඒ තුලින් දෘෂ්‍යමාන හා අදෘෂ්‍යමාන ලෙස කියැවෙන දේශපාලනය පිළිබඳ  යම් අදහසකට පැමිණීමට හැකි වනු ඇත්තේ, ස්විස්ටර්ලන්තය යන්න ලෝකයේ තිබෙන බොහෝ රටවල් අතරින් සුවිශේෂී රටක් වන බැවිනි. එනම් ඊට ආවේනික සුවිශේෂී ධනේෂ්වර රාජ්‍යයක් වීම, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම්,  සාමය හා සංහිඳියාව ආදී සංකල්ප වල පරිභෝජන සංස්කෘතියක් ඇති සමාජයක් ලෙස මූර්තිමත් වීම හා ඒ පිළිබඳ පරමාදර්ශීබවක් පෙන්වමින් වෙනත් සමාජයන් උදෙසා ආදේශ කිරීමේ උන්නදුවක්, උත්සාහයක් හා ප්‍රේරණයක් පෙන්නුම් කරන නිසාස.

මෙහි ඇත්තක් තිබේද? එම ඇත්ත තේරුම්ගත හැක්කේ කෙසේද. ඇත්තක් තිබේද යන්නට මගේ පිළිතුර නම් එහි ඇත්තේ අර්ධයකට වඩා අඩුවෙනි. තේරුම්කර ගත හැක්කේ කෙසේද යන්නට පිළිතුර ඇත්තේ අප මේ දෙස බැලීමට උපයෝගී කරගන්නා දෘෂ්ටියේ තරම අනුවය. මතු පිටින් පෙනෙන හා ව්‍යුහාත්මකව සිදුව සමාජ සුභසාධනය හා අයිතීන් ශක්තිමත් කර ගැනීමේ සිවිල් සමාජ මැදිහත්වීම සුවිශේෂීව පවතිද්දී, හා එම හඬ යට ඇති ප්‍රාග්ධනයේ ක්‍රියාකාරිත්වය හා ලාභ සමුච්ඡකරනයේ දී ගන්නා පිළිවෙත්වල ඇති විශේෂත්වය ලෝකයේ කොහෙත් ඇති ධනේශ්වර ක්‍රෙමොපායන්ගේ ඇති සම්මුතීන්ට සමාන වනු ඇත. වෙනස් හා ඊට ආවේනික ධනවාදී සමාජ මොඩලයක් ඇති ස්විස්ටර්ලන්තයේ සමාජ සංස්කෘතිය හෝ එහි අන්තර්ගත ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය පරමාදර්ශයක් ලෙස ලෝකයට පෙන්වීමට හෝ අප වැනි රටකට ආදේශ කරන්නට මතු පිට ඇති ගුණාංගවලින් උත්සාහ ගන්නේ නම් එය කිසිසේත්ම කළ නොහැකි වනු ඇත. එහෙත් ස්විස්ටර්ලන්තය ඊට යහපත් සමාජ හිතැති සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම සඳහා භාවිත කරන දේශපාලන ක්‍රමයෙන් නම් ඉගෙන ගැනීමට බොහෝ දෑ ඇත. නමුත් එයින් කිසිවිටෙක ධනේශ්වර ක්‍රමය සාධාරණීයකරණය කර ගැනීමට යෑම කිසිවිටකත් සාධාරණ නොවනු ඇත.

ප්‍රංශය ඉතාලිය ජර්මනිය හා ඔස්ට්‍රියාවෙන් වට වී ඇති මෙම කුඩා රාජ්‍යය, ඊට ආවේනික අනන්‍යතාවක් අත්කර ගෙන ඇති රහස වශයෙන් මතු පිටට ගෙන ඇති ජනප්‍රිය ලේබලය වන්නේ චීස් චොකලට් හා ඔර්ලෝසු වුව ද, එයින් රටක් සංවර්ධනය විය හැකි වුවද විශාල පරිමාණයේ දිගුකාලීන සැලසුම්වලට අයෝජනය කරන මුදල් සම්භාරය ද, රට තුල සුභ සාධනය සඳහා වැය කරන මුදල හා අය කරන බදුවල ප්‍රමාණය ද, සෘජු ප්‍රජතන්ත්‍රීය  මහජන උවමනාවන් සාක්ෂාත් කර ගන්න ජනතා හිතැති පනත් මගින් සමාජයට ලැබෙන ප්‍රතිලාභ ද යන කාරණා වලින්, ස්විස් රාජ්‍යට කොපමණ ප්‍රමාණයෙන් සාමය පිළිබඳ පරමාදර්ශය පෙන්වීමට හැකි වුව ද, ගැලවිය නොහැකි ආචාර ධාර්මික කළු හදවතක් ඇත්තේ ස්විස් බැංකු ක්‍රමය හා එක් අතකින් අභ්‍යන්තරික සාමය පවත්වා අනෙක් අතින් ආයුද වෙළෙඳාම කරගෙන යාමේ දෙබිඩි බවත්, ඒ තුලින් සමුච්ඡගතකර ගන්නා අප්‍රමාණික කලු සල්ලි ලාභය නිසාය. ලෝකය පුරා හොරුන්ගේ, වංචාකාර රාජ්‍ය නායකයින්ගේ අයුක්ති සහගත මුදල් සම්භාරය ඇත්තේ ස්විස් බැංකුවලය. සමහර ගිණුම්වල ඇති මුදල් අයිතිකරුවන්ට පවා ආපසු ලැබෙන්නේ නැත. එයට ලඟම උදාහරණය වන්නේ ලිබියාවේ හිටපු නායක ගඩාෆීගේ මුදල් හා ඊජිප්ත්වේ නායකයාගේ මුදල්ය. පසුගිය වසරේ දී ලංකවෙන් ද පුද්ගලයන් 18 දෙනෙකුගේ පමණ මුදල් ස්විස් බැංකුවල තැනපත් කර ඇති බවට වූ තොරතුරු වලින් තේරුම් ගන්නට ඇත්තේ මෙම මුදල් තැන්පත්කරුවන් නිසැකයෙන්ම වර්තමාන ආණ්ඩුවේ බලවතුන් වන අතර එම මුදල්වල ඇති යුක්තිසහගත බවය.

සමාජ ක්‍රමයක් ලෙස ස්විස්ටර්ලන්තය වර්ණනා කළ හැකි පරිසරයක් ලෝකයට සාපේක්ෂකව හා පුද්ගලත්වයට අනුව පැවැතිය ද, ලෝක ක්‍රමයක් ලෙස පවතින ධනවාදයේ තර්කයට අනුව හා එයින් ප්‍රතිපල ගෙන දෙන, ඇති නැති පරතරයේ අප්‍රමාණික වෙනස මේ මගින් සාධාරණය කළ නොහැකි අතර, එය කළහොත්එය කළ හැකි වන්නේ ලෝකයට කරනුයේ අසාධාරණයක් බව අමතක කිරීමෙන්ය. ස්විස්ටර්ලන්තය පිළිබඳ බහුවිධ මානයන්ගෙන් සාධනීය දෑ ද කතා කළ හැකි අතර ලංකාව වැනි රටකට ගත හැකි සමාජ හරයන් ද ඉමහත් ප්‍රමාණයත් ඇතැත්, රාජ්‍ය හා එහි භයංකරත්වය හරය අතින් සමාන බවත් සංකේතිය හා චර්යාත්මක වශයෙන් හා සංස්කෘතික වශයෙන් වෙනස් යන්න කීමට අවැසි නිසා මෙම සටහන මැයි දිනය ආශ්‍රිතකර ගෙන ලින්නට පොළඹවනුයේ, රාජ්‍යෙය් මතාවාදි මර්ධන යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමේ නූතන මාදලිය ලාකා රාජ්‍යෙය් මාතවාදී මර්ධන මාදිලිය අතර වෙනස සිහි ගැන්වීමෙනි.

සූරිච් නගරයේ මැයි රැළිය සංවිධානය කරමින් එය ඇරඹීමට සූදානම් වන්නටත් පෙර සිට, පොලීසිය විසින් ඔවුන්ගේ ආරක්ෂක උපායයන් යොදවා තිබිණි. මතුපිටින් පෙනෙන්නට පුද්ගලයින් ලෙස පොලිස් නිළධාරීන් සිටිය ද නොපෙනෙන ආරක්ෂක ජාලයට තාක්ෂණය උපරිමයෙන් යොදාගෙන තිබිණි. සැක කටයුතු පුද්ගලයින් වේ නම් වහාම පරීක්ෂා කිරීමත් ඊට සම්බන්ධ ක්‍රියාමාර්ග ද ගැනීම කිසිවකුට ප්‍රශ්න කළ නොහැකි වූ ස්වභාවිකත්වයකට පත්කරනු ලැබූ ශක්ති සම්පන්න බව විසින් නිහඬ කර ඇත. එහෙත් සමාජ සංස්කෘතියේ ලබා ඇති යැයි කිව හැකි නිදහසට අනුව පරීක්ෂාවට ලක්වන තැනැත්තාට පෙරලා තර්ක කීරීම හෝ සෘජු හිංසනයකින් හෝ බියකින් තොරව හැසිරීමට නිදහස ඇත. ලංකාවේ පොලීසිය හා මෙහි ඇති වෙනස වන්නේ එය වුවත්, වැඩකරන ජනතාවගේ මැයි දිනය වැනි අවස්ථාවක ආරක්ෂක දැල එලා ඇති ආකාරය හා සමස්ථය ඔවුන්ගේ අදිසි ග්‍රහණයට ගනිමින්, විමර්නය කිරීම හා පොලීසිය මාර්ග සියල්ල උපායික ලෙස වටලමින් අවධියෙන් සිටි ආකාරය මගින් කියා පෑවේ “උඹලාට අයිතිය ඇතැත් අපේ සීමාවට යටත්ව ඇත“ යන්න ය. එය ලංකාවට ද ස්විසටර්ලන්තයට ද පොදුය. වෙනස ඇත්තේ රාජ්‍ය ක්‍රමයේ ඊට ආවේනික සංස්කෘතිය තුල මිසක රාජ්‍යෙය් නොවේය. සටන් පාඨවල හා මිනිසුන්ගේ දේශපාලනික උනන්දුවේ පරාරෝපණයක් මැයි රැළිය තුලින් ප්‍රකට වූ අතර,කිසිසේත්ම රටෙහි අභ්‍යන්තරය තුල සමාජවාදය හෝ මාක්ස්වාදී ප්‍රවණතාවකට ඇති ඉඩක් පෙන්නු කරනු නැති බවයි. එවැනි හඬ සහිත සංවිධාන නියෝජනය වූයේ දියස්පෝරා අභිලාෂයන් ලෙසය. ස්විස්ටර්ලන්තයේ  මහ ජන නියෝජිත වාමාංශික සංවිධාන යනු අපගේ වාමාංශික සංවිධානවලට වඩා වෙනස් ය. වාමාංශික වුව ද මාක්ස් ලෙනින්ව පිළි නොගන්නා සංවිධානය. එහෙත් මාක්ස් ලෙනින් සංවිධාන ඇතැත් ඒවා ඉතා කුඩාවන අතර සමාජය සලකණු ලබන්නේ අන්තවාදී දේශපාලනයන් ලෙසය. මෙය එහි ඇති එක පැත්තක් හා මගේ නිරීක්ෂණයට හා දැනුමට තේරුම් ගැනීමට යටත් අදහසකි.

බොහෝ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා කරන අරගලවල ස්වභාවය ලංකාව වැනි රටවල තත්ත්වයට ඩවා හාත්පසින්ම වෙනස් වන අතර පාරට බැස වැඩ වර්ජනය කිරීම් හෝ උපවාස සත්‍යග්‍රහ පා ගමන් වැනි වෘත්තීය ක්‍රියාමාර්ග අල්ප යැයි කීවොත් නිවැරදිය. එහෙත් මෙවැනි රටක මිනිසුන්ගේ අයිතිවාසිකම් සැපිරී ඇත්තේ කෙසේද? අරගලවලින් තොරව ද.

අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වූ අරගලය යන්න දීර්ඝ කාලීන ක්‍රියාවලියක ප්‍රතිඵල නිසා වෙනත් ස්වරූපයකට තල්ලු වී ඇත්තේ ආණ්ඩු ක්‍රමයේ හා ව්‍යවස්ථාවේත් ඇති තත්ත්වයන් හා සිවිල් සමාජයේ ඇති ශක්තිමත්කම නිසාය. එබැවින් ලංකාව වැනි රටක සාමාජික සංස්කෘතික ස්වරූපය තේරුම් ගැනීමට හෝ වෙනස් කිරීමට ස්විස්ටර්ලන්තය වැනි රටක ඇති හරයන් ආදේශ කළ හැකි ද ප්‍රායෝගික ද යන්න පිළිබඳ ඇත්තේ බරපතල ගැටලුවකි. ඉන් ප්‍රධාන ගැටලුව වන්නේ ෆෙඩර්ල් ක්‍රමය හා සෘජු ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පයන්ය. ස්විස් වැනි රටක ඇති පරිසරය දෙස බැලීමෙන් හා ජීවිතය බුක්ති විඳීමෙන් පසු ලංකාවට මේ විදිහට වෙන්න බැරි ඇයි යන ප්‍රශ්නය හිතකට පැමිණිය ද ක්ෂණයකින් පරිකල්පනය විය යුත්තේ එය වන්නේ කෙසේද යනුවෙනි.

වසර හතරක මැයි රැළි නිරීක්ෂණයෙන් පෙන්නුම් කරනු ලැබුවේ ප්‍රවණතාවක් ලෙස ජන සහභාගිත්වය ක්‍රමයෙන් හීන වී ඇති බවය. එය එසේ වෙද්දී මැයි රැළිය යන්න සාම්ප්‍රදායික හා සංකේතීය අංගයක් වෙමින් මාධ්‍යගත කරමින් එදිනට අහිංසක දේශපාලනික සතුටක් ලබමින් නැවත තම තමන්ගේ වැඩක් බලාගෙන ජීවත්වන පසුබිමකටය. ස්විස් වැනි රටක වැඩ කරන ජනයාගේ  ද සමාජ සුරක්ෂිතතාව සාපෙක්ෂකව හයපත් මට්ටමක ඇති නිසාත් අතිමහත් කම්කරුවන්ගේ අනන්‍යතාව හා ජීවිත සිහිනය රටින් පිටත ඇති වෙනත් එටක් වන බැවින්, ඔවුන්ගේ පීඩනය මැනෙන්නේ තමන් ශ්‍රමය වගුරන රටට හා සාමාජ සංස්කෘතියට අනුව නොව, තමන්ගෙ මුල් රටෙහි ආර්ථික වටිනාකමට අනුවය. එබැවින් කම්කරු අරගලවල සිහිනය හිතන තරමට හා ධනවාදයට විරුද්ධවන තරමට සරළ නැති බව යන හැඟීමෙන් පසුව තබන නිරීක්ෂණ සටහනක අංශු මාත්‍රයකි.  

[උදය ආර්. තෙන්නකෝන්]

 

‘The head of a Mexican drug cartel recently took three suitcases full of money to a Swiss bank and demanded to see the bank president. He asked him,

“How much money does our President have in your bank, I know he deposits his money here.”

The bank president replied, “I am sorry, this is a secret, I cannot tell you, this would violate our bank regulations.”

The man pulled out a pistol and pointed it at the bank president, “Tell me how much money he has here, or I will shoot you!”

The bank president insisted that he could not tell him. The politician fired a shot past him with a silencer and said, “You can see that my gun is loaded, if you don’t tell me, the next shot will be through your head!”

The bank president said in a trembling voice, “You just have to shoot me, I cannot tell you.”

Finally, the Mafioso said, “OK, I trust you that you can keep a secret. I want to deposit my money in your bank.” (Dietrich Fischer)

වමේ පෙරමුණ මගින් සංවිධානය කරනු ලබන සම්මන්ත‍්‍රණය - අනුරාධපුරයේදී

21

‘‘විකල්පය වමෙන් - වමේ බලයක් ගොඩගමු’’ නමින් ජනාධිපතිවරණයට සමගාමීව වමේ පෙරමුණ මගින් පවත්වනු ලබන සම්මන්ත‍්‍රණ මාලාවේ මීළග සම්මන්ත‍්‍රණය දෙසැම්බර් 21 සවස 03.00 අනුරාධපුරයේදී ප්‍රජා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී වමේ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව, මහාචාර්ය සුමනසිරි ලියනගේ සහ ලිනස් ජයතිලක සහෝදරුවරු අදහස් දැක්වීමට නියමිතය.

Dear Mr. President ...........

ඒ අපේ ජනාධිපති  ....අපි කියන්නේ එහෙමයි ... අපිට පුලුහන්ද ජනාධිපති ලගට යන්න... ඔහු එනවද අපිත් එක්ක ඇවිද යන්න ....  ඔහු අහනවද අපි කියනදේ ....

vivara-fm

vivara-tv

Piya-Luogo

දියකිඳුරි මව්වරුන්

මාතෘත්වයේ ඇති වැදගත්කම නිරූපණය කීරීම සඳහා විශේෂ ඡායාරූප වැඩසටහනක් වෙනුවෙන් මෙම ඡායාරූප ගනු ලැබුවේ ඇමෙරිකානු ජාතික ඡායාරූප ශීල්පී ආදම් ඕප්‍රිස්...