පාරිසරික

දැයට කිරුළ මාදුරු ඔය ජාතික වනෝද්‍යානය වනසයි.

 

6දැයට කිරුළ වැඩටහන යටතේ මහ ඔය සිට අරලගංවිල දක්වා මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා අනවසරින්  මාර්ගයක්  ඉදිකිරීම  මේ  වන  විට  සිදු  කෙරේ.  කිලෝමීටර  35  ක  පමණ  දිගකින්  යුත්  මේ මාර්ගයේ කිලෝමීටර 17 ක පමණ කොටසක් මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා ද ඉතිරි කොටස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ප‍්‍රදේශ හරහා ද සකස් කෙරේ.

මෙහි  ඉදිකිරීම්  කටයුතු  ආරම්භ  කිරීමට  ප‍්‍රථමයෙන්  2012.12.14  දින  අංක  වජි/06/01/02/30  දරණ  ලිපිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල් විසින් අම්පාර දිස්ත‍්‍රික් ලේකම් වෙත හා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යොමු කරමින් සඳහන් කර ඇත්තේ මේ මාර්ගය ඉදිකිරීම  නීති විරෝධී බවත් එය ඉදිකිරීමෙන් වනජීවීන් ගේ පැවැත්මට හානිකර තත්ත්වයන් බොහොමයක් උද්ගත වන බවත් ය. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක් ඉදිකරන ලෙසත් මේ මාර්ගය ඉදිකිරීමට අවසර ලබාදිය නොහැකි බවත්  ය.  නමුත්  ඒ  තත්ත්වය  නොසලකා  හරිමින්  මාර්ග  සංවර්ධන  අධිකාරිය  තම  හිතුමනාපයට  නීති විරෝධී ලෙස මෙම මාර්ගය ඉදිකිරීමේ කටයුතු මේ වන විට ක‍්‍රියාත්මක කරමින් තිබේ.

1983 නොවැම්බර් 9 වන දින වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව හෙක්ටයාර 58,850 ක භූමි ප‍්‍රමාණයකින් යුක්තව ප‍්‍රකාශයට පත් කළ මාදුරු ඔය ජාතික වනෝද්‍යානය දෙකඩ වීම මේ මාර්ගය ඉදිකිරීම හේතුවෙන් සිදුවේ. මීට අමතරව අලි සංක‍්‍රමණික ගමන් මාර්ග බොහොමයක් දෙකඩ වීම ද මේ හේතුවෙන් සදුවී ඇත. මාදුරු ඔය ජාතික වනෝද්‍යානය ඔමුණුගල හා තොප්පිගල වනාන්තර පදධ්තිය හා සම්බන්ධව ඇති අතර මේ වනාන්තර පදධ්තිය ඛන්ඩනය වීම මේ මාර්ගය ඉදිකිරීම  හේතුවෙන් සිදුව තිබේ. මීට අමතරව අරන්තලාව අලිමංකඩ දෙකඩ වීම ද මේ මාර්ගය හේතුවෙන් සිදුව ඇත.

මාදුරු  ඔය  ජාතික  වනෝද්‍යානයට,  වස්ගමුව  ජාතික  වනෝද්‍යානයේ  සිට  හා  ඉගිනියාගල  -  නිල්ගල වනාන්තර ප‍්‍රදේශවල සිට අලි - ඇතුන් සංක‍්‍රමණය වේ. මේ නිසා ඉතා විශාල අලි ගහනයක් මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ ජීවත් වන අතර එම සතුන් ගේ පැවැත්මට මේ මාර්ගය ඉදි කිරීම ඉතාම හානිකර ලෙස බලපෑ හැකි ය. මීට අමතරව මේ වනාන්තර පෙ‍්‍රද්ශයේ විශාල ජෛව පජ‍්‍රාවක් ජීවත් වන අතර මාර්ග අනතුරු හේතුවෙන් මිය යන සතුන් ගේ ප‍්‍රමාණය අධික වීම වනෝද්‍යානය හරහා මේ මාර්ග ඉදිකිරීම හේතුවෙන් වර්ධනය විය හැකි ය.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ජාතික වනෝද්‍යානයකට අනවසරින් ඇතුළු වීම, වනජීවී වාසස්ථාන විනාශ කිරීම, මාර්ග ඉදිකිරීම, අනවසරින් රැුදී සිටීම යන සියල්ලම නීති විරෝධී වේ. මේ නීති විරෝධී ක‍්‍රියා සියල්ල සිදු කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය මාදුරු ඔය ජාතික වනෝද්‍යානය තුළ මාර්ග ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.
 
2009 අංක 65 දරන පනතින් සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර ප‍්‍රදේශයක් හරහා මේ මාර්ගයේ කොටසක් ඉදිකිරීම සිදු කරයි. නමුත් එවන් වනාන්තරයක  ශාක  ඉවත්  කිරීම,  එළි  පෙහෙළි  කිරීම,  මාර්ග  තැනීම  හෝ  එසේ  තනන  ලද  මාර්ගයක් භාවිතා  කිරීම  නීති  විරෝධී  ව්.  නමුත්  මාර්ග  සංවර්ධන  අධිකාරය  විසින්  මේ  නීති  රීති  ද  උල්ලංඝනය කරමින් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබේ.4

නමුත්  වනජීවී  සංරක්ෂණ  දෙපාර්තමේන්තුව  හෝ  වන  සංරක්ෂණ  දෙපාර්තමේන්තුව  මගින්  මේ  නීති විරෝධී ක‍්‍රියා මැඩ පැවැත්වීම සඳහා මේ වනතුරුත් කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. වනජීවී සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ  ජනරාල්වරයා  විසින්  ලිපියකින්  මේ  සඳහා  කරුණු  දැක්වීමට අමතරව  මාදුරු  ඔය  ජාතික  වනෝද්‍යානය  තුළ  සිදු  කෙරෙන  නීති  විරෝධී  ක‍්‍රියා  මැඩ  පැවැත්වීමට නිලධාරීන්ට උපදෙස් ලබාදීම මේ වනතුරුත් සිදු කර නොමැත.

මාර්ග සංවර්ධන අධිකාරිය වැනි රාජ්‍ය ආයතනයක් විසින්ම ලංකාවේ නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් රටට ලබාදෙන පූර්වාදර්ශය කුමක් ද? මෙවන් තත්ත්වයක් තුළ ජාතික වනෝද්‍යානයක සිදු කරන අනෙක් නීති විරෝධී ක‍්‍රියාවලට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවක් පවතී ද?

දැයට කිරුළ වැඩසටහන සඳහා මේ මාර්ගය ඉදි කරනු ලබන්නේ අප රටේ ස්වාභාවික සම්පත් වනසා දමමිනි. ඉන් දැයට සිදුවන යහපතක් තිබේ ද? ඒ වෙනුවට සිදු කරනුයේ දැයේ අනාගත පරපුරේ සම්පත් වනසා දැමීමකි. දැයට කිරුළ වැඩසටහන යටතේ දැයේ සම්පත් වනසා දමමින් කුමන යහපතක් අප රටට ගෙන ඒමට උත්සාහ දරන්නේද යන්න ගැටළුවකි.

මේ තත්ත්වය පිටු දැකීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය හා වනජීවී අමාත්‍යාංශය වහාම ක‍්‍රියාත්මක විය යුතුව ඇත. එසේ නොවුනහොත් දැයට කිරුළ හරහා වනසා දැමූ ස්වාභාවික සම්පත් අතරට මාදුරු ඔය ජාතික වනෝද්‍යානය ද එක්වනු නියතය.

2

3

 

සජීව චාමිකර පරිසර සංරක්ෂණ භාරය

1

5

 

 

воскликнул Билл, "Скачать far far away"наливая ей еще кофе.

Старушенция по самый "Скачать на мобильник игру"перманент зарылась в ворох гранок.

Начали "Новинки клубняка скачать"проступать невидимые раньше предметы, в том числе пристройка у стены, "Книги по инновационному менеджменту"футах к шести "Скачать игру спайдермен 3"от куста, за которым притаился Билл.

Я "Моды к игре gta san andreas скачать"не позволю погрузить себя на океанский лайнер, "Книга газ русские машины"пропади они все пропадом, "В тылу врагадиверсанты скачать"и волочь вокруг света.

Осмелюсь доложить, господин "Скачать бесплатно сериал шеф"обер-лейтенант, пропью согласно приказанию.

Долго сидел он, не поднимая "Philips x100 xenium инструкция"головы, склонившись над шеей коня.

vivara-tv

vivara-fm

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේ…

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේරාගනියි

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more

Reply

සම අයිතිය ව්‍යාපාරය 2013 මාර්තු 24 වෙරෝනා

ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම්  පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.

ලලිත් සහ කුගන්  දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන

ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය