ලංකා

ගෝඨාට අයත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් - මුදල් ජනතාවගේ විදුලි බිලෙන්

 



gotas-university 300_199ජාතික ඉතිරි කීරීමේ බැංකුව මගින් අධික පොලියට බිලියන 10ක ණයක් ලබාගන්නා ලෙස විදුලිබල මණ්ඩලය බලකොට එමගින් ගෝඨාභය රාජපක්ෂ විසින් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය නමින් තමන්ට අයත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ බවත් එහි වෛද්‍ය පීඨයේ රෝහල ගොඩනැගිම සදහා මුදල් මහජනතාවගේ විදුලිය බිල වැඩිකිරිම මගින් උපයාගත් බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක සදහන් කර සිටී.


වෛද්‍ය පීඨයේ රෝහල ඉදිකිරිමට වූ ඉක්මන් කම විසින් ආරක්ෂක ලේකම්වරයා විදුලිබල මණ්ඩලයට බල කොට ඉතිරිකිරීමේ බැංකුවෙන් අධික පොලියට ණයක් ගත් බවත් එයින් සහන පොලියට වෛද්‍යපීඨය ගොඩනැගිම සිදුකල බවත් අධික පොලිය ගෙවීම සදහා ජනතාවගේ විදුලිය බිල වැඩිකරන ලෙස බලපෑම් කළ බවත් චම්පික ඇමතිවරයා සදහන් කොට සිටියේය.


මෙවැනි පෞද්ගලික ධන ලාභයන් වෙනුවෙන් මහා ජනතාවගේ පොකැට්ටුවට විදීම රාජපක්ෂ පවුලේ සෑම සහෝදරයෙක් තුළම ආණ්ඩුව අවසානය දක්වා පැවැති බවද මෙහිදි අනාවරණය විය.

සිසු අරගල නොනවති

ProfilePhotosශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තුළ උද්ගත වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද(22) සවස සමාජ හා සාමයික කේන්ද්‍රයේදී(CSR) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. ඊට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දිකලවිවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුවේ කැදවුම්කරු අමිල සදරුවන් හා වි.වි.ශිෂ්‍ය ක්‍රියාකාරී කසුන් ඉරාජ් යන සහෝදරවරු සහභාගී වූහ. ප්‍රථමයෙන් වි.වි.ශි.එ. කැදවුම්කරු අමිල සදරුවන් සහෝදරයා එහි දී මෙසේ සිය අදහස් දැක්වීය.

2012 වර්ෂයේ සිදුවන වත්මන් උපකුලපතිවරයාගේ ආගමනයත් සමග ශිෂ්‍ය ගාස්තු අසාධාරණ ලෙස ඉහළ දැමීම ඇතුලු ගැටලු රාශියකට ශිෂ්‍යයන් හට මුහුණ දීමට සිදු වී ඇතගමෙම අධ්‍යන වර්ෂය වන විට ශිෂ්‍ය ගාස්තු අසාධාරණ ලෙස 150‍% දක්වා ඉහළ දමා ඇත.එම දැරිය නොහැකි ගාස්තු හේතුවෙන් අද වන විට උපාධිලපාඨමාලා හැර යන සිසුන් ප්‍රමාණය බොහෝ සෙයින් වැඩි වී ඇති බවත් මෙම අධ්‍යාපනය විකිණීමට එරෙහිව නැගී සිටි සිසුන් බොහෝ ලෙස මර්දනයට ලක් කර ඇත. එමෙන්ම අධ්‍යන කප්පාදුවලඅසාධාරණ ලෙස ශිෂ්‍යභාවය අහෝසිකීරීම්, ශිෂ්‍ය සංගම් තහනම් කිරීම්, තර්ජනාත්මක ලිපි නිවෙස්වලට ‍යැවීම් ආදී නොයෙකුත් මර්දනයන්ට අද වන විට ශිෂ්‍යන්ට අභිමුඛවීමට සිදුව ඇත. පසුගිය දිනක විශ්වවිද්‍යාලයට පැමිණි නව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා ශිෂ්‍ය ගාස්තු පිළිබද ගැටලුව හැර අනෙකුත් ගැටලුවලට විසදුම් ලබා දිය හැකි බව වාචිකව පොරොන්දු වුවත් එම වාචික පොරොන්දුව කෙරෙහි විශ්වාස නොකරන බව වැඩි දුරටත් ඔහු පැවසුවේය. 2014.12.03 වන දින විශ්වවිද්‍යාලීය ප්‍රතිපාදන කොමිසන් සභාවට ගිය පාගමනෙන් අනතුරුව ඔවුන්ගෙන් හා පරිපාලනයෙන් නිසි පිළිතුරක් නොලද හෙයින් 2014.12.17 සත්‍යග්‍රහ ක්‍රියාමර්ගයකට අවතීර්ණ වූ බවත් අද වන විට එම දියත් කළ සත්‍යග්‍රහයට දින 37ක් ගත වී ඇත. අසාධාරණ ලෙස ඉහල දැමූ ගාස්තු ඇතුලු සියලුම ගැටලුවලට නිසි පිලිතුරු ලැබෙන තුරු අරගලය අඛණ්ඩව දියත් කරන බව ඔහු පැවසීය.

අනතුරුව අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා මෙසේ පැවසීය. අධ්‍යාපනය විකිණීමේ වැඩපිලිවෙල 1977 සිට ක්‍රියාත්මක වන අතර අද එම තත්ත්වයට විවෘත විශ්වවිද්‍යාලයට මුහුන දීමට සිදුව ඇති බවයි. පාලකයන්ගේ පැලැස්තර, මර්දන හා වාචික පොරොන්දු ඉදිරියේ සිසු අරගල නොනවතින බවත් විවෘත විශ්වවිද්‍යාලයේ ගැටලුවලට කඩිනමින් නිසි විසදුම් ලබා නොදුනහොත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණඩලය ලෙස දැවැන්ත ක්‍රියාමාර්ගයකට එලඹෙන බව ඔහු තව දුරටත් පැවසීය.

2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි දහස් ගණනක් තවමත් විභාගයට ගෙන නෑ

file-wanaපසු ගිය කාලය පුරා වනාන්තර අක්කර ලක්‍ෂ ගණනක් රජය මැදිහත්වීමෙන් විනාශ කර දැමු අතර , වනාන්තර විනාශය සම්බන්ධව 2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දහස් ගණනක් ලැබී ඇත. නමුත් මෙම පැමීණිලි වලින් සැළකිය යුතු බොහෝමයක් සමිබන්ධව මෙතෙක් කිසිදු ක‍්‍රීයාමාර්ගයක් ගෙන නොමැත.

එයට හේතුව එම  වන අපරාධ සිදූවුයේ දේශපාකයන්ගේ හා පොළීසියේ මැදිහත් වීමේනි. එ අනුව 2013 වර්ෂයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තහෙමින්තවට පහත පරිදි වන විනාශය සමිබන්ධව පැමිණිලි දහස් ගණනතක් ලැබී ඇත.

wana

මෙම වනාන්තර විනාශය සම්බන්ධ මතු වූ බහුතරයක් සිද්ධි පිටුපස දේශපාලඥයන්, පොලීසිය හා හමුදාව සිටින අතර රජය මගින් සංවර්ධනයට යැයි කියා සිදුකරන විනාශයට අදාල සිද්ධීන් මෙයට ඇතුළත් වී නොමැත. කෙසේවෙත්ත් වනාන්තර විනාශකිරීම ඉතා සීඝු‍්‍රලෙස සිදුවන අතර මෙලෙස වාර්ථා වු වන අපරාධ වලට සමිබන්ධ පුද්ගලයන්වත් අත්අඩංගුවට ගැනීමට වගකිව යුතු අයතන විසින් සිදකල යුතු අතර වනාන්තර විනාශය වැළැක්වීමට නිසි පියවර ගැනීමට ජනපති හා අගමැතිවරයාද මැදිහත් විය යුතුව ඇත.
[රවින්ද්‍ර කාරියවසම් පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය]

ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නන්ද

 

Nanda muruශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥ නන්ද මුරුත්තෙට්ටුවේගම ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව වාර්තාවේ. නීතී කේෂ්ත‍්‍රයේ කැපීපෙනෙන චරිතයක් වන මුරුත්තෙට්ටුවේගම පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛතී‍්‍රපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේ නීතීඥයින් සම්බන්ධ කිරීම ඇතුළු කටයුතු රැසකට දායකත්වය ලබා දුන්නා. ඔහු රට තුළ සිදුවන දුෂණවලට විරුද්ධව සංවිධාන කිහිපයක්ම නියෝජනය කළ අයෙකු වේ. මාධ්‍ය සමඟ ඉතා සමීපව කටයුතු කරන නීතීඥ නන්ද මුරුත්තෙට්ටුවේගම පොත්පත් රාශියක්ද රචනා කර තිබේ.

ඊට අමතරව රටේ නීතී කේෂ්ත‍්‍රයට දහස් ගණන් දරුවන් යොමු කිරීමේ ප‍්‍රමුඛ පෙලේ පාඨමාලාවක් නීතී පීඨ ප‍්‍රවේශ පාඨමාලාවේ පුරෝගාමියාද වේ. ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධූරයට පත් වීමට අදාළ ලිපිය හෙට දහවල් ඔහුට භාර දීමට නියමිත බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කලා.

මෛත්‍රී ආණ්ඩුවේ චර්යාධර්ම හදන්නේ අනුර

 

maithri and_anuraප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්‌වා සෑම මහජන නියෝජිතයකු සඳහාම චර්යා ධර්ම පද්ධතියක්‌ පෙබරවාරි 02 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.
මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට මහජන නියෝජිතයන් සඳහා මෙවැනි චර්යාධර්ම පද්ධතියක්‌ හඳුන්වාදෙන පළමු අවස්‌ථාව මෙය බව ද ජාතික විධායක සභාවේ තීරණයක්‌ මත ගෙන එන බව ද ඇමැතිවරයා පැවසීය.

මන්ත්‍රීවරුන්ගේ චර්යාධර්ම පද්ධතිය කෙටුම්පත් කිරීමේ වගකීම රජය විසින් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට පවරා ඇතැයි ද මෙම චර්යා ධර්ම පද්ධතියට අනුව අද මන්ත්‍රීවරයා ලෙස හඳුන්වන පුද්ගලයා සම්පූර්ණයෙන් ම මහජන සේවකයකු බවට පත්වන බව ද රාජිත සේනාරත්න පෙන්වා දුන්නේය.

චර්යාධර්ම පද්ධතිය හඳුන්වා දීමෙන් පසුව එහි තිබෙන නීති රීති අනුව මන්ත්‍රීවරයකු වීමට ඉදිරිපත් වන පුද්ගලයකුට දෙවරක්‌ නොව දසවරක්‌ සිතා බලා නාමයෝජනා ලබා දීමට සිදුවන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

විශේෂාංග පුවත්

Audio - රටට එන්ඩ කියලා පිටුවහල් කිරීමේ න…

Audio - රටට එන්ඩ කියලා පිටුවහල් කිරීමේ න්‍යාය...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සහෝදරයා යළිත් පිටුවහල් කිරීම සදහා ආණ්ඩුව විසින් උත්සාහ දරමින් සිටින අතර  මේ සම්බන්ධයෙන් ජනතාව  දැනුවත් කිරීම සදහා අද ජනවාරි 30 දින  මාධ්‍ය... Read more

Audio - අධ්‍යාපන විකුණයිද?...දුමින්ද කි…

Audio - අධ්‍යාපන විකුණයිද?...දුමින්ද  කියයි ....

වත්මන් රජයේ අධ්‍යාපන  ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතාව  දැනුවත් කිරීම සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2015 ජනවාරි (29) දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන... Read more

මැතිවරණ පොරොන්දුව පුස්සක් වෙයි චීන වරාය …

මැතිවරණ පොරොන්දුව පුස්සක් වෙයි චීන වරාය නගරයට අත හිත

දැනට මහා පරිසර විනාශයක් කරමින් ඉදිකරන  චීන වරාය නගරය නතර නොවන්නේනමි නැවතත් ජනතා උද්ඝෙෂණ වලට යොමු වනබව ජනපතිවරයා ,අගමැතිවරය ඇතුළු බලදාරින්ට දැනුමි දෙනබව පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි  . පරිසර... Read more

Prev Next

Audio - රටට එන්ඩ කියලා පිටුවහල…

Audio - රටට එන්ඩ කියලා පිටුවහල් කිරීමේ න්‍යාය...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සහෝදරයා යළිත් පිටුවහල් කිරීම සදහා ආණ්ඩුව විසින් උත්සාහ දරමින් සිටින අතර  මේ සම්බන්ධයෙන් ජනතාව  දැනුවත් කිරීම සදහා අද ජනවාරි 30 දින  මාධ්‍ය සාකච්ඡාවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වනු ලැබීය  . මෙම මාධ්‍ය...

Audio - අධ්‍යාපන විකුණයිද?...ද…

Audio - අධ්‍යාපන විකුණයිද?...දුමින්ද  කියයි ....

වත්මන් රජයේ අධ්‍යාපන  ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතාව  දැනුවත් කිරීම සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2015 ජනවාරි (29) දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව  විසින් සිදුකළ අතර එම පක්ෂයේ දේශපාලන...

 picket poster

catoon0127

කුමන්ත්‍රණ කරුවන්ට එරෙහිවලු .....

vivara-fm

vivara-tv

Piya-Luogo

අපි ජීවත්වෙන ලෝකයේ මිනිස්සු ජීවත්වෙන තැන්

ලොව පුරා ජනගහනයෙන් 50 % ක් එනම් බිලියන තුනකට වඩා ජීවත්වන්නේ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවලය. ඉන් සෑම මිනිසුන් තිදෙනකුගෙන්ම...