උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ සූදානමක් පවතින මොහොතක පළාත් සභා බලතල සංශෝධනය කිරීමට උත්සාහ නොගන්නැයි මල්වතු මහනායක හිමියෝ ශ්‍රී ලංකා ආණ්ඩුවට අනුශාසනා කරති.
තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල, මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියෝ එම අනුශාසනාව කළේ සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා නා හිමියන් බැහැ දැකීම පිණිස ඉරිදා මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේදී.
පළාත් සභා ක්‍රමය, විධායක ජනාධිපති ක්‍රමය සහ මනාප ක්‍රමය ආදිය සමස්තයක් වශයෙන් රටට ඉතා අහිතකර බව පැවසූ මල්වතු මහ නාහිමියෝ, ඒ සියල්ල වෙනස් විය යුතු බව තමන්වහන්සේ විසින් රාජ්‍ය නායකයන්ට නිරන්තරයෙන්ම පෙන්වා දෙනු ලැබ තිබෙන බවද අමාත්‍යවරයාට දැනුම් දුන්හ.
කෙසේ වුවත්, විශේෂයෙන්ම උතුරේ මැතිවරණය පැවැත්වීමට සැරසෙන මේ මොහොතේ පළාත් සභා ක්‍රමය සංශෝධනය කිරීමට උත්සාහ කළහොත් එමගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් අවාසිදායක වාතාවරණයකට මුහුණ දීමට සිදුවිය හැකි බව මහ නාහිමියන්ගේ අදහසයි.
ඉඩම්, පොලිස් සහ හමුදාව පාලනය කිරීම ඇතුළු සියලු බලතල ජනාධිපතිවරයා සතුව තිබෙන බැවින් මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව බිය නොවිය යුතු බවත් මහා නාහිමියන් ඇමතිවරයාට දැනුම් දුන්නා.

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more
ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම් පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.
ලලිත් සහ කුගන් දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන
ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය