ලංකා

ආණ්ඞ්වේ චිත‍්‍රපටියේම දෙවන කොටස මෛත්‍රී කරනව

 

dumiya 2කළගුණ සැලකීමක් ලෙස මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්න යැයි සන්ධානය ඉල්ලන්නේ කිසිදු සදාචාරයක් නොමැතිව යැයි වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව පවසයි. කළගුණ සලකන්න යැයි ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ට දෙවරක්ම ඡන්දය දුන් ජනතාවට කළගුණ නොසැලකූ මහින්ද රාජපක්ෂ බව ඔහු වැඩි දුරටත් පවසයි.

දුමින්ද නාගමුව මේ බව පැවසුවේ (18) මහනුවර පැවති වමේ බලයක් ගොඩනැගීමේ සම්මන්ත‍්‍රණයේදීය. එහිදී ඔහු වැඩි දුරටත් මෙලෙස අදහස් දැක්වීය.

‘‘ අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළගුණ සැලකීමේ ඡන්දයක් තමන්ට ඉල්ලා සිටිනවා, ඔහු කියන්නේ යුද්ධය අවසන් කිරීමට කළගුණ දක්වන්න කියලා. අවු.30ක් තිස්සේ යුද්ධය අපේ සමාජ දේහයේ තුවාලයක් වගේ වේදනා දෙමින් තිබුනා. පාලකයොත් හිගන්නාගේ තුවාලෙ වගේ මේක විකුණගෙන කෑවා. ඒ තමන්ගෙ බලය රැකගන්න. තුවාලය ඔඩු දිව්වට පස්සෙ කකුල කපල මහින්ද දැන් අහනවා, සනීපයක් දැනෙනව නේද කියලා. තුවාලය නැති වුනාම සනීපයක් දැනුනට කකුලක් නැති වෙලයි තියෙන්නෙ. යුද්ධය අවසන් දින කිහිපය විතරක් ලක්ෂ ගණනක් මිය ගියා. මනුෂත්වයට නොගැළපෙන වර්ගයේ මහා අපරාධ සිදුවුණා. එහෙම කරල දැන් කියනවා, ඒ විනාශයට කළගුණ සලකන්න කියලා. තමන්ව බලයට පත්කළ ජනතාවට, මහින්ද කළ ගුණ සැලකුවේ කොහොමද? කම්කරුවන්ගේ අයිතිවාසිකම් නැති කරලා, ඕකට විරුද්ධ වෙනකොට කම්කරුවන්ට වෙඩි තියලා, රොශේන් චානක සහෝදරයව මැරුවා. ඉන්ධන මිල වැඩි කරල පීඩාවට පත්වුන ධීවරයො ඉල්ලීම් ඉල්ලනකොට ධීවරයන්ට වෙඩි තිබ්බා. ඇන්තනී සහෝදරයව මැරුවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න හදනකොට ශිෂේ‍යා විරුද්ධ වුණා. ශිෂ්‍යන්ට කළ ගුණ සැලකුවෙ දහස් ගණනක් විශ්ව විද්‍යාල වලින් එළවලා, ඇස් එළියට එනතුරු පහර දීලා. මහින්ද ගොවියන්ට කළ ගුණ සැලකුවේ, බීජ පනත්, ජල පෞද්ගලීකරණ පනත් හරහා ගොවියන්ගෙ මුළු ජීවිතයම බහු ජාතික සමාගම් වලට සින්නක්කරව ලියල දීලා. දැන් කියනව කළ ගුණ සළකන්නලූ. මේ කරුනු මත ආණ්ඩුවට හොදට සළකන්න කියලා තමයි අපිටත් කියන්න තියෙන්නෙ.
ඒ සැලකිල්ල කරන්න බෑ ‍ෛමතී‍්‍රට ඡන්දය දීල. ඒගොල්ලො හදන්නෙ ආණ්ඩුවට ගොඩනගා තියෙන විරෝධය පික්පොකට් ගහල ආණ්ඞ්වේ චිත‍්‍රපටියේම දෙවන කොටස පෙන්වන්න. මේගොල්ලන්ගෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි, යහපාලනයයි විශ්වාස කරන්න පුළුවන්ද? එජාපයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගන්න පුළුවන්නම්, ඉබ්බන්ගෙන් පිහාටු ගන්නත් පුළුවන්. අද චම්පික රණවකල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න කොමිෂන් සභා හදමු කියනවා, 17වන ව්‍යවස්ථා සංශෝදනය ගේනකොට පාර්ලිමේන්තුවේ සියළු මන්තී‍්‍රවරු ඒකට අත ඉස්සුව එක්කෙනෙක් හැර, විරුද්ධව ඡන්දය දුන්නෙ චම්පික විතරයි. එදා කොමිෂන් සභාවලට විරුද්ධවුණ චම්පික අද කොමිෂන් සභා හදන්න තමන්ට විශ්වාසය තියන්න කියනවා. එදා විරුද්ධ වුන හේතුවයි අද පක්ෂ වන හේතුවයි පැහැදිලි කිරීමක් කරල නෑ. මේ අයව විශ්වාස කරන්න නම්, අපි මෝඩයෝ වෙන්න ඕනෙ. මෝඩයන් බවට පත්වීමේ අවමානයට අහුවෙන්න එපා කියල අපි ජනතාවගෙන් ඉල්ලනවා.

මුස්ලිම් කොංග්‍රසය මෛත්‍රීට

 

hakeemමෙතෙක් මුස්ලිම් කොංග්‍රසයේ අර්බුදයක් ව පැවැති මෙවර ජනාධිපතිවරණයේදී කුමන පාර්ශවයකට උදව් කරන්නේද යන්න පිළිබදව වන තීරණය ගැනීම සදහා වන අවසන් තීරණය එහි නායක රවුෆ් හකීම්ට පැවරෑ අතර ඒ අනුව ඔහු මුස්ලිම් කොංග්‍රසයේ පාර්ශවයන් දෙකෙහි බහුතරය තෝරාගෙන ඇත.




එම බහුතර මතය අනුව මෙවර මැතිවරණයේදී ආණ්ඩුවටඑරෙහිව කටයුතු කිරීම සදහා වන කණ්ඩායමේ තීරණයට හිස නමා මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් පොදු සමග පෙරමුණට ආධාර කිරීම සදහා කටයුතු කර ඇති බව දේශපාන ආරංචි මාර්ග තහවුරු කර සිටී.

හෝටල් වල කෑම අවුල්නම් කියන්න

 

food-colomboකොළඹ හෝටල්වල විකිණීම සදහා සදහා ඇති ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව සම්බන්ධයෙන් ඇති ගැටලූ විසදීමට සදහා කොළඹ මහ නගර සභාව විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී ඇත.

නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පවසන්නේ සතියේ සෑම දිනයකම උදෑසන 8ත් රාත‍්‍රී 10ත් අතර කාලයේදී 0112676161 දුරකථන අංකයට ඒ ගැන පැමිණිලි කල හැකි බවත් පැමිණිල්ලක් ලැබී පැයක් ඇතුළත ඒ සම්බන්ධව නගර සභාව ක‍්‍රියාත්මක වන බවත්ය.

ගම්මන්පිල පිරිමියෙක්ද?

 

hirunikaබස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පිරිමියෙක් දැයි එම පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර  ප‍්‍රශ්ණ කරයි.

අකුරණ පැවති ජන හමුවකදී ඇය මෙසේ ප‍්‍රශ්ණ කර සිටියාය.

‘මම පළවෙනියා නොවී මම දෙවැනියා වෙලා අර ගෙම්බන්පිල පළවැනියා වුණානම් අද වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට යන්න වැලේ වැල් නෑ…කොන්ද පණ නැති මහ ලොකුවට නමට විතරක් ජාතික ඇඳුමක් ඇඳගෙන සල්ලිවලට එහෙට පණිනවා මෙහෙට පණිනවා අන්තිමට මුළු ආත්මයම විකුණලා දැම්මා ඒ මනුස්සයා..මට හරිම කනගාටුයි පිරිමියෙක්ද කියල හිතෙනවා’

සීනුව අවසන් වතාවට නාදවීමට නියමිතය

 

jaffna tamil_peopleලක්ෂයකට වැඩි දෙමළ ජනයාගේ සිරුරු මතින් රණ ගී ගයා කිරිබත් කෑ දකුණේ ජනයාට එවකදී අප කියූ සත්‍ය තමන්​ෙග් දෑස් මස්තකය ඉදිරියට අභිමුඛ වීම ​දෛවෝපගතය. 2009 වර්ෂයේදී රට බේරාගත් රජතුමායැයි කියා රාජස්ත්‍රෝත්‍ර ගැයූ රාජපක්ෂයට හොරා, ඒකාධිපතියා යැයි එම ජනයාගෙන්ම අසන්නට ලැබීම එම ​​දෛවෝපගත දේශපාලන කඩඉම තවත් වර්ණවත් කරනු ලබයි.

එපමණක් නොව සිංහල ජාතිවාදීන්ට සිංහල ජාතිවාදයේ තරම සහ යුධකාමයේ රස කෙසේද කියා දැන ගැනීමට අතුරළියේ රතන හිමි හමුවී තමන් සමග මාවිල්ලාරු ගිය හමුදාව විසින්ම තමන්ගේ පන්සල වටකර පන්සල් අත්පත්කරගැනීමට උත්සහ කිරීමේදී දැනුන භීතිය උන්නාසේගේන්ම අසාගත හැකිය.

තමන් විසින් බිහිකරපු ඒකාධිපතියන් තමන්ට කෙළින කොට කෙතරම් රිදෙනාවද කියා 18 වැනි ව්‍යවස්ථා සංශෝදනය වෙලාවේ එයට සහය දීමට රට ජාතිය වෙනුවෙන් දිවුරූ චම්පික රණවක​ගෙන් අසා දැන ගත හැකිය.

අප එකග වුනද නොවනුද රාජ්‍ය පද්ධතීන් සීසිකඩ කඩා විසුරුවන ඒකාධිපතියෙකු බදාගෙන සිටින විට දැනුන සුවද සහ දැන් ඒ ඒකාධිපතියාගේ සුවද අතර වෙනස පොදු අපේක්ෂක ​මෛත්‍රිපාල සිරිසේනගෙන් අසා දැනගත හැකිය.

එපමණක් නොව සිය බෙල්ල කැපීමට පිහිය ඝාතකයා අතටම දුන් අයුරු රාජිත සේනාරත්න වැනි අයගෙන් අසා දැන ගැනීමට පුළුවන.

කෙසේ වෙතත් ඝාතකයා, ඒකාධිපතියා ගෙදර යැවීමට වගේම ඉදිරියේදී පැමිණෙන ​ඒකාධිපති මකරුන්ගේද හිස් දෙබෑකල හැකි බව පෙන්වීමට පැමිණෙන අවසාන අවස්ථාව ඔබට අපට අභිමුඛ වී ඇත.

ඒකාධිපතියා කිව්වේ ඔහු මේ රටේ අයිතිකාරයා නොව භාරකරයා බවයි. එසේ කියා එකාධිපතියා සැරසුනේ සින්නකර අයිතියට ඔප්පු වෙනස් කරන්නටය. දැන්ටම තමන්ගේ කැමැත්තට ඔප්පුව ලියා අවසන් කර ඇති ඒගැන ජනයාගේ අහන්නට තීරණය කරනු ලැබුවේ තමන්ටත් වඩා තමන්ට රජතුමායැයි කියූ ජනයා ගැන විශ්වාසය ඇති නිසාය. නමුත් දේශපාලන බල්ටි කීපයක් නිසා ප්ලෑන් A අවුල් වූවද තවත් ප්ලෑන් ගණනාවක් ඒකාධිපතියාට තිබෙන්නට අනිවාර්්‍යයෙන් පිළිවන.

ඒකාධිපතියා ගෙදර යෑවීමට උවමනාවට හේතු අපට තිබේ. සහෝදර දෙමළ ජනයා දහස් ගණනක් ඝාතනය කලේද, හලාවත ඈන්ටනිලා, කටුනායක රොෂේන්ලාද, වතුර ඉල්ලු වැලිවේරියේ ජනයාද පෑන අවියක්කර ගත සිවරාම්ලාද, සුගීදරන්ලදා, ප්‍රගීත්ලාද, ලසන්තලාද ඝාතනය කල ඒකාධිපතියා ජනතා අධිකරණයට පැමිණවීමට අවසාන අවස්ථාව අපට ලැබී ති​ෙබ්.

හැබැයි මේකත් පරණ විදිහටම පට්ටම සිංහල ඡන්දයක් වී ඇති බවට ඕනෑවටත් වඩා දේවල් පෙන්නට තිබේ. දෙමළ ජනතාවක් සිටිනවා හෝ ජාතිකත්වය නිසා එම ජනයා පීඩාවට පත්වන අයුරු සම්බන්ධයෙන් “පොදු විපක්ෂය” ද ඒකාධිපතියා තරමටම නිහඩය. ඒකාධිපතියට එරෙහිවන අතරම අප “පොදු විපක්ෂයට ” කියන්නේ ඒ නිහඩ බව නරුමයි කියා ය.

එසේම ඊළග පාලකයා ඒකාධිපතියෙකු නොවනු ඈති බවට විද්‍යාත්මක පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් අපට පවත්නේ දෙගිඩියාවකි. චන්ද්‍රිකා නෝනා සහෝදර මාධ්‍යවේදී නිමලරාජන්ලාගේ ඝාතන සම්බන්දයෙන් දැක්වූ උකටලී බව අපට අමතක නැන.

එසේම සිහල අභියෝගය, කොටි විනිවිදීම වැනි කෘති ලියමින් දෙමළ සමූළ ඝාතනයට මිලිටරි උපක්‍රම සෑදූ හිටපු ආරක්ෂක මණ්ඩල සභික පාඨලී චම්පික වැනි අය නැවත සිංහල බෞද්ධ ඒකාධිපතියෙකු සෑදීමට නොයනු ඇති බවට ඇත්තේ කුමන සහතික කිරීමක්ද? මන්ද එතුමන්ලාගේ ලැජ්ජා නහර කපා ඇති බව අප දන්නා නිසාවෙනි. එවැනි එක නහරක් හෝ ඇත්නම් ඒකාධිපතියන් හොර ඔප්පු ලියනා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සනේන නැත.

එම නිසා ලංකා නම් වූ ​ගන්ධබ්බ දූපත නැවත ප්‍රතී-සංස්කෘතික ගත කිරීමේ අභියෝගය එවෙලේම පවතිද්දී පවා අප යෝජනා කරන්නේ ඒකාධිපතියා ගෙදර නොයවා සිටීමට ඒ කිසිවක් හේතුවක් නොවන බවයි.

ලංකාව ප්‍රති-සංස්කෘතික ගත කිරීමේ මහා පරිමාන ව්‍යාපෘතිය මේ මැතිවරණ ව්‍යාපාරයත් සමගම ඇරඹීම අනිවාර්්‍ය කාර්යයක් වෙයි. දේශපාලඥයන්ට සර්-මැඩම් නොකියා නමින් කථා කිරීමට ජනයාට හයියක් දීමම අලුත් සංස්කෘතිය ඇරඹීමට ප්‍රවේශයකි.

මන්ද සුද්දන් ලංකාවට පැමිණීම නිසා අතුගා දැමුණු වැඩවසම් රාජ උම්මාදයන් 2009 පසු ලංකාව වෙලාගත නිසාවෙනි. රාජ-උම්මදයක් යනු ​කොදු කැඩීමකි. එසේ කැඩෙන කොදු ඔස්වා තැබීම , සංස්කෘතික ගත කිරීම, විනය ගත කිරීම සරල පහසු හෝ ක්‍රියාවලියක් වන්නේ නැත. එසේ කිරීමට අපට ලැබී ඇති අවසාන අවස්ථාව අපට ලැබී ඇත.

ඉදිරියේදී පොදු විපක්ෂයට වඩා අවශ්‍යව වන්නේ ඒකාධිපතියා ගෙදර යැවීමෙන් පසු විවිධ මත ගැටෙන පොදු උවමානවකි.

නමුත් අපට ඇත්තේ එකම එක අවස්ථාවක් පමණි. ඒ සදහා සීනූව අවසාන වතාවට නාද වීමට නියමිතය.

පසන් ජයතිලක


සීනුව අවසන් වතාවට නාදවීමට නියමිතය

පා ගමනට ම්ලේච්ච පොල…

පා ගමනට  ම්ලේච්ච පොලිස් ප්‍රහාරයක්

අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ මූලිකත්වයෙන් සහ දිවයිනේ සියළු උසස් තාක්ෂණ ආයතන ශිෂ්‍යන්ගේ සහභාගිත්වයෙන් අද (22)දහවල් දැවැන්ත විරෝධතා පාගමනක් කොළඹ කොටුව දුම්රියපොළ ස්ථානය අසලින් ආරම්භ වී, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පැවැත්විය. එම පා ගමනට උසස්...

Dear Mr. President ...........

ඒ අපේ ජනාධිපති  ....අපි කියන්නේ එහෙමයි ... අපිට පුලුහන්ද ජනාධිපති ලගට යන්න... ඔහු එනවද අපිත් එක්ක ඇවිද යන්න ....  ඔහු අහනවද අපි කියනදේ ....

vivara-fm

vivara-tv

Piya-Luogo

දියකිඳුරි මව්වරුන්

මාතෘත්වයේ ඇති වැදගත්කම නිරූපණය කීරීම සඳහා විශේෂ ඡායාරූප වැඩසටහනක් වෙනුවෙන් මෙම ඡායාරූප ගනු ලැබුවේ ඇමෙරිකානු ජාතික ඡායාරූප ශීල්පී ආදම් ඕප්‍රිස්...