කටුවන ඝාතනයේ සැකකරුවන් වහා අත්අඩංගුවට ගනු!

FSPආණ්ඩුවට සම්බන්ධ මැර කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබූ එදිරිමාන්නගේ මාලිනී සහෝදරිය සහ නිමන්ත රොෂාන් සහෝදරයාගේ අවසන් කටයුතු අද සිදුවීමට නියමිතය. මෙම තිරශ්චීන ඝාතනය පිළිබඳව පෙටරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි අපේ බලවත් විරෝධය ප‍්‍රකාශ කර සිටිමු.
මෙම ප‍්‍රහාරයට ආණ්ඩුව සම්බන්ධ බවට හොඳින්ම ඒත්තු යන්නේ දැන් දින ගණනාවක් ගත වී ඇතත් තවමත් ඇසින් දුටු සාක්ෂි මගින් හඳුනා ගත් මැරවරයින් පවා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක‍්‍රියා නොකිරීමෙන් සහ රජයේ වගකිව යුතු නිලධාරීන් මෙම ඝාතනය පිළිබඳ විවිධ අදහස් ප‍්‍රකාශ කරමින් මහජන මතය ව්‍යාකූල කිරීමට උත්සාහ කරන නිසාය.
මේ වන විට රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සෑම ක්ෂේත‍්‍රයකම පාහේ බරපතළ අවදානමකට ලක්ව තිබෙන අතර දේශපාලන පක්ෂයකට රැුස්වීමක් පැවැත්වීමේ අයිතිය පවා පැහැර ගෙන ඇති බව කටුවන උදාහරණයෙන් පැහැදිලි වේ. මෙය රටේ ජනතාවට අදහස් ප‍්‍රකාශනයට ඇති අයිතියත් දේශපාලනය කිරීමට ඇති අයිතියත් උල්ලංඝනය කෙරෙන බරපතළ සිදුවීමක් ලෙස අපි දකිමු. මෙම තත්වය පරාජය කර රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ඇති කිරීමේ වගකීම රටේ සමස්ත ජනතාව සතුව ඇතැයිද අපි සිතමු.
මෙම මැර ක‍්‍රියාවට සම්බන්ධ සියලූ මැරවරයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද දේශපාලන පක්ෂවලට දේශපාලනය කිරීම සඳහා ඇති අයිතිය සුරක්ෂිත කරන ලෙසද ආණ්ඩුවට බල කර කියා සිටින අපි රට තුළ ගොඩ නැගෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අත්තනෝමතිකත්වය පරාජය කිරීම සඳහා පෙරට එන ලෙස සමස්ත ශ‍්‍රී ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

දේශපාලන මණ්ඩලය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2012.06.18

Add comment


Security code
Refresh

vivara-tv

vivara-fm

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේ…

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේරාගනියි

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more

Reply

සම අයිතිය ව්‍යාපාරය 2013 මාර්තු 24 වෙරෝනා

ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම්  පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.

ලලිත් සහ කුගන්  දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන

ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය