රැකියාවක් අවශ්‍ය නම් තමන්ට වැඩකරන ලෙසට උතුරු නැගෙනහිර පළාත්වල රැකියා විරහිත උපාධිධාරීන්ට කෙරෙන ආණ්ඩුවේ දේශපාලන බලපෑම් තරයේ හෙලාදකින බව රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා පවසයි.
මේ දිනවල ආණ්ඩුව දේශපාලන හිතවත්කම් මත ලබාදෙන රැකියා සඳහා ප‍්‍රබල විරෝධයක් රට පුරා මතුව ඇත.ඉතිහාසයේ නොවූ විරූ ලෙස ආණ්ඩුව කිසිදු විනිවිදභාවයකින් තොරව හිතුමතේ නාම ලේඛන සකසා මේ වනවිට පත්වීම් ලබා දී ඇත.මුලින් ස්ථිර පත්වීම් ලෙස ලබාදුන් මෙකී රැකියා දැන් මාස 6ක කාලයකට පමණක් ලබාදුන් තාවකාලික බඳවා ගැනීම් දක්වා වෙනස් වී ඇත.සමස්ත උපාධිධාරීන් මේ දෙස බලාසිටින්නේ මෙය ද ආණ්ඩුවේ තවත් ප්‍රෝඪාවක් වන්නේදැයි සිතමිනි.මෙකී රැකියා ලබාදීම පිළිබඳ ආණ්ඩුවේ ප‍්‍රකාශ නිසා මේ වනවිට පත්වීම ලද උපාධිධාරීන් ද අපහසුතාවයට පත්ව ඇත.
මේ අතර උතුර හා නැගෙනහිර පළාත්වල රැකියා විරහිත උපාධිධාරීන්ට ආණ්ඩුවේ මැතිඇමතිවරු රැකියාවක් අවශ්‍යනම් තමන් හා වැඩකරන ලෙස දන්වමින් උපාධිධාරීන්ට බලපෑම් කරමින් රැස්වීම් පවත්වා ඇත.මෙසේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සියල්ල උල්ලංඝණය කරමින් බඳවා ගැනීම හා ආණ්ඩුවට වැඩකළහොත් පමණක් රැකියා ලබාදෙන බවට සිදුකරන දේශපාලන බලපෑම් පිළිකුළෙන් යුතුව හෙළාදකිමු.විශේෂයේ මඩකලපුව සහ යාපනය යන දිස්ති‍්‍රක් වල ඉහත තත්ත්වය මතුව ඇත.
ආණ්ඩුව ජනතා විරෝධි ලෙස කටයුතු කරන අතර දේශපාලන බලය පාව්ච්චි කරමින් කරනු ලබන එවැනි තුච්ඡු කි‍්‍රයා නවත්වා,විධිමත්ව සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස බලකරන අතර රැකියා විරහිත උපාධිධාරීන් ඇතුළු රටේ ජනතාව රැවටීම දැන්වත් නවත්වන මෙන් අවධාරණය කරමු.

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more
ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම් පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.
ලලිත් සහ කුගන් දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන
ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය