ලංකා

අපිට වාසු දේව නානායක්කරගෙන් යමක් අසන්නෙමු.... වාසු දැන් අපිද ආණ්ඩුවේ.....?

wasuබොදු බල සේනා සංවිධානය ඔවුන්ගේ ආරම්භයේ පටන් ම අන්‍ය ජාතික සහ අන්‍ය ආගමික මධ්‍යස්ථාන වලට බලහත්කාරයෙන් කඩා වැදී ප්‍රහාර එල්ල කිරීම පුරුද්දක් බවට පත් කර ගෙන ඇතැයි ජාතික ඒකාග්‍රතාවය භාර ඇමති වාසුදේව නානායක්කාර අවධාරණයෙන් කියා සිටියි.එපමණක් නොව ආගම්වාදී භේද ඇති කරන ආකාරයේ ප්‍රකාශන නිකුත් කරනු ලැබීමට ද බොදු බල සේනා කටයුතු කරන බවයි, වාසුදේව නානායක්කාර ඇමතිවරයා කියා සිටින්නේ.

“ආණ්ඩුව ආණ්ඩුවක් නම්” මෙවැනි සංවිධානයක් මේ ආකාරයට කටයුතු කරනු “නිකම් බලා සිටීමට” ආණ්ඩුවකට හැකිදැයි වාසුදේව නානායක්කාර ඇමතිවරයා ප්‍රශ්න කරයි.

 අපි වාසු දේව නානායක්කරගෙන් යමක් අසන්නෙමු.... වාසු  දැන් අපිද ආණ්ඩුවේ.....?

හෙට තවත් ගෝපිලා මිය යනු ඇත......

tamil comrade

යුද්දය අවසන් බවත් දැන් උතුර සංවර්දනය කරණ බවත් ආණ්ඩුව හැමදාමත් පුන පුනා කීවත්, එල් ටී ටී සැකකරුවන් ලෙස නම් කරමින් උතුරේ මිනිසුන් මරා දමයි.....
සැකකටයුතු පුද්ගලයින් පිරිසක් පලායාමට උත්සාහ දරා ඇති බවත් එහිදී ආරක්ෂක අංශ හා ඇති වූ ගැටුමකදී වෙඩි තැබීමක් සිදුව ඇති බවත්, එකී වෙඩි තැබීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත්, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියන අන්දමය.

මේ අතර ගෝපි ඇතුළු එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තිදෙනෙකු නැදුන්කර්නි සෝදිසි මෙහෙයුමේදී මියයාම සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 

එම නිවේදනයට අනූව, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් යාපනය පලෙයි ප්‍රදේශයෙන් යළි ආරම්භ කර බෙදුණු රාජ්‍යයක් ලබා ගැනීමේ උත්සාහයක් පිළිබඳව ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත. 

එම තොරතුරුවලට අනූව මෙම ක්‍රියාවලියට පණ ලබාදීමේ ප්‍රධාන පුද්ගලයින් කිහිප දෙනෙකු පිළිබඳව ද තොරතුරු අනාවරණය වී තිබේ. 

 

උතුරට වසන්තය නැත

 jaffna womenත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිටින උතුරේ කාන්තාවන් හත්දෙනෙකු පමණ නිසි වෛද්‍ය පහසුකම් නොමැතිව රැදවුම් මධ්‍යස්ථාන වල කල් ගෙවන බව ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රියාකාරී ජාලය නැමති සංවිධානය පෙන්වා දෙයි.

යාපනයේ පදිංචි සෙල්වනායගම් රාසමලර් නැමති කාන්තාව නීතිඥවරියට පවසා ඇත්තේ තමන් යුද සමයේදී කාලතුවක්කු ප්‍රහාරයකට ලක්වී උණ්ඩ කැබැල්ලක් සිරුරේ අක්මාව අසල ඇති බැවින් එය ඉවත් කිරීමට ශල්‍ය කර්මයකට යාමට සුදනමින් සිටියදී පොලිස් අත් අඩංගුවට පත් වු බැවින් තමන්ට රෝහල් ගතවීමට අවස්ථාවක් උදා නොවුණු බවයි.

ඥාණසාර ඇතුළු පිරිස හූ හඩ මැද, එලවා දමයි

muslim

මුස්ලිම් ජනතාව ජීවත් වන විල්පත්තුවේ කැලෑ බද  ගමකට බොදු බළ සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර ඇතුළු පිරිසක්  ගොස් ඇත.... ඔවුන්ට ශ්‍රිලංකා පොලීසියේ ආරක්ෂාවද ලැබී ඇත......
මුස්ලිම් ජනතාව එම ස්ථානයෙන් එලවා දැමීමට ගිය ඥාණසාර ඇතුළු පිරිසට එතනින් ඉවත් වීමට සිදු වුයේ  ජනතාවගේ  හූ  හඩ  මැදය....

බොදුබල සෙන සංවිදානයේ ජාතිවාදී මැදිහත්වීම් වලකාලීමට කිසිදු වග කිව යුතු ආයතනයකට  අවශ්‍යතාවයක් නැති බව  පෙනී යන හෙයින්  මෙසේ ජනතාව සංවිදානය වී බොදු බල සෙන සන්විදානයට එරෙහි වීම නව තත්වයක් ලෙස අපට නිරීක්ෂණය කල හැක.....

ද්‍රවිඩයින් රවටන මනෝ එක්ක වැඩකරන්න බෑ

 

7065981712

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක කුමර ගුරුබරන් මහතා එම තනතුරින් ඉවත් කර තිබේ. 

මනෝ ගනේෂන් යනු දෙමළ ජනතාවට වඩා සිංහල කාන්තාවක් වෙනුවෙන් පෙනී සිටින නායකයෙකු බවත් පක්ෂයේ නම ප්‍රජාතන්ත්‍රවාදී වුවද ඔහු ක්‍රියා කරන්නේ පැසිස්ට්වාදී පාලකයෙකු ලෙස බවත් අදාළ තීරණය පිළිබඳ අදහස් දක්වමින් කුමර ගුරුබරන් මහතා කියයි. 

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ පරිපාලන ලේකම් ප්‍රියානි ගුණවර්ධන වෙනුවෙන් මනෝ ගනේෂන් සැමවිටම පෙනී සිටින බවත් දෙමළ ජනතාවගේ ඡන්දයෙන් ප්‍රියානි ගුණවර්ධනට කොළඹ නගර සභාවේ ආසනයක් දුන්නේ කෙසේද පිළිබඳවත් ගුරුබරන් මහතා ප්‍රශ්න කරයි. 

කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව පක්ෂයේ මධ්‍යමකාරක සභාව රැස්ව තමාව සිය තනතුරින් ඉවත්කර ඇති බව පෙන්වාදෙන ඔහු යළි පක්ෂයට එක් නොවන බවත් දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටවත් එක් නොවන බවත් කියයි. 

තමාව පක්ෂයෙන් ඉවත් කිරීම නීති විරෝධි ක්‍රියාවක් බව පවසන ගුරුබරන් මහතා නීතිය හමුවට ගොස් ඒ වෙනුවෙන් සාධාරණය ඉටුකර ගැනීමට හැකි නමුත් පැසිස්ට්වාදී නායකයෙකු සමග තවදුරටත් තමාට ගමනක් නැති බැවින් පක්ෂයෙන් ඉවත්වන බවද පවසයි. 

කෙසේ වුවද කුමර ගුරුබරන් පක්ෂයෙන් ඉවත් කළේ ඔහු පක්ෂය විවේචනය කරමින් මාධ්‍යයට කරුණු හෙළි කිරීම හා ආණ්ඩුවට වාසිදායක වන අයුරින් කටයුතු කිරීම නිසා යැයි මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පවසා තිබේ.

අද දෙරණෙන්.

 

samaru

vivara-fm

vivara-tv

Piya-Luogo

නැගෙනහිර යුක්රේනයේ විරෝධතා ඇවිලේ

නැගෙනහිර යුක්රේනයේ ප‍්‍රදේශ රැසක ජනතාව කියෙව් පාලනයට එරෙහිව වීදි බැස ඇතැයි වාර්තා වේ.  ඩොන්බාස් ප‍්‍රදේශයට වෙනම ජනමතවිචාරණයක් ඉල්ලා දහසකට අධික...