Share on facebook

ලංකා

ගෝඨාගේ කාලේ ලේකම්වරිය රට පනී

 

damayanthiගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සමයේ එහි අතිරේක ලේකම්වරියක වූ දමයන්ති ජයරත්න මහත්මිය කිසිවකුටත් නොදන්වා විදේශ ගත වී ඇතැයි වාර්තා වේ.

වර්තමාන රජය යටතේ ඇය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කරමින් සිටියාය.
ඇවන්ගාඩ් සමාගමයට රජයේ ආයුධ ලබා දීමට මුල් වූ බව කියන ඇය අත්අඩංගුවට ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු නිර්දේශ කර තිබිණි.

රක්නා ලංකා සමාගමේ සිදු වූ බව කියන වංචා සහ දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම ඉදිරියේ ඇය සාක්කි දුන්නාය.
ජයරත්න මහත්මිය ද්විත්ව පුරවැසි භාවය ලබා සිටියාය.

රාජිත ආණ්ඩුවෙන් යන්න සුදානම්

 

rajithaවංචා දූෂණ සිදුකළ පුද්ගලයින්ට එරෙහි ක‍්‍රියාමාර්ග ගැනීම සදහා නැවතත් ආණ්ඩුවෙන් එළියට බසින්නට සිදුවුවහොත් එයට ද තමන් සූදානම් යැයි සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

වංචා හා දූෂණ චෝදනා ලැබූවන්ට දඬුවම් දිය යුතු බව පවසමින් සිවිල් සංවිධාන ගෙන යන වැඩපිළිවෙල හා එක්ව තමන් කටයුතු කරන බව ද ඇමතිවරයා කීවේය.

කැබිනට් ප‍්‍රකාශකවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධයවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

දූෂිතයන්ට එරෙහි ක‍්‍රියාමාර්ග ගැනීමට කොන්ද පණ ඇති නීතිපතිවරයෙක් අවශ්‍ය බව කී අමාත්‍යවරයා එවැනි නීතිපතිවරයෙක් පත් කර ගත යුතු බව ද පැවසීය.

මෙහි දී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය - පොහොර සහනාධාරය ගැන මතුවී තිබෙන ගැටළුවක් පිළිබදවත් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වුණාද? මේ වන විට පොහොර ගෙන්වීම ප‍්‍රමාද වී තිබෙන නිසා ගොවීන්ට මේ කන්නයේ ගැටලූවක් ඇතිවිය හැකියි නේද?

රාජිත සේනාරත්න මහතා. - එහෙම ගැටළුවක් නෑ. ගබඩාවල පොහොර තිබෙනවා. මේ පොහොර නිකුත් කර නැහැ. ඒවා වහාම නිකුත් කර කෘෂි නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව ගොවීන්ට ලබාදෙන ලෙස නියෝග කර තිබෙනවා. පොහොර ලබාගැනීමට ලියවිලි 5ක් පමණ පිරවීමට ඇති බවට නම් ගැටළුවක් ඇතිවුණා.

ප‍්‍රශ්නය - මේ ගැටලූව ඇති වී තිබෙන්නේ පොහොර සහනාධාරය වෙනුවෙන් වවුචරයක් දීමට ගත් තීරණය නිසාද?

රාජිත සේනාරත්න මහතා - ඒ වගේ අර්බුදයක් තමයි. එය විස`දීමට අවශ්‍ය නියෝග කෘෂිකර්ම අමාත්‍යාංශයට මේ වන විට දැනුම් දී තිබෙනවා. අලූතින් චක‍්‍රලේඛ නිකුත් කර මේ ගැටලූ විසදන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

ප‍්‍රශ්නය - හොරු අල්ලන වැඬේ අතරමග නැවතිලාද? මේ ගැන සිවිල් සංවිධානවලින් නැගෙන චෝදනා පිළිගන්නවාද?

පිළිතුර - අපි හැමෝම එකතුවෙලානේ මේ වෙනස කළේ. මමත් චම්පික ඇමතිතුමාත් මේ ගැන ජනාධිපතිතුමා සමගත් සාකච්ඡුා කළා. සිවිල් සංවිධානත් ඉන්පසු ජනාධිපතිතුමා හමුවුණා. අගමැතිතුමාත් ආ පසු මේ ගැන නිශ්චිත තීන්දුවක් ගන්නවා.

ප‍්‍රශ්නය - මේ ක‍්‍රියාවලිය හරියට වෙන්නේ නැතිනම් සිවිල් සංවිධාන හා එක් වී ඒ වෙනුවෙන් සටන් කරන්නට, අවශ්‍යනම් ඇමතිධූරය හෝ අත්හැර මේ වෙනුවෙන් කතා කරන්නට ඔබතුමා සූදානම්ද?

රාජිත සේනාරත්න මහතා.- ඒක එදාට බලමු. කොහොමත් අපි සිවිල් සංවිධාන සමග ඉන්නවා. ඔවුන් තමයි පසුගිය පාලනය වෙනස් කරන්නට උදව් කළේ. ඒ නිසා ඔවුන් සම`ග එක්ව කටයුතු කරනවා. එදා වගේම ආපසු එළියට බසින්නට සිදුවුණොත් එයටත් සූදානම්.

ප‍්‍රශ්නය - මේ ක‍්‍රියාවලිය හිරවුණේ කොතනද?

රාජිත සේනාරත්න මහතා.- අගමැතිතුමා ආ පසු සාකච්ඡුා කර බලමු.

ප‍්‍රශ්නය - ජනාධිපතිතුමාගෙන් මේ ගැන ඇසුවාම අගමැතිතුමා කැමති නැති බවත් අගමැතිතුමාගෙන් ඇසුවාම ජනාධිපතිතුමා මෙයට කැමති නැති බවත් කියනවාලූ නේද? ඇත්තටම මොකද වෙලා තිබෙන්නේ?

රාජිත සේනාරත්න මහතා - දෙන්නම එකට තියලා ඇහුවාම හරි. ඒත් එහෙම එකක් නැහැ. හරියට විමර්ශන වාර්තා ඉදිරිපත් නොවීම නිසයි ගැටලූව ඇති වී තිබෙන්නේ. හිරුණිකා මන්ත‍්‍රීවරිය අත්අඩංගුවට ගැනීම දින 4කින් සිදුවුණා. ඒත් ඇවන්ගාර්ඞ් වාර්තා අදත් නැහැ. හිරුණිකා මන්ත‍්‍රීවරියගේ සිද්ධියේ අපරාධමය පසුබිමකුත් නැහැ. පැහැරගැනීමක් සිදු කර තිබුණේත් පවුලක් සමගි කරන්නයි.

ප‍්‍රශ්නය - ගිය සතියේ අපි නීතිපති දෙපාර්තමේන්තුව ගැන ප‍්‍රශ්න කළාම ඔබතුමා කිසිත් කීවේ නැහැ නේද?

රාජිත සේනාරත්න මහතා - එදා මේ ගැන කියන්න අධිකරණ ඇමතිතුමා සිටියා. එයාගෙනුයි අහන්න තිබුණේ.

ප‍්‍රශ්නය - නීතිපතිවරයා ගැන අමාත්‍යවරුන්ගේ විශ්වාසය බිඳිලද?

රාජිත සේනාරත්න මහතා. - අපේ නෙවෙයි මහජනතාවගේ විශ්වාසයත් බි`දිලා.

ප‍්‍රශ්නය - මේ සම්බන්ධයෙන් ඇමතිවරු ලෙස ඔබතුමාලා ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්ද?

රාජිත සේනාරත්න මහතා. - හොද නීතිපතිවරයෙක් පත්කිරීමයි කළ යුත්තේ. කොන්ද පණ නැති නීතිපතිවරයෙකුගෙන් වැඩක් නැහැ.

කොරියාවේ මේ දවස්වල ඉන්නේ පරිස්සමෙන්

 

koriyaflagමේ කාලය තුළ කොරියාවේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක -10 , -15 දක්වා පහත බැස ඇති බව වාර්තා වේ.

මෙය ජලය අයිස් බවට පත්වන උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 0 ටත් වඩා අඩු පරිසර උෂ්ණත්වයක් හේතුවෙන් කොරියාවේ වෙසෙන ඔබ ප්‍රවේශම් සහගතව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.

මේ වන විට දැඩි ශීතල කාලගුණය නිසා මරණ 6 ක් වාර්තා වී තිබේ.

වැඩබිම

පිටසක්වල ජීවින් සමග ලිංගිකව එක්වී හැදූ ළමයි මාධ්‍යට

 

pitaපිටසක්වල ජීවින් සමග ලිංගිකව එක්වී දෙමුහුන් ළමුන් සෑදු බව කියන කාන්තාවන් පිරිසක් මාධ්‍ය හමුවේ ඔවුන්ගේ අනන්‍යතාවය මුල්වරට හෙළිකොට තිබේ. ඔවුන් හෙළිකොට ඇති අන්දමට පිටසක්වළ ජීවින් හා මනුෂ්‍යන් එකතුවී දෙමුහුන් ළමුන් සෑදීම වසර කිහිපයක සිට සිදුව ඇති කටයුත්තකි. පිටසක්වල ජීවින් ළමුන් සෑදීම සඳහා ලිංගිකව එක්වීම සහ කෘතීම සිංචනය යන ක්‍රම භාවිතා කොට ඇති බව එවැනි ළමුන් සෑදු මවුවරු දෙදෙනෙක් විසින් හෙළිකොට තිබේ.

වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදිකාවක් වන අලුනා වර්සේ පිටසක්වල ජීවින් සමග එකතුවී ළමුන් 13 දෙනෙකු බිහිකොට ඇති බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ. 27 හැවිරිදි වියේ පසුවන අලුනා තවදුරටත් විස්තර කරමින් කියා තිබුනේ පිටසක්වල ජීවින් සමග ලැබූ ලිංගික අත්දැකීම ජිවිතයේ ලද හොඳම ලිංගික අත්දැකීම බවයි. පිටසක්වල ජීවින් හා මනුෂ්‍යන් දෙමුහුන් කොට ඔවුන් වඩා හොඳ ජාතියක් බිහි කිරීමට වසර ගණනාවක් තිස්සේ කටයුතු යොදමින් ඇති බවද මෙහිදී එම කාන්තාවන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ.

තවත් සිසු අරගල අද සිට

 

sheditනිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් වනසන මාලඹේ හොර උපාධි කඩය අහෝසි කරනු ! රාගම හා කරාපිටිය වෛද්‍යපීඨ සිසුන් අද අඛණ්ඩ සත්‍යග්‍රයක් ආරම්භ කරනු ලැබුවා.රාගම වෛද්‍යපීඨ සිසුන් මෙලෙස අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කලේ උතුරු කොළඹ ශික්ෂණ රෝහල ඉදිරිපිටදීය.මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයිය වෛද්‍ය පීඨයද , කොළඹ වෛද්‍ය පීඨයද , රජරට වෛද්‍ය පීඨයද ඉදිරියේදී මේ අයුරින් අඛණ්ඩ සත්‍යග්‍රහ ආරම්භ කිරීමට නියමිතය.

Prev Next

රතු ධජයේ සෙවනැල්ල ඉල්ලූ පළමු ස…

රතු ධජයේ සෙවනැල්ල ඉල්ලූ පළමු සොහොයුරකුට සමුදීම

වැඩිහිටියන්ට යම් ආකාරයේ විහිළු කිරීම අප අතර සිදුවන්නකි. සමාජවාදී අරමුණින් එකතු වූවන්ගෙන් සැදි සමාජ ව්‍යාපාරයක වුවද එවැනි විහිළු තහළු හිඟ නැත. එවැනි විහිළු බැ?රුම් ලෙස නොගන්නා වැඩිහිටියෙක් මට සිහිපත් වේ. ඔහු නමින් ඒ.වී. අබේරත්න නම් විය. ‘කලවානේ අබේ අයියා’ යනු...

ලෝක බැංකු මහනගර සැළසුම ඉදිරියට…

ලෝක බැංකු මහනගර සැළසුම ඉදිරියට සොබාදහම වළපල්ලට

ලෝක බැංකුවේ  අවශ්යනතාවය මත 2011-2030 යන වසර තුළ රටේ භෞතික සංවර්ධනය උදෙසා මේ වනවිට රජය ජාතික හෞතික සැලසුම යනුවෙන් සංවර්ධන සැලැස්මක් සකස් කොට ඇත. මෙම සැළසුම පසුගිය ආණුඩුව මගින් ආරමිබ කල අතර කොටස් වශයෙන් යහපාලනය විසින් කරගන යනු ලබයි. 2030 වසර...

ඇමතිතුමෝ

ඇමතිතුමෝ

ඔය වගේ පතපොත් ටිකක් පිටිපස්සෙන් තියා ගෙන ‍ෆොටෝ ගහලා පත්තරවල දාගෙන, මීඩියා එකේ  පොර ටෝක් දුන්නට, හිතන්න එපා ඔයාලට ඡන්දෙ දෙන මෝඩයෝ වගේ අපිත් ඔයාලට රැවටෙයි කියලා. ඊයේ දෙරණ TV එකට ඇවිල්ලා, වාදපිටියෙදි ගහපු කෙබර හොඳයි, ඔයා ගේ ඡන්දදායකයන්ට‍. 'අපි සමාජ වෙළෙඳපළ...

සේවක කප්පාදුවට එරෙහිව කම්කරුවන…

සේවක කප්පාදුවට එරෙහිව කම්කරුවන් පාරට

ජනවාරි 30 වනදා ඉතාලියේ විචේන්සා නගරයේ  prix සුපිරි වෙළදසැල් සේවක සේවිකාවන් පිරිසක් උද්ගෝෂණයක නිරතවිය .එහිදී සේවක කප්පාදුවට ,කොන්ත්‍රාත්තු කාලය දීර්ග නොකිරීමට ,දීමනා ලබානොදීම ආදී තවත් ඉල්ලීම් රැසක් ලබාදෙන ලෙස බල කරමින් මන්පවර් ආයතනයටත් prix සමාගමටත් එරෙහිව මෙම උද්ගෝෂණය සංවිධානය කර...

vivara-fm

vivara-tv

Piya-Luogo

කුලවාදයට එරෙහිව නැගී සිටි හාර්දික් පටෙල් අත්අඩංගුවට

ගුජරාට් ප්‍රන්තයේ ක්‍රියාත්මක කළ විරෝධතා රැලි සඳහා නායකත්වය ලබා දුන් හාර්දික් පටෙල් අත්අඩංගුවට ගැනිමට ප්‍රාන්ත පොලිසිය කටයුතු කර තිබේ. ඉන්දියාවේ පටෙල්...