පාරිසරික

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගෙඟ් වැලි කැනීමට වනජීවී අමාත්‍යංශයේ ලේකම් නීති විරෝධී ලෙස අවසර ලබාදෙයි

User Rating: / 6
PoorBest 

1වස්ගමුව  ජාතික  වනෝද්‍යානයේ  යාන්ත‍්‍රික  වැලි  කැනීම්  කටයුතු  සඳහා  නීති  විරෝධී  ලෙස  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යංශයේ ලේකම් උදේනි වික‍්‍රමසිංහ මහතා විසින් අවසර ලබා දී තිබේ. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත  වන  සත්ත්ව  හා  වෘක්ෂලතා  ආරක්ෂක  ආඥා  පනතේ  3(ආ)  වගන්තියට  අනුව  ජාතික වනෝද්‍යානයකට ඇතුළු විය හැකි වන්නේ නැරඹීමේ කාර්යයක් සඳහා පමණි. එවන් තත්ත්වයක් පවතිද්දී ජාතික වනෝද්‍යානය තුළ පහි  ටිි අඹන් ගෙඟ් යානත්ක වැලි කැනීමේ කටයතු සඳහා අනුමැතිය ලබාදීම ඉතාම හානිකර හා නීති විරෝධී ක‍්‍රියාවකි.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ, ඇලහැර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 21, ඉකිරිවැව ග‍්‍රාම නිලධාරී වසමේ ජයසිරිපුර, ගෙඟ්යාය ප‍්‍රදේශයේ අඹන්ගෙඟ් වැලි කැනීම සඳහා මෙලෙස නීති විරෝධී ලෙස අනුමැතිය ලබාදී තිබේ. මේ අනුමැතිය මත පදනම් ව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින්2012.10.18 වන දින අංක IML/A/HO/6584    දරන (මාස 06 ක කාලයක් සඳහා වලංගු) කාර්මික කැනීම් බලපත‍්‍රය නිකුත් කර තිබේ. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ පිහිටි අඹන් ගෙඟ් හෙක්ටයාර එකක (අක්කර 2.5 ක්) ප‍්‍රදේශයක වැලි කැනීම් සඳහා මෙලෙස බලපත‍්‍රය නිකුත් කර ඇත්තේ බකමූණ, සමූපකාර මාවතේ අංක 70 දරන ස්ථානයේ පදිංචි සජිත දුලංජන ගුණවර්ධන නැමැත්තෙකු සඳහා ය.

මේ බලපත‍්‍රය බැකෝ යන්ත‍්‍ර භාවිතයෙන් සිදු කරන යාන්ත‍්‍රික වැලි කැනීම් කටයුතු සඳහා නිකුත් කර තිබේ. වැලි  කැනීමට  අඹන්  ගඟට  බැකෝ  යන්ත‍්‍ර  හා  ට‍්‍රැක්ටර්  රථ  ඇතුළු  කිරීම  සඳහා  ජයසිරිපුර,  ගෙඟ්යාය ප‍්‍රාදේශයේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ මායිමේ සකස් කර ඇති විදුලි වැට ගලවා ඉවත් කිරීමට මේ වන විට සැලැසුම් සකස් කරමින් පවතී.

වස්ගමුව    ජාතික    වනෝද්‍යානය    ලංකාවේ    ජාතික    වනෝද්‍යාන    අතුරින්    ඉතාම    සුවිශේෂී    ජාතික වනෝද්‍යානයකි. වලසුන් නැරඹීම සඳහා වැඩි ප‍්‍රසිද්ධියක් උසුලන වස්ගමුව ජාතික වනෝද්‍යානය අලි - ඇතුන් ගේ ප‍්‍රධාන වාසස්ථානයකි. වස්ගමුව, මහවැලිගෙඟ් හා අඹන් ගෙඟ් ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයකි. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 1984.08.07 වන දින අංක 309/4 දරන ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර 33765 ක් පමණ වන වනාන්තර ප‍්‍රමාණයක් වස්ගමුව ජාතික වනෝද්‍යානය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ වනාන්තර ප‍්‍රදේශයට මෙවන් නීතිමය ආරක්ෂාවත් ලබා දී ඇත්තේ ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස ඇති වැදගත්කම හා මහවැලි ව්‍යාපාරය යටතේ වාසස්ථාන අහිමි වූ වන සතුන්ට රැකවරණය සැලසීම ප‍්‍රධාන අරමුණු කර ගෙන ය.2

එවන් වැදගත්කමක් සහිත ජාතික වනෝද්‍යානයක වැලි කැනීම් කටයුතු සඳහා අවසර ලබාදීම හා විදුලි වැටවල් ගලවා ඉවත් කිරීමට අවසර ලබාදීම යනු ඉතාම හානිකර හා නීති විරෝධී  ක‍්‍රියාවකි.විදුලිවැට ඉවත්  කිරීම  හේතුවෙන්  වස්ගමුව  ජාතික  වනෝද්‍යානයේ  සිටින  අලි - ඇතුන්  ජයසිරිපුර  හා  ගෙඟ්යාය ප‍්‍රදේශවලට පිවිසීමෙන් අලි -මිනිස් ගැටුමක් මේ ප‍්‍රදේශවල අලූතින් නිර්මාණය විය හැකි ය. මේ වැරදි තීන්දු තීරණ හරහා නිලධාරීන් උත්සාහ දරන්නේ අලි -මිනිස් ගැටුම තවදුරටත්,නිර්මාණය කර ව්‍යාප්ත කිරීම සඳහා දැයි අපට ගැටළුවකි.

මේ නිසා අප අදාළ බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම නීති විරෝධී හා හානිකර ක‍්‍රියා මැඩ පැවැත්වීමට කටයුතු කරන ලෙසත් වනජීවීන් වෙනුවෙන් වෙන් කළ රක්ෂිත ප‍්‍රදේශවල රැකවරණය තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් ය.

සජීව චාමිකර පරිසර සංරක්ෂණ භාරය

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ යාන්ත‍්‍රික වැලි කැනීම් සඳහා අනුමැතිය ලබාදුන් ලිපිය

3

4

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ යාන්ත‍්‍රික වැලි කැනීම් කටයුතු සඳහා ලබාදී ඇති කාර්මික කැනීම් බලපත‍්‍රය

5

6

vivara-tv

vivara-fm

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේ…

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේරාගනියි

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more

Reply

සම අයිතිය ව්‍යාපාරය 2013 මාර්තු 24 වෙරෝනා

ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම්  පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.

ලලිත් සහ කුගන්  දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන

ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය