ඇමැතිවරුන් ඉන්නේ ජනතාවට සේවය කරන්න ය. වචනයේ කිසිදු තේරුමක් නැතැත් ඔවුන්ට මහජන නියෝජිතයන් යැයි කියන්නේ ඒ නිසා ය. අපේ රටේ සෞඛ්‍ය සේවයක් තිබේ. රෝහල් තිබේ. වාහනයක් නම් ඇන්ජිමක් ඕනෑ සේ ම රෝහලක් නම් බෙහෙත් ඕනෑ ය. අද අපේ බොහෝ රෝහල්වල නැත්තේ ද බෙහෙත් මය. මේ බෙහෙත් නොමැති වීම මත පෞද්ගලික බෙහෙත්හල්, ලේ මුත‍්‍රා පරීක්ෂා කරන තැන් තට්ටු පිට තට්ටු නගී.
මේ මාගේ පෞද්ගලික අත් දැකීමක් ය. බිරිඳ රෝහල් ගත කර සිටිය දී ලේ සාම්පලක් පරීක්ෂා කර ගෙන එන ලෙස වෛiවරයා මට පැවසුවේ ය. එය රෝහලේ දිවා කාලයේ රෝගීන්් බලන වේලාව වූ බැවින් මට අදාළ වාර්තාව ලබා ගත හැකි වූයේ සවස රෝහල වෙත යාමේ දීය. එහෙත් මම ලේ සාම්පලය පෞද්ගලික වෛi මධ්‍යස්ථානය වෙත ලබා දුන් විට එහි සේවිකාව මා ගෙන් විමසා සිටියේ මෙය නේවාසික රෝගියකුගේ ලේ සාම්පලයක් ද යන්නයි. එය එසේ බව කී විට ඇය රෝහලේ වාට්ටුවේ අංකය සහ බිරිඳගේ නම සටහන් කර ගෙන කියා සිටියේ ලේ වාර්තාවේ ගැටලූවක් ඇත්නම් සවස් වන්නට පෙර තමන්ට අදාළ වාට්ටුව වෙත එය දැනුම් දිය හැකි බවයි. ඇත්තට ම එය මට ද පහසුවක් විය.
එහෙත් රෝහල්වල අවශ්‍ය පහසුකම් නොමැති තත්ත්වයක් තුළ පෞද්ගලික අංශය නමැති බූවල්ලා සිය අඩු විහිදා ඇති අන්දම සිතන්න. වාට්ටුව ආණ්ඩුවේ. බෙහෙත් පෞද්ලික අංශයේ ය. එපමණක් නොව ඔවුන් දැන් ඒකාබද්ධ මෙහෙයුම්වල ද නිරත වීම ඊටත් වඩා භයානක තත්ත්වයකි.
මේ සිදු වීම ලියන්නට සිතා සිටින විට ඊයේ තවත් අපූරු දෙයක් සිදු විය. සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ තමන්ගේ ගම් ප‍්‍රදේශය වන පොළොන්නරුවේ පෞද්ගලික වෛi මධ්‍යස්ථානයක් විවෘත කළේ ය. විවෘත කිරීම් ඇමැතිවරුන්ට සාමාන්‍ය දෙයක් වුවත් ඔහු එහි දී කී කතාව බොහෝ දේ අපට කියයි. සෑම නගරයකම පෞද්ගලික රෝහල් සහ වෛi මධ්‍යස්ථාන බිහිවනවා නම් ඊට වඩාත් ම කැමැති පුද්ගලයා තමන් බව ඔහු කීය. ඊට හේතුව ලෙස ඔහු කීවේ ආණ්ඩුව සෞඛ්‍යයට වැය කරන මුදල ඉන් අඩු කරගත හැකිය යන තර්කය මත ය. මෙය කීවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියා ගන්නා දේශපාලනඥයා නොව ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා වීම දුප්පත් රෝගීන්ගේ අවාසනාව නොවේ ද?

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more
ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම් පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.
ලලිත් සහ කුගන් දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන
ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය