Feature - පෙරහරට පෙර අභයභූමිය රැකීම..

Elelphantකෑගල්ලට නුදුරු ගංගාවක රාජා අලියා දිය නාමින් සිටියි. අලසකමින් යුතුව වතුරේ වැතිරී සිටින මේ පනස් වියැති සත්වයාගේ සිරුර තදින් අතුල්ලන ඇත් ගොවුවන් දෙදෙනෙකි. ඉඳ හිට ඉහළට එසවෙන හොඩය වතුරෙන් උඩ ඇති සිරුර පුරා ජල ප‍්‍රහාරයක් එල්ල කරයි. වඩාත් ම චමත්කාරජනක වන්නේ උගේ දිගු දළ දෙක ය. බොහෝ ආසියාතික ඇතුන්ට දිගු දළ ඇති වන්නේ නැත. එබැවින් දිගු දළ ඇත්තන්ට ආගමික උත්සවයන්වල දී  හිමිවන්නේ විශාල වටිනාකමකි.

රාජා සහ තවත් සාමාජිකයන් තිදෙනකුට මහනුවර ඓතිහාසික දළදා පෙරහරේ දී හිමිවන්නේ ඉහළ ස්ථානයකි. රාජාගේ මේ පෙරහරේ ගමන දශක පහකට ආසන්න කාලයක් අලි පරපුර තුනක හිමිකරුවන්ගෙන පැවැති එන පරපුරේ වත්මන් පුරුක වන 89 හැවිරිදි ම මිල්ලන්ගොඩ අප්පුහාමිට ද මහත් ආඩම්බරයක් ගෙන දෙයි.
ඒත් මේ වනවිට මෙවැනි ආගමික උත්සව සඳහා අලි ඇතුන් දායක කර ගැනීම අපහසු කටයුත්තක් බවට පත් වෙමන් ඇත. අලි ඇතුන් ඇල්ලීම නීතියෙන් තහනම් කටයුත්තකි. මීට දශක එක හමාරකට පමණ පෙර ආගමික උත්සවවලට එක්කර ගත හැකි මට්ටමේ අලි ඇතුන් 500ක් පමණ වුව ද අද එය 100ක් පමණ දක්වා අඩුවී තිබේ. එයිනුත් මෙවැනි උත්සව සඳහා සහභාගී කර ගත හැකි හොඳම මට්ටමේ අලි ඇතුන් සිටින්නේ 70ක් පමණ ය. එහෙත් මේ වන විටත් මෙම අඩුපාඩුව සම්පූර්ණ කිරීම සඳහා නිසි විසඳුමක් දක්නට නැති බව පැහැදිලි ය. පිරිසක් අලි ඇතුන් අල්ලාගෙන ආ යුතු බව කීව ද තවත් පිරිසක් ඊට දැඩි විරෝධය දක්වති.
මේ සම්බන්දයෙන් අදහස් දක්වන හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි කරුණාරත්න මහතා පවසන්නේ පෙරහර ආදී බොහෝ ආගමික උත්සව එකම සමයක යෙදී තිබීම මීට හේතුව බවයි.

‘‘මේ සියලූ උත්සවවලට දායක කරන්න අපට ඉන්නෙ අලි ඇතුන් 70ක් විතරයි. එයාලව ප‍්‍රවාහනය කරන්නෙ ලොරිවලින්. ඉතිං ඒ ක උන්ට ලොකු වෙහෙසක්. මීට කලින් කාලවල දී අපි ගැටලූ සහගත අලි ඇතුන් ඉවත් කරල හොඳ සෞඛ්‍ය සම්පන්න අලි ඇතුන් තමයි පෙරහැරට දායක කර ගත්තේ. නමුත් දළදා පෙරහැර වගේ දැවැන්ත ආගමික උත්සව සඳහා තෝරා ගැනීමක් කරන්න අමාරුයි. ඇතැම් විට දඩබ්බර අලි ඇතුන් පවා ඊට එක් කළ යුතු වෙනවා.’’ ධම්සිරි මහතා කියයි.
ඇතැම් සත්ත්ව සුබසාධක ක‍්‍රියාකාරිකයෝ අලි ඇතුන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් විරෝධතා දැක්වුවත් මේ සාම්ප‍්‍රදායික සිරිත් විරිත් අතහැර දැමීම ගැන ද කැමැත්තක් නොදක්වති.
උතුරු මැද වියලි කලාපය තුළ අලි ඇතුන් සුලබ ය. රජය විසින් මේ වන විට රිටිගල ආශ‍්‍රිත ව ශ‍්‍රී ලංකාවේ දෙවන අතර මැදි වන කඳවුර මේ වන විට ස්ථාපිත කර තිබේ. සත්ත්ව සංරක්ෂයකන් පවසන්නේ තව දුරටත් ශ‍්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන තුළ පවා විවිධ කණ්ඩායම් විසින් අලි ඇතුන් අල්ලන බවයි.
එවැනි ක‍්‍රියාකාරිකයකු වන රුක්ෂාන් ජයවර්ධන මහතා අප සමග මෙසේ පැවසීය.

‘‘තවමත් කිරි බොන වයසේ ඉන්න අලි පැටවු උන්ගේ අම්මලගෙන් අරගෙන යනවා. මේ අය තවම පුංචියි. ඔවුන්ට තව දුරටත් මවු සෙනෙහට අවශ්‍යයි. රැුකවරණය අවශ්‍යයි. මේ අලි ඇතුන් අල්ලන අය රාත‍්‍රියේ දී තමයි නීති විරෝධී ක‍්‍රියාකාරකම්වල නිරත වෙන්නෙ. මේක සිදු කරන්නේ ඉතා සංවිධානාත්මක සංවිධාන මගින්. මේ සඳහා ඇතැම් භික්ෂූන් වහන්සේත් සම්බන්ධයි. සමස්ත අලි ගහණයෙන් සියයට තුනක් විතර වෙන ඇතුන්ට මෙමගින් දැඩි බලපෑමක් එල්ල වෙන්න පුළුවන්.’’
සත්ත්ව සංරක්ෂකයන් පවසන පරිදි ප‍්‍රකට පින්නවල අලි අනාථාගාරය මගින් ද විහාරස්ථාන වෙල අලි ඇතුන් පිරිනැමීම ගැටලූ සහගත බවයි. පසුගිය දා කොට්ටේ රාජමහා විහාරයේ අලියා මිය ගියේ ය. ප‍්‍රධාන භික්ෂූන් වහන්සේ සඳහන් කළේ අකුණු වැදීම හේතුවෙන් මෙම මරණය සිදු වූ බව වුව ද පරිසර ක‍්‍රියාකාරිකයකු වන සජීව චාමිකර මහතා කියා සිටියේ අකුණිකින් අලියා මිය ගිය බවට සලකුණක් නොමැති බවයි. ඇත් ගොවුවන් සිදු කළ තුවාල පිළිබඳව ද ඔහු කියා සිටියේ ය.
සෞඛ්‍ය සම්පන්න අලි හදා වඩා ගැනීම සඳහා විහාරස්ථාන වෙත ලබා දීමට රජය තීරණය කර තිබිණ. එහෙත් පරිසර සංවිධාන 30ක් පමණ ඊට දැඩි විරෝදය එල්ල කළේ ය. ඒ අනුව අදාළ යෝජනාව ඉල්ලා අස්කර ගැණින.

පරිසරවේ දී රුක්ෂාන් ජයවර්දන මහතා පැවසුවේ ආගමික උත්සව සඳහා තවදුරටත් අලි ඇතුන් අවශ්‍ය බව සිතන්නේ නම් කළ යුත්තේ ඔවුන් බෝ කර ගැනීම බවයි. වනයේ සිටින සතුන් ඇල්ලීම කිසිසේතම අනුමත කළ නොහැකි බව හෙතෙම පවසයි.
එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අලි ඇතුන්ගේ සංගමයේ ධම්සිරි මහතා සඳහන් කළේ දැනට සිටින හීලෑ අලි ඇතුන් මේ සඳහා ප‍්‍රමාණවත් නොවන බවයි. ඇතුන් කෙසේ වෙතත් අලින් හෝ මේ සඳහා වනයෙන් ගෙන ආ යුතු බව ඔහු සඳහන් කරයි.


බීබීසී ලෝක සේවයට චාර්ස් හැවිලන්ඞ් සකස් කළ ලිපියක සිංහල පරිවර්තනයකි.
- රොෂාන් රුබේරු -

Add comment


Security code
Refresh

Prev Next