ලංකා

ජාතික ආණ්ඩු කොට උඩ

 

maithri snd_slfජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ගත් තීරණයට එක්‌සත් ජාතික පක්‍ෂය සහ තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ එකඟ නොවීම හේතුවෙන් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගතව ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට පොරොන්දු වූ පරිදි දින සියයේ වැඩකටයුතු අවසන් කළ වහා අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව මෙම යෝජනාවට එකඟ නොවන පක්‍ෂවල ස්‌ථාවරය වී තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, ජාතික කම්කරු සංගමය, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ඇතුළු පක්‍ෂ රැසක්‌ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවනවාට විරුද්ධත්වය පළකර ඇත.

මේ සම්බන්ධව එක්‌සත් ජාතික ඵක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් එය පිහිටුවනු ලබන්නේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීමෙන් පසුව බවයි.

මහ මැතිවරණයක්‌ පැවැත්වීමට පෙර ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිදු එකඟතාවක්‌ ඇතිකර ගෙන නැති බවත් ඒ මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලද ජනවරම වත්මන් පාර්ලිමේන්තුවෙන් නිරූපණය නොවන බැවින් මහ මැතිවරණයකට යැම අත්‍යවශ්‍ය බවද ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීය.

– දිවයින

“ජෙයකුමාරි නිදහස් කරන්න. නැති නම් නඩු දමන්න “

jayakumarමේ වන විට වැඩිම අවධානයට යොමුව සිටින දේශපාලන සිරකාරිනිය වන්නේ බාලේන්ද්‍රන් ජෙයකුමාරි බව කැෆේ / ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අදහසයි. වසරකට  ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින  බාලේන්ද්‍රන් ජයකුමාරිට එරෙහිව චෝදනා ඇත්නම්  ගොනු කරන ලෙස සහ එසේ නොමැති නම් ඇය නිදහස් කරන  ලෙස  කැෆේ සංවිධානය සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR) රජයෙන් ඉල්ලයි.

නිසි චෝදනා ගොනු කිරීමකින් තොරව ඇය වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ  රඳවා සිටියි. ඇය  පෙබරවාරි 24 වන දින  අධිකරණය හමුවට ඉදිරිපත් කර මාර්තු 10 වන දින දක්වා යළි රැඳවුම් භාරයට පත්කෙරිණ. පසුව ඇය අද දිනයේ (06) කොළඹ, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඇයගේ ඇප අයදුම්පත් සලකා බැලිණ. එය  සලකා බැලූ අධිකරණය, ‘ජෙයකුමාරි නිදහස් කිරීම සදහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිත දැනුම්දීමක් හෝ එවැනි දෙයක් සිදු කර නොමැති බවින් එම නඩුව නැවතත් ලබන 10වනදාට කැදවීමට තීරණය කර තිබේ.

පසුගිය වසරේ බාලේන්ද්‍රන් ජයකුමාරි අත් අඩංගුවට ගැනුනේ එල්. ටී. ටී. ඊ සංවිධානයට නැවත පණ දීමේ අදහසින් කටයතු කළ පුද්ගලයෙකුට රැකවරණය දුන් බවට  චෝදනා කරමිනි. ඇය අත් අඩංගුවට ගෙන වසරකට අධික කාලයක්   ගතවුවද ත්‍රස්ත විමර්ශණ අංශය විසින් ඇයට එරෙහිව මේ වන තෙක් කිසිදු චෝදනාවක් ගොනුකර නොමැති අතර  ත්‍රස්ත විමර්ශන  අංශය දිගින් දිගටම සඳහන් කළේ බාලේන්ද්‍රන් ජෙයකුමාරිගෙන් ප්‍රශ්න කර අවසන් නොමැති බවයි. බාලේන්ද්‍රන් ජෙයකුමාරි 2014 වසරේ මාර්තු 13 වන දින කිලිනොච්චියේදී ද අත් අඩංගුවට ගත් අතර  ඇය බුස්ස රැඳවුම් කඳවුර වෙත යොමු කෙරිණ. ඒ වන විට  13 වන වියේ පසුවු ඇයගේ දියණිය  කිලිනොච්චියේ "මහාදේවන්" ළමා නිවාසය වෙත යොමු කෙරිණ.

පසුගිය යුධමය කාල සීමාවේදී ඇයගේ සැමියා සහ පුතුන් දෙදෙනකු මරාදැමුණු අතර තවත් පුතෙක් ආරක්ෂක හමුදා අත් අඩංගුවට පත්වීමෙන් පසු අතුරුදන්ව තිබේ. අතුරුදන් වු පුත්‍රයා ගේ ඡායාරූපයක්ද රැගෙන ජෙයකුමාරි සිය අතුරුදන්වු පුත්‍රයා සොයමින් අතුරුදන් වුවන් වෙනුවෙන් හඬනගමින් සිටියාය. මේ අතරතුර පොලිසිය ඇයගේ නිවස වටලා ඇති අතර එහි එල්ටීටීඊ සාමාජිකයෙකු රැඳී සිටි බව පොලිසිය කියයි. පොලිසිය දුටු විට ඔහු පළාගිය බවත් පළායන අවස්ථාවේ එම පුද්ගලයා පොලිසියට වෙඩි තැබු බවත්, එයින් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබු බවත් පොලිසිය කියයි.

කැෆේ සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරන්නේ ඉහත සිදුවීම් සත්‍ය නම් පොලිසිය ඒ සම්බන්දයෙන් ඇයට එරෙහිව චෝදනා ගොනුකළ යුතු බවයි. එසේ නොමැති නම ඇය වහාම නිදහස් කළ යුතු බව ද කැෆේ සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.

නව රජය බලයට පත්වීමෙන් පසුවද මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් සහ සිවිල් සංවිධාන මට්ටමින් විවිධ ඉල්ලීම් සිදු කෙරුණද ඇය නිදහස් කිරීමට කිසිදු  වගකිවයතු පාර්ශවයක් මැදිහත් නොවන තත්වයක් දක්නට ලැබෙයි. මේ නිසා ඇය අද (පෙබරවාරි 6 ) දිනයේත් යළි රැඳවුම් භාරයට පමුණුවා තිබේ. ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසය ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කර ඇති අතර ඉතා ඉක්මනින් මෙම ගැටළුව පිලීබද සොයා බලා නිසි විසඳුමක් රජයේ  ලබාදෙන්නේ යැයි අප විශ්වාස කරමු.

යුධ සමයේ නැති වුණු අය දෙන්න යහ පාලනේ

 

jaffna womensයුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තරය විසින් සිදුකරන පරීක්ෂණ ඉක්මන් කිරීම සහ අත්අඩංගුවට ගත් හා අතුරුදන් කළ සිය ඥාතීන් කඩිනමින් නිදහස් කරන්නැයි ඉල්ලා යාපනය නල්ලූර් දේවාලය අසළදී උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්ද ශෂීදරන්  ඇතුළු පිරිසක් අද උපවාසයක් ආරම්භ කරන ලදී.මේ එහි අවස්ථාවයි.

මෝදී ගැන කතා කරන්න සුෂ්මා එයි

indiya amathiඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ඇය දිවයිනට පැමිණියා.

ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇය පැමිණ ඇත.
ඉන්දීය අග්‍රමාත්‍යවරයා ලබන 13 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර එම සංචාරයේදී ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත අතර උතුරේ සංචාරය කිරීමට ද නියමිතව තිබේ.

සමාජ ව්‍යාපාරයක වගකීම පන්තියට දේශපාලනය පක්ෂයට අධ්‍යාපනය

 

anura 3සමාජ ව්‍යාපාරයක වගකීම පන්තියට දේශපාලනය ගෙන යාම බවත් පක්ෂයට අධ්‍යාපනය ගෙන යාම බවත් අනුර කුමාර දිසානායක පවසයි.
රුසියාවේ විප්ලවය සිදු වන විට ඇතැම් ගම්මාන වල වැසියන් ලෙනින්ව නොදන්නා බවත් පංතිය සමාජවාදීන් බවට පත් කර
කිසි දිනක සමාජ පරිවර්ථනයක් කල නොහැකි බවද පවසයි.

වංචා දුෂණ ඇල්ලීම ජවිපෙ කාර්ය වන්නේදැයි උපුල් ශාන්ත සන්නස්ගල ප්‍රශ්න කල අවස්ථාවේදී අනුර දිසානායක මේ බව සදහන් කරන ලදී.
ජනතාවට සමීප මාතෘකා ඔස්සේ ජනතාවට දේශපාලනය ගෙන යාමත් සංවිදානය කිරීමත් සමාජ ව්‍යාපාරයක වගකීම බව ඔහු වැඩි දුරටත් එහිදී
සදහන් කරන ලදී.

කුමාර් ගුණරත්නම් ගැන කවුරු සදහන් කලත් ඔහු පිලිබදව කිසිවක් සදහන් නොකිරීම තම පක්ෂයේ වගකීම බවද ඔහු පවසන ලදී. ඒ අනුව කුමාර් ගුණරත්නම්
යන නම හෝ මාධ්‍ය තුල ප්‍රකාශ නොකිරීමට අනුර වග බලා ගන්නා ලදී.

විශේෂාංග පුවත්

Video - දේශපාලන පක්ෂ විශ්වාස කරලා මේ රට …

Video - දේශපාලන පක්ෂ විශ්වාස කරලා මේ රට හදන්න බැහැ - සරත් ඉද්දමල්ගොඩ පියතුමා

දේශපාලන පක්ෂ විශ්වාස කරලා මේ රට හදන්න බැහැ - සරත් ඉද්දමල්ගොඩ පියතුමා කොළඹ වරාය නගරය කියන්නේ නීතිවිරෝධී ව්‍යාපෘතියකි .මේ ව්‍යාපෘතිය නිසා බොහෝ පාරිසරික ප්‍රශ්න මතුවෙලා තියනවා .කොළඹ නගරයෙන් රටේ ජනතාවගෙන්... Read more

Video - අයවැයට විරුද්ධ වුණේ ඇයි? අජිත්ගෙ…

Video - අයවැයට විරුද්ධ වුණේ ඇයි? අජිත්ගෙන් අහමු!

පසුගිය දා පැවති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 164ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරගේ ඡන්දයයි. අනිත්... Read more

කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ දේශපාලන අයිති…

කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ දේශපාලන අයිතිය උදුරා නොගනු!

  දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු!, අතුරුහන් කිරීම්, පැහැරගැනීම් වහා හෙලිදරව් කරනු!, කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ දේශපාලන අයිතිය උදුරා නොගනු! යන සටන්පාඨ මූලික කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් උද්ඝෝෂණයක් අද (10) ගාල්ල... Read more

Prev Next

Video - දේශපාලන පක්ෂ විශ්වාස ක…

Video - දේශපාලන පක්ෂ විශ්වාස කරලා මේ රට හදන්න බැහැ - සරත් ඉද්දමල්ගොඩ පියතුමා

දේශපාලන පක්ෂ විශ්වාස කරලා මේ රට හදන්න බැහැ - සරත් ඉද්දමල්ගොඩ පියතුමා කොළඹ වරාය නගරය කියන්නේ නීතිවිරෝධී ව්‍යාපෘතියකි .මේ ව්‍යාපෘතිය නිසා බොහෝ පාරිසරික ප්‍රශ්න මතුවෙලා තියනවා .කොළඹ නගරයෙන් රටේ ජනතාවගෙන් බහුතරයට සෙත සැලසෙන්නේ නැහැ . අපේ රටේ ස්වාධීනත්වයට බලපාන ව්‍යාපෘතියක්...

Video - අයවැයට විරුද්ධ වුණේ ඇය…

Video - අයවැයට විරුද්ධ වුණේ ඇයි? අජිත්ගෙන් අහමු!

පසුගිය දා පැවති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 164ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරගේ ඡන්දයයි. අනිත් හැමේම පක්ෂ වෙද්දී එහෙම නැත්නම් විපක්ෂ නොවෙද්දී, ඔහු පමණක් විපක්ෂව...

24032015

 දෙකට නැමුණේ ඇයි?

maithri-nona

දෙකට නැමුණේ ඇයි - රැජිණක් හින්දද?
දෙකට නැමුණේ ඇයි - පුරුද්ද හින්දද?
දෙකට නැමුණේ ඇයි - යටත් කියන්නද?  
දෙකට නැමුණේ ඇයි - මුලින් මෛත්‍රී නැමුනද ?

 

කුමාර් ගුනරත්නම් සහෝදරයාගේ දේශපාලන අයිතිය උදුරා ගැනීමට එරෙහිව

vivara-fm

vivara-tv

Piya-Luogo

කුකුළා කළු වුනේ කොහොමද?

කුකුළා නිතර දෙවේලේ අපේ ඇස ගැටෙන සතෙක්යි ..ඉතිං අපේ ජන වහාරේ  එන කතාවක් තියනවා නිතර දකින කුකුලගේ කරමල සුදුයි කියලා...