Share on facebook

පාරිසරික

වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් අළුත් ඇමතිවරයාගේ අවධානය යොමුවිය යුතු ප්‍රමුකතා කවරේද?

Yala Wetlandජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යහපාලන ආණ්ඩුවේ පරිසර අමාත්‍යාංශය තමන් අතට ගැනීම ගැන පරිසරයට ඇල්මක් දක්වන බොහෝ දෙනා තම සතුට පල කළෝය. නමුත් දින සියයේ කාලසීමාව තුල මෙන්ම ඉන්පසු අගෝස්තු 17 වැනිදා පවත්වන ලද මහා මැතිවරණයෙන් පසුව ඇතිකරගත් දැනට පවතින ආණ්ඩුව යටතේද  ශ්‍රී  ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන්  සියයට පහළොවක් (15%) පමණ පාලනය කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවතින්නේ ඔහුගේ විෂය පථයෙන් බැහැරව වීම ශ්‍රී  ලංකාවේ පරිසර සංරක්ෂණය අතින් සැලකීමේදී විශාල ගැටළු රැසක් ඇතිකරන තත්වයක් බව කිව යුතුය. පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අනුව යමින්ම යහපාලන ආණ්ඩුවේ මුල් දින සියය තුලද වනජීවී සංරක්ෂණ විෂය සංචාරක අමාත්‍යාංශ විෂය පථය තුලට ගොනුකරනු ලැබීම කණගාටුවට කරුණක් නමුත් මේ වන විට එම විෂය තිරසාර සංවර්ධන හා වනජීවී නමින් නව අමාත්යංැශයක් යටතට පත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අනුව මේ වන විට මෙරට වනජීවී සංරක්ෂණය, තිරසාර සංවර්ධන හා වනජීවී ඇමති ධූරය හොබවන ගාමිණී ජයවික්ර ම පෙරේරා මහතාගේ රාජකාරිමය වගකීමක් බවට පත්ව ඇත. මේ වන විට හෙතෙම වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් තම යුතුකම් හා වගකීම් ඉටුකරන ආකාරය පිළිබඳව පරිසරවේදීන් ගේ අදහස්ද ලබා ගනිමින් අවධානය යොමුකරමින් සිටින බව දැනගන්නට ලැබේ. දේශපාලන ක්ෂේත්ර්ය අත්දැකීම් බහුල පළපුරුදු දේශපාලකයෙකු වශයෙන් නමක් දරා සිටින හෙතෙම අප රටේ ගහ කොළ, සතා සිව්පාවා ආරක්ෂා කිරීමට මැදිහත්වන ආකාරය පිළිබඳව පරිසරයට ආදරය කරන සියළු දෙනා මේ මොහොතේ අවධානයෙන් බලා සිටින බව අප සිහිපත්කරනු කැමැත්තෙමු.   

ශ්‍රී  ලංකාවේ වනජීවී සම්පත සංරක්ෂණය කරගැනීම හා කළමනාකරණය කිරීම රටේ ආර්ථික සමාජීය හා සංස්කෘතිකමය අංශයන්ගේ ප්‍රමුඛ අවශ්යමතාවයක් බැවින් අභිනව ඇමතිවරයා ඒ වෙනුවෙන් තමන් වෙත පැවරී ඇති වගකීම නිසි අයුරින් වටහාගෙන නිවැරදි ආකාරයෙන් ක්රි්යාකරනු ඇතැයි අපි උදක්ම අපේක්ෂා කරමු. ඒ වෙනුවෙන් ඔහුගේ ප්‍රමුඛ අවධානය යොමුවිය යුතු අංශ මොනවාද යන්න පිළිබඳව පෙන්වා දීම කාලීන අවශ්යෙතාවයකි. එහිදී මෛත්‍රි පාලනය යටතේ දින සියය ඇතුලත පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ක්රිනයාවට නංවන්නට පොරොන්දුවූ ක්ෂණික සහන වැඩසටහන් පිළිබඳවද අවධානය යොමු කරවීම අත්‍යවශ්‍ය  වේ.

ඒ අනුව,
1.    සත්ව හිංසනය වැළක්වීම සඳහා නීති පැනවීම
2.    අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කරගැනීම හා ඒවායේ මායිම්වල සුරක්ෂිතබව පිළිබඳව වගබලා ගැනීම
3.    පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
4.    දැනට හානි සිදුවී ඇති හෝ විනාශවීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්‍යුත්මක දැනුම උපයෝගී කරගෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගැනීම
5.    සත්ව හා වෘක්ෂලතා ආඥා පනත නොබියව හා පක්ෂග්රායහී බැවින් තොරව දැඩි ලෙස ක්රි යාත්මක කිරීම
6.    සංවර්ධන වැඩසටහන්වල සංකල්පිත අවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්ය කිරීම
ආදී කරනු අවධානයට ලක්කිරීම වැදගත් වේ.

දින සියයේ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී පරිසර අමාත්යාංිශ විෂය පථයෙන් වනජීවී සම්පත් සංරක්ෂණය ඉවත්කර එය වාණිජ්යම පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන සංචාරක අමාත්යාංධශය වැනි පරිපාලන ව්යුසහයකට සම්බන්ධ කිරීමෙන් සිදුකල වරද යම්තරමකට හෝ නිවැරදි කිරීමට මේ වනවිට කටයුතු කර තිබීම සාධනීයය. එම තත්වය ඉවහල් කරගනිමින් අප රටට හිමි සොබාදහමේ අමිල දායාදයන් සුරක්ෂිතකර තැබීම අමාත්ය්වරයා ඇතුළු සියළු බලධාරීන්ගේ යුතුකම හා වගකීම වන්නේය. ඒ සඳහා මෛත්රී්පාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ලබා දුන් ඉහත සඳහන් මැතිවරණ පොරොන්දු ඉටුකිරීම ප්රීමුඛ අවශ්යසතාවයක් විය යුතුය.සත්ව හිංසනය වැළක්වීම සඳහා නීති පැනවීම ජනාධිපතිවරයාගේ ප්ර ධාන මැතිවරණ පොරොන්දුවකි. එසේම සත්ව හා වෘක්ෂලතා ආඥා පනත නොබියව හා පක්ෂග්රාාහී බැවින් තොරව දැඩි ලෙස ක්රිකයාත්මක කිරීමට කටයුතු කරන බවට හෙතෙම පොරොන්දුවී තිබේ. මෙරට වනාන්තර හා වනජීවීන් සංරක්ෂණය කරගැනීමේ නීතිමය අඩිතාලම වන්නේ 2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත1937 අංක 02 දරණ වන සත්ව හා වෘක්‌ෂ ලතා ආරක්ෂක ආඥපනත ය. එම පනත මගින් මෙරට වනජීවීන් හා ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂාකරදීම සඳහා ප්රනමාණවත් තරම් ප්රඅතිපාදන සපයා ඇත. එබැවින් සත්ව හිංසනය වැළක්වීම සඳහා නව නීති පැනවීම හෝ පනතේ ඇති යම් යම් අඩුපාඩු නිවැරදි කිරීම පසෙක තබා එම පනත නොබියව හා සෘජුව ක්රිීයාත්මක කිරීමට කටයුතු සකස් කල යුතුය. නමුත් පසුගිය කාලය පුරාවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එසේ සිදු කර නොතිබීම පිළිබඳව ඇමතිවරයාගේ ප්ර මුඛ අවධානය යොමුවිය යුතුය. නොබියව හා සෘජුව වනජීවී සංරක්ෂණ නීතිය ක්රි්යාත්මක කල නිලධාරීන් දිගින් දිගටම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ කෙනෙහිළිකම් වලට ලක්වීම සිදුවිය. එසේම නීතිය ක්රි්යාත්මක කිරීම මගහරින ලද නිලධාරීන් සම්බන්ධයෙන් කිසිඳු විනය ක්රිවයාමාර්ගයක් නොගැනීමද සිදුවිය. උදාහරණයක් ලෙස නීතිවිරෝධී අලි පැටවුන් ජාවාරම වැලැක්වීම සඳහා දිවිහිමියෙන් කටයුතුකළ නිලධාරීන්ට සිදුවූ කෙනෙහිළිකම් දැක්විය හැකිය. එසේම පසුගියදා මාදුරුඔය ජාතික උද්යාදනයේ ඇතුන් දෙදෙනෙකු ඝාතනය කර ඇත් දළ පැහැරගෙන ගිය වනජීවී අපරාධකරුවන් සම්බන්ධයෙන් කිසිඳු විමර්ශනයක් සිදු නොකිරීම හා එසේ විමර්ශන මගහරින ලද නිලධාරීන්ට එරෙහිව විනය ක්රිමයාමාර්ග නොගැනීම ද දැක්විය හැකිය. ඒ එවැනි උදාහරණ කිහිපයක් පමණි. වන සත්ව හා වෘක්‌ෂ ලතා ආරක්ෂක පනත නොබියව හා පක්ෂග්රාිහී බැවින් තොරව දැඩි ලෙස ක්රිායාත්මක කිරීමට ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු පනතේ බලධරයා ලෙස පත් කල යුතුබව අප දැඩිව විශ්වාස කරමු. එම පනතේ බලයලත් නිලධාරියා වන්නේ වනජීවී අධ්යයක්ෂ ජනරාල්වරයා ය. පසුගිය දීර්ඝ කාලසීමාව තුල ඔහුගේ ක්රිකයාකලාපය ඉතා බරපතල ලෙස සැකයට තුඩුදෙන කරුණු වලින් ගහනය. මව් සතුන් මරා වනාන්තරවාසී අලි පැටවුන් පැහැරගෙන විත් රුපියල් කෝටි ගණනට විකිණීමේ ජාවාරම මැඩලීමට කටයුතු නොකිරීම, ඊට යම් යම් ආකාර වලින් ආධාර අනුබල දීම, දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අලි පැටවුන් ජාවාරම පිළිබඳව සිදුකරන විමර්ශන වලදී පරස්පර සාක්ෂි හා වාර්තා සැපයීම වැනි දහසකුත් එකක් වංචනික ක්රිවයා සම්බන්ධයෙන් වර්තමාන වනජීවී අධ්යෂක්ෂ ජනරාල්වරයාට චෝදනා එල්ලවේ. නමුත් එසේ තිබියදී ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකිරීමට පවා දේශපාලන අධිකාරිය මේ දක්වා කටයුතු කර නැත. දුෂිත නිලධාරීන්ගෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුදවාගෙන එහි සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම සිදු නොකර වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත නොබියව හා පක්ෂග්රා හී බැවින් තොරව දැඩි ලෙස ක්රි යාත්මක කිරීමට අවශ්ය  පසුබිම අභ්ය්න්තර හා බාහිර වශයෙන් සැකසීම සිදුකල නොහැකි බැවින් එය අභිනව ඇමතිවරයාගේ ප්ර මුඛ වගකීමක් විය යුතුය.

අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කරගැනීම හා ඒවායේ මායිම්වල සුරක්ෂිතබව පිළිබඳව වගබලා ගැනීමද කාලීන අවශ්ය තාවයකි. මෙරට වනජීවී රක්ෂිත ජාලය ආරක්ෂා කරගැනීම වැදගත් වන්නේ වන සතුන් සඳහා පමණක් නොවේ. එමගින් සංචාරක කර්මාන්තය ඔස්සේ රටට විදේශ විනිමය උපයා ගැනීමට හැකියාව පවතිනවා සේම රටේ බලශක්ති අවශ්ය්තාවය සපුරා ගැනීමට ඉවහල්වන ජලවිදුලි උත්පාදනය සඳහා වැදගත්වන ජලාශ වල ජල පෝෂක ප්රාදේශ ආරක්ෂා වීම සිදුවේ. එසේම රටට බත සපයන කෘෂිකර්මාන්තයට අවශ්යව ජලය ලබා දීමටද මෙම ජල පෝෂක වැදගත් මෙහෙයක් ඉටු කරයි. එසේම මෙරට බොහොමයක් පුරාවිද්යාල ස්ථාන වනජීවී රක්ෂිත තුල පිහිටා ඇති බැවින් ඒවාටද මෙමගින් නිරායාසයෙන්ම ආරක්ෂාවක් සැලසේ. මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය රටේ සමාජාර්ථික වටිනාකම් ඉහල දැමීමට ඉතා වැදගත් වන්නේ එබැවිනි. එසේ හෙයින් වනජීවී රක්ෂිත ජාලය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්ය. කෙටි මධ්ය  හා දීර්ඝකාලීන වැඩපිළිවෙල ක්රිේයාත්මක කිරීමද අභිනව ඇමතිවරයාගේ ප්රාමුඛ වගකීමකි. සංචාරකයින්ට වනජීවීන් පෙන්වා මුදල් උපයාගැනීම සඳහා සිදුකෙරෙන සුළු සුළු නඩත්තු කටයුතු හැරුනුකොට වනජීවී රක්ෂිත ආරක්ෂා කරගැනීමට අවශ්යා සාධනීය මැදිහත්වීම සිදුකිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතපසුකර දමා ඇත. යටත් පිරිසෙන් මෙරට ජාතික උද්යානන සඳහා පස් අවුරුදු කළමනාකරණ සැලසුම් සකස් කිරීම වත් අදාල බලධාරීන් විසින් නියමිත පරිදි සිදුකර නැත. ගෘහාශ්රි ත ගවයන්, ගංජා වගාවන්, නීති විරෝධී දැව හෙළීම්, ඛනිජ ද්රයව්ය  රැස්කිරීම්, දඩයම්, හෝ අනවසර ඉඩම් අල්ලා ගැනීම් ඈ නොයෙක් විනාශකාරී මිනිස් ක්රිියාකාරකම් වලින් වනජීවී රක්ෂිත ආරක්ෂා කර ගැනීමට හා වනජීවීන්ට හිතකර සුපෝෂිත සාමකාමී වටපිටාව වනජීවී රක්ෂිත තුල නිර්මාණය කිරීමට දෙපාර්තමේන්තුව ප්රටමාණවත් මැදිහත්වීමක් සිදුකර නැත. නියං සමයේ වනජීවී අපරාධ වැළක්වීමේ වැටලීම් ආදීය මේ වන විට දෙපාර්තමේන්තුවේ අතීත මතකයක් පමණක් බවට පත්ව ඇත. එබැවින් අවශ්යම ආකාරයෙන් වනජීවී පරිපාලනය ශක්තිමත් කර වනජීවී රක්ෂිත ආරක්ෂා කිරීම සඳහා අවශ්යළ කඩිනම් ක්රියයාමාර්ග ගැනීම ඇමතිවරයාගේ ප්ර්මුඛ වගකීමකි.

එමෙන්ම දැනට වනජීවී රක්ෂිත ලෙස ප්රමකාශයට පත්කර ඇති ප්රීදේශ වලින් පරිබාහිරව පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා අවශ්යන පියවර ගැනීමද ඇමතිවරයාගේ ප්ර්මුඛ වගකීමකි. එය ප්රශධාන ආකාර දෙකක් යටතේ විග්රීහ කල හැකිය. පළමුවැන්න අනාරක්ෂිත තත්වයේ පවතින පාරිසරික වශයෙන් වටිනා භූමි භාග ජාතික රක්ෂිත හෝ අභයභූමි වශයෙන් ප්රඅකාශයට පත්කිරීම ය. ඒ යටතේ උතුරු ප්රභදේශයේ ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබූ නමුත් ඉකුත් ආණ්ඩුවේ අත්තනෝමතික ක්රිකයාකලාපය නිසා යථාර්තයක් බවට පත් නොවූ වනජීවී රක්ෂිත 16 ප්ර්කාශයට පත්කිරීම වර්තමාන වනජීවී විෂය භාර ඇමතිවරයාගේ ප්ර්මුඛ කාර්යක් විය යුතුය. එසේම දිවයින පුරා විසිරී ඇති තවත් එවැනි අනාරක්ෂිත සුවිශේෂී පරිසර පද්ධති හඳුනා ගැනීම සඳහා ප්රා.රම්භක සමීක්ෂණ (preliminary survey) සිදුකිරීමද අත්යශවශ්ය් ය.     

දෙවැන්න නම් වනජීවී රක්ෂිත වලින් බැහැරව විශේෂයෙන් අලි ඇතුන් ජීවත්වන ප්රණදේශ හඳුනාගෙන ඒවා නිසිපරිදි කළමනාකරණය කිරීමට අවශ්යර ක්‍රියාමාර්ග ගැනීමය. එය මේ වන විට ප්‍රභල ගැටළුවක් බවට පත්ව ඇති අලි - මිනිස් ගැටුම කළමනාකරණය කරගැනීම සඳහා අත්යාීවශ්යඳ සාධකයකි. දැනට වයඹ වනජීවී කලාපයේ දිවි ගෙවන වන අලි ඇතුන් ගෙන් 80% ක්ම දිවිගෙවන්නේ වනජීවී රක්ෂිත වලින් බැහැරව වීම හා වනජීවී රක්ෂිත වලින් බැහැරව හම්බන්තොට දිස්ත්රිික්කයේ වන අලි ඇතුන් 500ක් පමණ ජීවත්වීම කිසිවෙකුටත් රහසක් නොවේ. එම අලි ඇතුන් වනජීවී රක්ෂිත තුලට ගාල් කිරීමේ මිත්යාබවෙන් දැන්වත් අත්මිදී වනජීවී රක්ෂිත වලින් බැහැරව ජීවත්වන අලි ඇතුන් වෙනුවෙන් වන අලි කළමනාකරණ ප්රයදේශ (Managed Elephant Range) ස්ථාපනය කර ඒවා නිසිපරිදි පවත්වාගෙන යාමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කල යුතුය. දැනට එවැනි වන අලි කළමනාකරණ ප්රීදේශයක් හම්බන්තොට ප්රකදේශයේ ස්ථාපනය කර ඇති නමුත් එය අසාර්ථකවී ඇත. ඊට ප්ර ධාන ලෙසම හේතුවී ඇත්තේ වන අලි කළමනාකරණ ප්රරදේශ පිහිටුවීම හා ඒවා පවත්වාගෙන යාම සම්බන්ධව නීතිමය රාමුවක් සකස්වී නොතිබීමය. එවැනි භූමි ආරක්ෂාකිරීම සඳහා නීතියේ ප්රනතිපාදන නොවීමය. මෙම තත්ත්වය පිළිබඳව ඇමතිවරයාගේ ප්රටමුඛ අවධානය යොමුවිය යුතුය. අවශ්යි නීති සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීම ඇමතිවරයාගේ වගකීමකි.

දින දින උත්සන්න වන අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා තවදුරටත් යල්පැනගිය යථාර්තවාදී නොවන විසඳුම් යෝජනා කරමින් නොසිට නවීන විද්යාගත්මක ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඒ සඳහා මැදිහත්වීම දෙපාර්තමේන්තුවේ වගකීමය. අතීතයේ සිට අද දවස දක්වා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරට අලි - මිනිස් ගැටුම් පාලනය සඳහා යොදාගෙන ඇති ක්රංමවේද ප්රිධාන ආකාර තුනකි. එනම් අලි ඇතුන් පලවා හැරීම (Elephant drive), මිනීමරුවන් ලෙස හංවඩු ගැසූ වන අලින් පරිස්ථාපනය (Transpocation) හා විදුලි වැට (electric Fence) ය. එම සියළු ක්රනමවේද යල්පැන ගිය හා විද්යාසත්මක පදනමක් නොමැති කටයුතු බවත් එමගින් අලි - මිනිස් ගැටුමෙන් බැටකන අලි ඇතුන්ට හා අසරණ ගැමි ජනතාවට සැනසීමක් නොලැබෙන බවත් මේ වන විට පැහැදිලිවී තිබේ. විදුලි වැට අලි - මිනිස් ගැටුමට ඇති තත්කාලීන විසඳුමක් වන නමුත් එය ද අවභාවිතය නිසා අසාර්ථක වී ඇති ක්‍රමවේදයක් බවට පත්ව ඇති බව කිව මනාය. එසේ තිබියදී තවදුරටත් එම දෙපාර්තමේන්තුව සිදුකරමින් සිටින්නේ රෑ වැටුණු වලේ මහා දවාලේද ඇද වැටෙමින් මහජන මුදල් මකර කටට යැවීමය.

අපගේ මතය වන්නේ අලි - මිනිස් ගැටුම කළමනාකරණය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තනි වගකීමක් නොවන බව ය. එබැවින් තනි අතින් අත්පුඩි ගැසීමට උත්සාහ නොකර මිනිසුන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්රිියාත්මකවන දෙපාර්තමේන්තු හා ආයතන ද සහභාගීකරගනිමින් අලි - මිනිස් ගැටුම පිටුදැකීමට අවශ්යි ක්රිමයාමාර්ග ගැනීම ඇමතිවරයාගේ යුතුකම වන්නේය.     

දැනට හානි සිදුවී ඇති හෝ විනාශවීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්යා ත්මක දැනුම උපයෝගී කරගෙන නැවත ප්රකතිෂ්ඨාපනය කිරීමට පියවර ගැනීමද ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවකි. එයද ඉතා වැදගත් කාලීන අවශ්යීතාවයකි. එය සිදුකිරීමට ආණ්ඩුවට සැබෑ අවශ්යවතාවයක් ඇත්නම් විල්පත්තු ජාතික උද්යාානයට උතුරෙන් වනසා දැමුණු වනාන්තර ප්ර දේශ ප්රරතිෂ්ඨාපනය කිරීමෙන් එය ආරම්භකළ හැකිය. පරිසර සංවිධාන, රාජ්යද නොවන ආයතන විශ්වවිද්යාදල හා වෙනත් උනන්දුවක් දක්වන පිරිස් වලින් මේ සඳහා අමාත්යයවරයාට සහය ලබා ගත හැකිය.

අවසාන වශයෙන් සංවර්ධන වැඩසටහන්වල සංකල්පිත අවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්ය කිරීමද අනාගතයේදී තවදුරටත් පරිසර විනාශයන් සිදුවීම වලක්වා ගැනීමට ඉවහල්වේ. තිරසාර සංවර්ධන අමාත්යවවරයා වශයෙන් එම වගකීමද දැරීමට අමාත්යල ගාමිණී ජයවික්රනම පෙරේරා මහතාට සිදුවේ. මෙහිදී අප අවධාරණය කරගත යුත්තේ එක් එක් සංවර්ධන ව්යා පෘති ක්රිරයාත්මක කිරීමේදී සිදුකෙරෙන පරිසර බලපෑම් ඇගයීම් ( Environmental Impact Assessment) ක්රිරයාවලිය මේ වන විට යල්පැන ගොස් ඇති බවයි. එමගින් අදාල ව්යායපෘතිය කෙසේහෝ අනුමතකරවා ගැනීම සඳහා ව්යාාජ තොරතුරු ඇතුලත්කර  යථාර්තය සඟවමින් සකස්කරන පරිසර බලපෑම් ඇගයීම් වාර්තා මත පදනම්ව බලධාරීන් ව්යාුපෘති අනුමතකිරීම සිදුකරන බව නොරහසකි. එබැවින් පරිසර බලපෑම් ඇගයීම් ක්රිලයාවලිය මගින් මෙරට පරිසර සංරක්ෂණයට අත්වන සෙතක් නැත. සිදුවිය යුත්තේ දිවයිනේ එක් එක් භූගෝලීය ප්රාදේශ හෝ පරිපාලන ප්රරදේශ සඳහා රජය මගින් සමෝධානිත උපායමාර්ගික පරිසර ඇගයීම් (Intigrated Strategic Environment Assessment) සිදුකර පරිසර සංවේදී කලාප හා සංවර්ධනය කළහැකි බිම් හඳුනාගෙන සංවේදී පරිසර පද්ධති ආරක්ෂාකිරීම හා ඉතිරි බිම් සැලසුමකට අනුව කලාපකරණය කර කෘෂිබිම්, නගර, ජනාවාස, හා කර්මාන්ත ඇතිකිරීම සඳහා භාවිතා කිරීම ය. නමුත් අපේ රටේ අමාත්යාං ශ අතර විෂය පථයන් හා ආයතන බෙදීමේ විද්යාරත්මක පදනමකින් නොමැති නිසා මධ්යමම පරිසර අධිකාරිය පරිසර අමාත්යං ශය යටතට පත්වීම මීට භාධාවක් විය හැකිය. එම ආයතනික ගැටළු මගහරවාගෙන රට තිරසාර සංවර්ධන මාවතක් ඔස්සේ ඉදිරියට ගෙන යාම ඇමතිවරයාගේ ප්‍රමුඛ වගකීමකි.

අපගේ මාතෘභූමියට ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය උදාකිරීම සඳහා වර්තමාන ආණ්ඩුව ගෙන යන ඇතැම් වැඩසටහන් සාධනීය බව නොකිව මානය. එපරිද්දෙන්ම මෙරට වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත්වල සුරක්ෂිත බව තහවුරු කිරීමටද පාලකයින් මුල සිටම කැපවීම අත්ය වශ්යන වෙයි. ඒ මන්ද යත් මෛත්රීවපාල සිරිසේන ජනාධිපතවරයා ප්‍රමුඛ ආණ්ඩුව යනු මෙරට මිනිසුන්ගේ මෙන්ම වනජීවීන් හා ගහකොළ වලද අද දවසේ භාරකරුවා වන බැවිනි. තමන්ට සිදුවන යම්කිසි අසාධාරණයක් හෝ  අකටයුත්තක් සම්බන්ධයෙන් හඬ නැගීමට, වීදි බැසීමට හා අරගල කිරීමට මිනිසුන්ට හැකියාවක් ඇත. නමුත් තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි වනසතුන් හා ගහකොළ වල ඉරණම ඔවුන්ට එල්ලවන අසාධාරණයක් හෝ අකටයුත්තක් මගින් නිහඬවම විසඳෙනු ලැබෙන්නේ ඉතා කෘර හා අමානුශික ආකාරයට බව පාලකයින් දැඩිව සිහි තබා ගත යුතුය. අප නිසි අවබෝධයෙන් හා නිරන්තර අවධියෙන් නොසිටියහොත් මෙම අසරණ වනජීවීන්ට හා ගහකොළට සිදුවී ඇති විනාශය වටහා ගන්නා විට අප බොහෝ ප්රයමාධ වැඩි බව අවසන් වශයෙන් ලියා තබනු කැමැත්තෙමු.  

සුපුන් ළහිරු ප්‍රකාශ් ශ්‍රී  ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

vivara-fm

vivara-tv

Piya-Luogo

කුලවාදයට එරෙහිව නැගී සිටි හාර්දික් පටෙල් අත්අඩංගුවට

ගුජරාට් ප්‍රන්තයේ ක්‍රියාත්මක කළ විරෝධතා රැලි සඳහා නායකත්වය ලබා දුන් හාර්දික් පටෙල් අත්අඩංගුවට ගැනිමට ප්‍රාන්ත පොලිසිය කටයුතු කර තිබේ. ඉන්දියාවේ පටෙල්...