පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලියාපදිංචි පක්ෂයක් වෙයි!

FSPලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තිබූ බාධාව සම්පූර්ණයෙන්ම ඉවත්ව තිබේ. පසුගියදා කොළඹදී ජන විමුක්ති සහයෝගී පෙරමුණේ මහ සමුළුව පැවති අතර එහිදී එහි නම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස සංශෝධනය කෙරිණි. එමෙන්ම නව නිලධාරී මණ්ඩලයක්ද පත් කර ගනු ලැබූ අතර ව්‍යවස්ථාවද සංශෝධනය කෙරිණි. මෙම සංශෝධනය කිරීම් සමුළුවේ සියලූ සාමාජිකයින්ගේ ඒකමතික ඡුන්දයෙන් සිදු විය. මෙම සංශෝධන පිළිගත් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා විසින් ඊයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතා වෙත ලිඛිතව දැනුම් දෙනු ලැබීය. ඒ අනුව සිය පක්ෂයට ඉදිරියේදී ලියාපදිංචි දේශපාලන පක්ෂයකට හිමි මැතිවරණවලට තරග කිරීම සියලූ අයිතිවාසිකම් හිමි වන බවත් සිය පක්ෂයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලූව මේ අනුව නිරාකරණය වී ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රකාශකයකු වැඩිදුරටත් පැවසීය.

Add comment


Security code
Refresh

විශේෂාංග පුවත්

Audio - වම දුර්වල වුනේ සහාග දේශපාලනය නිස…

Audio - වම දුර්වල වුනේ සහාග දේශපාලනය නිසයි .

වමේ දේශපාලනය පිරිහීම ආරම්භවෙන්නේ 1964 දී ජනබලයක් තිබුණු ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ධනේශ්වර දේශපාලන පක්ෂය සමග සභාග ආණ්ඩුවක් පිහිටුවන්න ගත් තීන්දුව සමගයි .1975 වෙනවිට එදා ගත්... Read more

උන්ගේ ආණ්ඩුව වෙනුවෙන් උන් කඩේ යති .

උන්ගේ ආණ්ඩුව වෙනුවෙන් උන් කඩේ යති .

ශිෂ්‍ය අරගල ඉතිහාසය මත තමයි ශිෂ්‍ය මර්ධන ඉතිහාසය ලියවිලා තියෙන්නේ . මේ දෙක කවදාවත් වෙන වෙනම ලියවෙන්නේ නැහැ . ශිෂ්‍යයෝ හැමදාමත් අරගල කෙරුවේ නිදහස් අධ්‍යාපනයත් , අධ්‍යාපනයේ නිදහසත් රැකගන්න .... Read more

Video - රාජපක්ෂගේ ශිෂ්‍ය මර්දනය සමානයි ම…

Video - රාජපක්ෂගේ ශිෂ්‍ය මර්දනය සමානයි මෛත්‍රී රනිල් ශිෂ්‍ය මර්දනයට

මාර්තු 31 වන  දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් පාසල් තුල මුදල් අය කිරීම නීතිගත කල නව චක්‍රලේඛය අහෝසි කරගන්නා ලෙසත්, මාලඹේ,කොතලාවල ඇතුළු සියලු උපාධි කඩ අහෝසිකරගන්නා ලෙසත්, විවෘත විශ්වවිද්‍යාලයේ... Read more

Prev Next

Audio - වම දුර්වල වුනේ සහාග දේ…

Audio - වම දුර්වල වුනේ සහාග දේශපාලනය නිසයි .

වමේ දේශපාලනය පිරිහීම ආරම්භවෙන්නේ 1964 දී ජනබලයක් තිබුණු ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ධනේශ්වර දේශපාලන පක්ෂය සමග සභාග ආණ්ඩුවක් පිහිටුවන්න ගත් තීන්දුව සමගයි .1975 වෙනවිට එදා ගත් තීන්දුව වැරදියි කියලා ඔවූන්ට තේරුණා ..පැරණි වම සබාග  දේශපාලනයේ හිරවෙනවා...

උන්ගේ ආණ්ඩුව වෙනුවෙන් උන් කඩේ …

උන්ගේ ආණ්ඩුව වෙනුවෙන් උන් කඩේ යති .

ශිෂ්‍ය අරගල ඉතිහාසය මත තමයි ශිෂ්‍ය මර්ධන ඉතිහාසය ලියවිලා තියෙන්නේ . මේ දෙක කවදාවත් වෙන වෙනම ලියවෙන්නේ නැහැ . ශිෂ්‍යයෝ හැමදාමත් අරගල කෙරුවේ නිදහස් අධ්‍යාපනයත් , අධ්‍යාපනයේ නිදහසත් රැකගන්න . පාලකයෝ හැමදාම මර්දනය කැදෙව්වේ නිදහස් අධ්‍යාපනය වල පල්ලට යවලා, අධ්‍යාපනය...

samaruwa2015-apri

aluth

cast-obama

කවුරුද කාවද මේ රවටන්නේ
දුන් අත කවුරුද හපන් කන්නේ
මිතුරන් වෙන්නද මේ දගලන්නේ
සමාජවාදය හෙට කොයි යන්නේ

vivara-fm

vivara-tv

Piya-Luogo

ශී‍්‍ර ලංකා - ජපාන නිදහස් වෙළඳ ගිවිසුමක්

  ශී‍්‍ර ලංකාව සහ ජපානය අතර පවතින ද්විපාර්ශ්වීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබීමට පියවර ගෙන...