Share on facebook

අපි ළගට ආවෙ ඔයාලා විතරයි – ධීවරයෝ ‘ජන අරගල’ නායකයන්ට කියති.

 

JANAARAGALAඉන්ධන මිල ඉහළ යාමට සහ හලාවතදී සිදු වූ ධීවර ඝාතනයට එරෙහිව බොහෝ දෙනා විරෝධතා ව්‍යාපාර සිදු කරද්දී ජන අරගල ව්‍යාපාරය ධීවරයින් අතරට යාමට තීරණය කළා. පෙබරවාරි 23 වැනිදා රැුස් වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික මෙහෙයුම් කමිටුව තීරණය කළේ රට පුරා සියලූ ධීවරයින් සංවිධානය කළ යුතු බවයි.

චමීර කොස්වත්ත මහතා
ඇති වෙලා තිබෙන තත්වයට විරුද්ධව විරෝධතා ව්‍යාපාර පවත්වන්නත්  ඕන. ඒත් වැඩියෙන්ම වැදගත් වෙන්නේ ගැටලූවට මුහුණ දීලා ඉන්න බලවේග සංවිධානය කිරීම. ධීවරයින් විවිධ ප‍්‍රදේශවල වෙන වෙනම සංවිධානය වෙලා තිබෙනවා. ඒත් ඒ සියලූ දෙනා ඒකාබද්ධ කරපු වැඩපිළිවෙළක් නැහැ. දැන් එවැනි අවශ්‍යතාවක් මතු වෙලා තිබෙන නිසා අපට පුළුවන් ඊට මැදිහත් වෙන්න.

පුබුදු ජයගොඩ මහතා
ධීවරයින් තමන්ගේ වෘත්තිය ප‍්‍රශ්න වෙනුවෙන්, ඉල්ලීම් දිනා ගන්න සංවිධානය කරන්න පුළුවන්ව. ඒ අතරේ අපි ඔවුන්ට දේශපාලන දැනුම ගෙන යන්න  ඕන. මේ සටනින් ඉන්ධන සහන දිනා ගත්තත් ප‍්‍රශ්නය කෙළවර වෙන්නේ නැහැ. ප‍්‍රශ්නය වෙනත් මුහුණුවරකින් නැවත එනවා. ඒ යථාර්ථය ධීවරයාට කියා දෙන්න  ඕන.

වරුණ රාජපක්ෂ මහතා
ඔව්! ධීවරයා විතරක් නොවෙයි, ධීවරයාගේ ප‍්‍රශ්නය සමග අනෙකුත් බලවේගවල ප‍්‍රශ්නත් එකතු කරන්න  ඕන. එතකොට තමයි හැමෝම තේරුම් ගන්නේ මේක තමන්ට විතරක් තියෙන ප‍්‍රශ්නයක් නෙවෙයි, තමන්ගේ ක්ෂේත‍්‍රය ඇතුළේ විතරක් මේ ප‍්‍රශ්නවලට උත්තර සොයන්න බැහැ, ප‍්‍රශ්නය තිබෙන්නේ පවතින සමාජ ක‍්‍රමයේ කියලා.
පළමු පියවර ලෙස ධීවරයින් හමුවී සාකච්ඡුා කරන්නත්, ඒ සාකච්ඡුාව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්ද සහභාගි කර ගන්නත් තීරණය කළා. ජන අරගල ව්‍යාපාරය ඒ වන විටත් ධීවරයින් අතර වැඩ කරමින් සිටි නිසා ඉක්මනින්ම සාකච්ඡුාව සූදානම් කර ගැනීමට හැකි වුණා. ඒ අනුව 26 වැනිදා මීගමුව ‘දිනිඳු’ ගාඞ්න්හිදී සාකච්ඡුාව පැවතුණා.
මෙම සාකච්ඡුාව සඳහා ජන අරගල ව්‍යාපාරය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා, මාවෝවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් සුරේන්ද‍්‍ර අජිත් මහතා, ප‍්‍රැක්සිස් එකතුව නියෝජනය කරමින් විදර්ශන කන්නන්ගර මහතා සහ වරදාස් මහතා, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරමින් තිලාන් ප‍්‍රනාන්දු මහතා, ශාන්ත සෙබස්තියන් ධීවර සමිතිය වෙනුවෙන් ලොයල් පීරිස් මහතා සහ ජෝර්ජ් ප‍්‍රනාන්දු මහතා, වැල්ලවීදිය කුඩාගමුව ඒකාබද්ධ ධීවර සමිතිය වෙනුවෙන් නාමල් මහතා සහ මැක්සිමන් කුංඥ මහතා, එක්සත් ධීවර සමිතියේ හිටපු උප සභාපති ලැනී ප‍්‍රැන්සිස් ප‍්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡුාවට සහභාගි වූහ. මේ අනුව රට පුරා සියලූ ප‍්‍රදේශවල නියෝජනයක් සහිතවයි සාකච්ඡුාව පැවතුනේ.

අජිත් කුමාර මහතා
ආණ්ඩුව වෙඩි තියලා මරා දාපු ඇන්ටනී සහෝදරයාට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් වෙන්නේ මේ සටන අතර මග නතර නොකර ජයග‍්‍රහණය දක්වා ගෙන යනවා නම් විතරයි. ඉන්ධන ප‍්‍රශ්නය දැනෙන්නේ ධීවරයාට
විතරක් නොවෙයි, ඉන්ධන මිල වැඩි නිසා බස් ගාස්තු ඉහළ දැම්මාම ඒක මගියාටත් දැනෙනවා. ඒ නිසා මේක එක පිරිසකගේ ප‍්‍රශ්නයක් නොවෙයි, සියලූ දෙනාගේම ප‍්‍රශ්නයක්. ඒ නිසා සියලූ බලවේග මෙතනට ඒකරාශී කරන්න  ඕන

සුරේන්ද්‍ර අජිත් මහතා
ජනතාව පීඩාව දරා ගන්න බැරිව උද්ඝෝෂණ කරන කොට ආණ්ඩුව මිලිටරි බලය යොදවනවා. ඊට විරුද්ධවත් අරගල කරන්න  ඕන.

වරදාස් මහතා
උතුරු නැගෙනහිර ධීවරයින්ට විශේෂ ප‍්‍රශ්න තිබෙනවා. ඉන්දියාවේ ධීවරයින් ඇවිත් මාලූ අල්ලගෙන යනවා, ආණ්ඩුව මොනවත් කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ වගේ සාකච්ඡුා ඒ පළාත්වල සියලූම ධීවර සමිති එකතු කර ගෙන කරන්න  ඕන. අපි උතුරු පළාතේත්, නැගෙනහිර පළාතේත් මේ වගේ සාකච්ඡුා කරන්න  ඕන.

ලොයෙල් පීරිස් මහතා
හැමෝම උද්ඝෝෂණ කරනවා. ඒත් ඔය ගොල්ලෝ විතරයි මෙහෙම ධීවරයින් අතරට ඇවිත් ධීවරයින් සංවිධානය කරන්න ඉදිරිපත් වුණේ. අපි හැම තොටුපළක් ගානේම ගිහින් ධීවරයින් දැනුවත් කරන්න  ඕන.
සාකච්ඡුාව අවසන් කළේ, රට පුරා සියලූම ධීවර වරායන් හා තොටුපළවල්වල ධීවරයින් දැනුවත් කිරීම සඳහා පත‍්‍රිකාවක් බෙදීමටත්, කටුනායකදී රොෂේන් චානක ඝාතනය කිරීමට විරුද්ධව මාර්තු 1 හා හලාවතදී ඇන්ටනී ඝාතනය කිරීමට එරෙහිව මාර්තු 15 වැනිදා සත්‍යග‍්‍රහ පැවැත්වීමටත් එමෙන්ම ධීවර නියෝජිතයින් හා අනෙකුත් ක්ෂේත‍්‍රවල නියෝජිතයින් අතර පොදු සාකච්ඡුා පැවැත්වීමටත් තීරණ ගනිමින්.

Comments  

 
0 #1 dikki 2012-03-06 08:17
අනේ පලයල්ල උඹල කරන විප්ලව රට පුරා තියා එක විරෝධතාවක් සංවිධානය කරගන්න බෑ. මෝඩ හැත්ත, ධීවරයන්ට ධනේස්වර ක්‍රමයේ අර්බුධය කියල දීලද ක්‍රමය වෙනස්කරන්න යන්නෙ. හරි බලාගෙන ඉන්නව කම්කරුපංතිය පංතිදැනුමින් සන්නද්ධ කරල විප්ලවේ කරන තෙක්.
Quote
 

Add comment


Security code
Refresh

Prev Next

රතු ධජයේ සෙවනැල්ල ඉල්ලූ පළමු ස…

රතු ධජයේ සෙවනැල්ල ඉල්ලූ පළමු සොහොයුරකුට සමුදීම

වැඩිහිටියන්ට යම් ආකාරයේ විහිළු කිරීම අප අතර සිදුවන්නකි. සමාජවාදී අරමුණින් එකතු වූවන්ගෙන් සැදි සමාජ ව්‍යාපාරයක වුවද එවැනි විහිළු තහළු හිඟ නැත. එවැනි විහිළු බැ?රුම් ලෙස නොගන්නා වැඩිහිටියෙක් මට සිහිපත් වේ. ඔහු නමින් ඒ.වී. අබේරත්න නම් විය. ‘කලවානේ අබේ අයියා’ යනු...

ලෝක බැංකු මහනගර සැළසුම ඉදිරියට…

ලෝක බැංකු මහනගර සැළසුම ඉදිරියට සොබාදහම වළපල්ලට

ලෝක බැංකුවේ  අවශ්යනතාවය මත 2011-2030 යන වසර තුළ රටේ භෞතික සංවර්ධනය උදෙසා මේ වනවිට රජය ජාතික හෞතික සැලසුම යනුවෙන් සංවර්ධන සැලැස්මක් සකස් කොට ඇත. මෙම සැළසුම පසුගිය ආණුඩුව මගින් ආරමිබ කල අතර කොටස් වශයෙන් යහපාලනය විසින් කරගන යනු ලබයි. 2030 වසර...

ඇමතිතුමෝ

ඇමතිතුමෝ

ඔය වගේ පතපොත් ටිකක් පිටිපස්සෙන් තියා ගෙන ‍ෆොටෝ ගහලා පත්තරවල දාගෙන, මීඩියා එකේ  පොර ටෝක් දුන්නට, හිතන්න එපා ඔයාලට ඡන්දෙ දෙන මෝඩයෝ වගේ අපිත් ඔයාලට රැවටෙයි කියලා. ඊයේ දෙරණ TV එකට ඇවිල්ලා, වාදපිටියෙදි ගහපු කෙබර හොඳයි, ඔයා ගේ ඡන්දදායකයන්ට‍. 'අපි සමාජ වෙළෙඳපළ...

සේවක කප්පාදුවට එරෙහිව කම්කරුවන…

සේවක කප්පාදුවට එරෙහිව කම්කරුවන් පාරට

ජනවාරි 30 වනදා ඉතාලියේ විචේන්සා නගරයේ  prix සුපිරි වෙළදසැල් සේවක සේවිකාවන් පිරිසක් උද්ගෝෂණයක නිරතවිය .එහිදී සේවක කප්පාදුවට ,කොන්ත්‍රාත්තු කාලය දීර්ග නොකිරීමට ,දීමනා ලබානොදීම ආදී තවත් ඉල්ලීම් රැසක් ලබාදෙන ලෙස බල කරමින් මන්පවර් ආයතනයටත් prix සමාගමටත් එරෙහිව මෙම උද්ගෝෂණය සංවිධානය කර...

vivara-fm

vivara-tv

Piya-Luogo

කුලවාදයට එරෙහිව නැගී සිටි හාර්දික් පටෙල් අත්අඩංගුවට

ගුජරාට් ප්‍රන්තයේ ක්‍රියාත්මක කළ විරෝධතා රැලි සඳහා නායකත්වය ලබා දුන් හාර්දික් පටෙල් අත්අඩංගුවට ගැනිමට ප්‍රාන්ත පොලිසිය කටයුතු කර තිබේ. ඉන්දියාවේ පටෙල්...