Share on facebook

ලංකා

ලෝක වාර්තාව පෙනී පෙනී ඇඟ උඩ වාහනය නතරවෙලා

 

recordමැති ඇමැතිවරුන් හා නිලධාරීන් ඉදිරියේ වාහන දහයක් සිය ශරීරිය මතින් යවා ලෝක වාර්තාවක් තැබීමට ගිය පුද්ගලයෙක් අවසානයේ රෝහල් ගත කිරීමට සිදු විය.

වරාය අධිකාරියේ ජය බහාළුම් පර්යන්තයේ සේවය කරන ජනක කාන්චන මුදන්නායක මෙසේ ලෝක වාර්තාවක් පිහිටුවීම සදහා මට්ටක්කුලිය මහපොළ අභ්‍යාස ආයතනය තෝරා ගත්තේය.

මෙය දැක ගැනීම සදහා වරාය නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග ඇමැතිවරයා හා ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර ඇමැතිවරයා ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට රොක්ව සිටියහ.

මහා සංඝරත්නය වැඩම කරවා පිරිත් සත්ජායනා කොට පෙරවරු 10.16 ට යෙදුන සුබ මොහොතින් වාහන දහයක් සිය ඇඟ මතින් ගොස් ගිනස් වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාව ආරම්භවිය.

අඩියක් පමණ උසින් යුත් යකඩ කදන් දෙකක් අතිර උඩුබැලි අතට නිදාගෙන සිටන ජනකයේ ඇඟ මතින් වාහන ගමන් කරන්නට පටන් ගත්හ.

වාහනයේ රියැදුරු පැත්තේන් නොමැතිව වම්පස රෝදය ඹහුගේ ඇගමතින් ගමන් කරද්දී වාහනයේ රෝදය කෙලින් එනවා බැලීමට ද එක් නිලධාරියකු සිටියේය. නිලධාරී මණ්ඩලය කුමක් හෝ අකරතැබ්බයකදී වාහනය ක්ෂණිකව නතර කිරීමට විසිල් එකක් ප‍්‍රයෝජනයට ගෙන තිබිණ. ජනක මහතා ගේ ඇඟමතින් වාහන ගමන් කරද්දී ඹහුගේ පාද යුවල වාහනයට අසු නොවී ගමන් කරනුයේ අප කාගේත් කුතුහලය දනවමිනි.

වාහන ගමන්වාර හතරක් පහක් යද්දී එක්වරම ඹහුගේ පාදයක් වාහනයේ යට වැදිනවිට විනිසුරු නලාව නාද කෙරිණ.වහා ක‍්‍රියාත්මක වු රියැදුරු වාහනය කතර කෙරුණේ ජනකයේ ඇඟ මතය.ඹහුට එය දරාගත‍ නොහැකි විය .බලාසිටිය වුන් කැගැසුවිට වාහනය ඉදිරියට අඩියක් පමණ ගැනින . ගිනස් වාර්තාවක් තැබීමට හැදු ජනක වහාම ගිලන් රථයට දමාගෙන රෝහල කරා රැගෙන ගියහ.

පොලිස්පතිට එරෙහිව ද නඩු පවරන්න උදුල්ගේ සුදානමක්

udulඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට චෝදනා එල්ල වී ඇති සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි උසාවිය දුන් නියෝගය ක්‍රියාත්මක  නොකරන්නේ නම් පොලිස්පතිට එරෙහිව ද නඩු පවරන බව සඳහන් කරමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා පොලිස්පතිවරයා වෙත එන්තරවාසියක් යවා තිබේ.

එහි දැක්වෙන්නේ එකී එන්තර වාසිය ලැබී පැය 24ක් තුළ චෝදනා ලබා සිටින නිලධාරීන් අත්අඩංගුවට නොගන්නේ නම් පොලිස්පතිට එරෙහිව නිසි අධිකරණයක නඩු පවරන බවයි.

නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සිය සේවාදායිකාවගේ උපදෙස් මත පොලිස්පතිවරයා වෙත යැවූ එම එන්තරවාසිය පහත පරිදිය.


2016.01.29                                                                                                     
එන්තරවාසියයි
එන්.කේ ඉලංගකෝන්,
පොලිස්පති,
පොලිස් මුලස්ථානය,
කොළඹ
මහත්මයාණෙනි,


මාගේ සේවාදායිකාව වන ඇඹිලිපිටිය, නව නගර පාර, අංක 103, හි පදිංචි මුණසිංහ ආරචිචිගේ ශෂිකා නිශාමනි මුණසිංහ යන අයගේ උපදෙස් මත ලියා දන්වමි.

මාගේ සේවාදායිකාව විසින් ඇඹිලිපිටිය නව නගරයේ පදිංචිව සිටි ඇගේ ස්වාමි පුරුෂයා වු ජයවර්ධන සුභසිංහගේ සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ මරණය පිළිබඳ වගකිව යුතු බවට ඇඹිලිපිටිය හිටපු සහාකාර පොලිස් අධිකාරි D ධර්මරත්න යන අයට සහ හිටපු ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරික්ෂක දිනේන්ද්‍ර ඩයස් යන අයට චෝදනා කර සිටින ලද අතර සුමිත් ප‍්‍රසන්නගේ මරණ පරීක්ෂණයේදි ද ඇය මහේස්ත‍්‍රාත්තුමා ඉදිරිපිට දී ඒ පිළිබඳ සාක්ෂි ලබාදෙන ලදී. එම සාක්ෂි විභාගයෙන් අනතුරුව රජයේ නීතීඥ මහත්මා විසින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරන මෙන් මහේස්ත‍්‍රාත්තුමාගෙන් ඉල්ලා සිටින ලදුව මහේස්ත‍්‍රාත්තුමා විසින් මෙහිදී අණාවරණය වූ සැකකරුවන් සියලූ දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරන ලදී.

මේ ආකාරයෙන් මහේත‍්‍රාත්වරයෙකුගේ නියෝගයක් පවා තිබියදී තවමත් උක්ත සැකකාර ASP වරයා සහ HQI වරයා අත්අඩංගුවට නොගෙනීම මගින් මෙතරම් ආන්දෝලනාත්මක හා මහජන අවධානය දිනාගත් සිදුවීමක සැකකරුවන් වෙනුවෙන් ඔබතුමන් දක්වන විශේෂ සැලකිල්ල හේතුවෙන් නීතීය සහ පොලීසිය කෙරෙහි මහජනයාගේ ඇති විශ්වාසය බරපතළ ලෙස බිඳ වැටේ.

මෙම එන්තරවාසිය ලැබී පැය 24ක් තුළ ඉහත චෝදනා ලත් අය අත්අඩංගුවට ගන්නා ලෙස ඔබ වෙත දන්වා සිටිමි. එසේ නොමැති වුවහොත් රාජ්‍ය සේවයෙහි සහ පොලිස් සේවයෙහි ගෞරවය කෙලසීමටත් පොලිස්පති ලෙස ඔබට නීතියෙන් පැවරී ඇති බලතල ක‍්‍රියාත්මක නොකිරීමටත් එරෙහිව ඔබ හට නිසි අධිකරණයක නඩු පැවරීමට කටයුතු කරන බවද වැඩි දුරටත් දන්වා සිටිමි.
මෙයට,

සේවාදායිකාව උපදෙස් පරිදි
නීතිඥ උදුල් පේ‍්‍රමරත්න.

ඇපත් නැති කොට මොන මෝසම්ද? ඥාණසාර දිගටම ඇතුලේ

 

ganasaraඅධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඇප ඉල්ලා ගොනුකර තිබු මෝසම ප්‍රතික්ශේප කර තිබෙනවා.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කර ඇත්තේ.

අද පෙරවරුවේ නීතීඥයෙකු මාර්ගයෙන් මෙම මෝසම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකල බවයි එම සංවිධානයේ ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ සඳහන් කළේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පෙබරවාරි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 

partyදේශපාලන පක්ෂ හතරක හටගෙන ඇති අභ්‍යන්තර ගැටලු හේතුවෙන් පක්ෂ කිහිපයක් දෙකඩ වන ලකුණු පහළ වී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය, සමස්ත ලංකා මහජන පක්ෂය යන පක්ෂ තුළ මේ වනවිට අභ්‍යන්තර ගැටුම් උත්සන්න වෙමින් පවතී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන පිරිස වෙන පෙරමුණක් ලෙස ඉදිරිපත්වනු ඇතැයි කියති.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ආර්.ඒ. හාෆිස් ඉල්ලා අස්වීමෙන් හිස් වූ පුරප්පාඩුව සඳහා ඒ පක්ෂයේ මහලේකම් එම්.ටී. හසන් අලී මහතා පත් කිරීම රවුෆ් හකීම් මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමත්, ඒ පුරප්පාඩුව පිරවීම සඳහා හිටපු ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවු‍ෆික් පත්කිරීමට පියවර ගැනීමත් එම පක්ෂය දෙදැරීමට හේතු වී ඇති අතර, තමන්ට මන්ත්‍රී ධූරය ලබා නොදුනහොත් පක්ෂ මහලේකම් ධූරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බව හසන් අලි මහතා ප්‍රකාශ කර තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ හතරක්...
නායකත්වය ජනතා ප්‍රශ්න විසඳීමට නිසි ලෙස කටයුතු නොකරන බවට චෝදනා කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් වෙනම පෙරමුණක් පිහිටුවා ගැනීමත්, එය විසුරුවා හරින ලෙස විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නායකයන් කරන ලද ඉල්ලීම විග්නේශ්වරන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම පක්ෂය තුළ ගැටුම් උග්‍ර වී තිබේ.

මේ අතර වාණිජ හා කර්මාන්ත ඇමැති රිසාද් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන පක්ෂය පසුගියදා පැවැත්වූ මහා සම්මේලනය නීති වි‍‍රෝධී බව පවසමින් එහි මහ ලේකම් වයි.එල්. ෂාවුල් හමීඩ් කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමත්, එම සම්මේලනයේදී මහලේකම් ලෙස පත් කරන ලද එස්. සුබයිදීන් එම ධූරයේ කටයුතු කිරීම වළකාලන ලෙස ‍නඩු පැවරීමත් හේතුවෙන් ඒ පක්ෂය දෙකඩ වී තිබේ.

උසාවිය ළඟ දගලපු අය අත්අඩංගුවට

 

boduබොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර ප්‍රදීප් එක්නැලිගොඩ නඩු විභාගයේදී උසාවියට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රී රෝද රියදුරකු හා තවත් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එදින උසාවිය ඉදිරිපිට කලබල කළැයි කියන අනෙක් පිරිස ඊළඟ නඩු දිනයට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි හෝමාගම මහේස්ත්‍රාත් බදාදා නියෝග කළේය.

Prev Next

රතු ධජයේ සෙවනැල්ල ඉල්ලූ පළමු ස…

රතු ධජයේ සෙවනැල්ල ඉල්ලූ පළමු සොහොයුරකුට සමුදීම

වැඩිහිටියන්ට යම් ආකාරයේ විහිළු කිරීම අප අතර සිදුවන්නකි. සමාජවාදී අරමුණින් එකතු වූවන්ගෙන් සැදි සමාජ ව්‍යාපාරයක වුවද එවැනි විහිළු තහළු හිඟ නැත. එවැනි විහිළු බැ?රුම් ලෙස නොගන්නා වැඩිහිටියෙක් මට සිහිපත් වේ. ඔහු නමින් ඒ.වී. අබේරත්න නම් විය. ‘කලවානේ අබේ අයියා’ යනු...

ලෝක බැංකු මහනගර සැළසුම ඉදිරියට…

ලෝක බැංකු මහනගර සැළසුම ඉදිරියට සොබාදහම වළපල්ලට

ලෝක බැංකුවේ  අවශ්යනතාවය මත 2011-2030 යන වසර තුළ රටේ භෞතික සංවර්ධනය උදෙසා මේ වනවිට රජය ජාතික හෞතික සැලසුම යනුවෙන් සංවර්ධන සැලැස්මක් සකස් කොට ඇත. මෙම සැළසුම පසුගිය ආණුඩුව මගින් ආරමිබ කල අතර කොටස් වශයෙන් යහපාලනය විසින් කරගන යනු ලබයි. 2030 වසර...

ඇමතිතුමෝ

ඇමතිතුමෝ

ඔය වගේ පතපොත් ටිකක් පිටිපස්සෙන් තියා ගෙන ‍ෆොටෝ ගහලා පත්තරවල දාගෙන, මීඩියා එකේ  පොර ටෝක් දුන්නට, හිතන්න එපා ඔයාලට ඡන්දෙ දෙන මෝඩයෝ වගේ අපිත් ඔයාලට රැවටෙයි කියලා. ඊයේ දෙරණ TV එකට ඇවිල්ලා, වාදපිටියෙදි ගහපු කෙබර හොඳයි, ඔයා ගේ ඡන්දදායකයන්ට‍. 'අපි සමාජ වෙළෙඳපළ...

සේවක කප්පාදුවට එරෙහිව කම්කරුවන…

සේවක කප්පාදුවට එරෙහිව කම්කරුවන් පාරට

ජනවාරි 30 වනදා ඉතාලියේ විචේන්සා නගරයේ  prix සුපිරි වෙළදසැල් සේවක සේවිකාවන් පිරිසක් උද්ගෝෂණයක නිරතවිය .එහිදී සේවක කප්පාදුවට ,කොන්ත්‍රාත්තු කාලය දීර්ග නොකිරීමට ,දීමනා ලබානොදීම ආදී තවත් ඉල්ලීම් රැසක් ලබාදෙන ලෙස බල කරමින් මන්පවර් ආයතනයටත් prix සමාගමටත් එරෙහිව මෙම උද්ගෝෂණය සංවිධානය කර...

vivara-fm

vivara-tv

Piya-Luogo

කුලවාදයට එරෙහිව නැගී සිටි හාර්දික් පටෙල් අත්අඩංගුවට

ගුජරාට් ප්‍රන්තයේ ක්‍රියාත්මක කළ විරෝධතා රැලි සඳහා නායකත්වය ලබා දුන් හාර්දික් පටෙල් අත්අඩංගුවට ගැනිමට ප්‍රාන්ත පොලිසිය කටයුතු කර තිබේ. ඉන්දියාවේ පටෙල්...