ජනතාවට උණ්ඩ වෙනුවට අයිතීන් දෙනු - ජනඅරගලය ආණ්ඩුවට බල කරයි .

200ජීවත්වීමේ අයිතිය ඉල්ලා සටන් වදින ජනතාවට උණ්ඩවලින් පිළිතුරු නොදී ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙන ලෙස ජන අරගල ව්‍යාපාරය ආණ්ඩුවට බල කර සිටී. එම ව්‍යාපාරය විසින් අද පෙරවරුවේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එහි කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා ප්‍රකාශ කළේ ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව ධීවර ප්‍රජාව ආරම්භ කර ඇති විරෝධතාවට සිය ව්‍යාපාරයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

එහිදී අදහස් දැක්වූ අජිත් කුමාර මහතා  

"ඉන්ධන මිල වැඩි වෙන්න කලිනුත් ධීවරයින්ට ප්‍රශ්න තිබුණා. ඒ මොහොතේ ඉන්ධන මිලත් ඔවුන්ට දරා ගන්න බැරිවයි හිටියේ. ඒ තත්වය තුළ ආණ්ඩුව අසාධාරණ ලෙස ඉන්ධන මිල වැඩි කළා. ධීවරයින් ඉල්ලා සිටියේ අමුතු දෙයක් නොවෙයි. පැරණි මිලට ඉන්ධන දෙන්න කියලා. නමුත් ආණ්ඩුව ඊට කන් දුන්නේ නැති නිසා තමයි උද්ඝෝෂණ කරන්න සිදු වුණේ. ධීවර සටනේදී ඇන්ටනී සහෝදරයා මිය ගියා. නමුත් ආණ්ඩුව තවමත් තමන්ගේ තීරණය වෙනස් කර නැහැ.

බහුදින ධීවර යාත්‍රාවකට ඩීසල් ලීටර් 4000ක් පමණ වැය වෙනවා. එම යාත්‍රාවලට රුපියල් 1,20,000ක පමණ අතිරේක වියදමක් දරන්න වෙලා. එක්දින යාත්‍රාවකට දිනකට භූමිතෙල් ලීටර් 25ක් 50ක් පමණ වැය වෙනවා. රුපියල් 900කින් 2000කින් පමණ ඔවුන්ගේ දෛනික ඉන්ධන වියදම වැඩි වෙලා. මේ අමතර‍ වියදම දරන්න ක්‍රමයක් නැහැ. ඒ මුදල ඔවුන්ට ලැබෙන්න ක්‍රමයක් නැහැ.

මාලු මිල වැඩි කරන්න බැහැ. අනෙක් සියලුම භාණ්ඩ මිල වැඩි වී තිබෙන වෙලාවක මාලු මිලත් වැඩි වුණොත් මාලු මිලදී ගන්න පුළුවන් ජනතාවක් නොවෙයි ඉන්නේ. ඒ නිසා මාලු මිල වැඩි කරන්න බැහැ.

ධීවරයින්ගේ ආදායම ස්ථාවර එකක් නොවෙයි. අනෙක් අයගේ ආදායම ප්‍රමාණවත් නොවුණත් නිශ්චිතයි. නමුත් ධීවරයින්ගේ ආදායම දිනපතා වෙනස් වෙනවා. මාලු හම්බ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. වාරකන් කාලෙට මුහුදු යන්න බැහැ. ඒ වගේම ඇතැම් විට යන්න වෙන දුර වැඩියි. ඒ නිසා තමයි ධීවරයින් ආණ්ඩුවට බල කළේ කලින් මිලට ඉන්ධන දෙන්න කියලා. ඒ ඉල්ලීම් ගැන කිසිම තැකීමක් නොකරන ආණ්ඩුව ධීවරයින්ට තර්ජනය කරමින් සිටිනවා.

හලාවතදී ඇන්ටනී සහෝදරයාට වෙඩි තියලා මරන්න කලින් දවසේ මීගමුවේදී හමුදාව පොළු මුගුරු අරගෙන ඇවිත් ධීවරයින්ට පහර දුන්නා. හලාවතදී නීතිය අභිබවා ගිහින් වෙඩි තැබුවා. ඇත්ත ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට හමුදාව කැඳවලා උද්ඝෝෂණ මර්දනය කරනවා. ඒ විතරක් නොවෙයි, තුවාලකරුවන් රෝහලට ගෙන යන්න ඉඩ දුන්නේ නැහැ. ඇන්ටනීගේ මළ සිරුර බිම දාලා පෑගුවා.

අද වෙන කොට ආණ්ඩුවේ දේශපාලනඥයින් තොටුපළෙන් තොටුපළට යමින් ධීවරයින්ට තර්ජනය කරමින් ඉන්නවා, විරෝධතා නවත්වන්න කියලා. ඒක පැහැදිලිවම කිව යුතුයි. ඒ නිසා මුහුදු නොගිහින් හරි ජීවත් වෙන්න ඔවුන් හිතනවා.වෙඩි වෙනුවට ජනතාවට අයිතීන් දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.

වෙනදාට වඩා විශාල මුදලක් වැය කරන්න වෙනවා නම් ධීවරයින්ට වෙන්නේ බෝට්ටු විකුණලා දාන්න. ඔවුන් මත්ස්‍ය සම්පත නෙලන්න යන්නේ නැත්නම් ඒක  ජාතික නිෂ්පාදනයට බලපානවා. දැන් ධීවරයින්ට ඕන සහනාධාර ‍නොවෙයි, තිබුණු මිලටම ඉන්ධන දෙන්න කියලායි ඔවුන් ඉල්ලන්නේ."

මෙම මාධ්‍ය හමුවටධීවර ප්‍රජාව නියෝජනය කරමින් පැට්‍රික් ප්‍රියන්ත, ප්‍රියශාන්ත හා සැම්සන් යන ධීවරයින් සහභාගීවූහ.

මාධ්යේවේදීන් විසින් නගන ලද ප්රනශ්නවලට අජිත් කුමාර මහතා දුන් පිළිතුරු.

ප්ර්ශ්නය - ආණ්ඩුව කියනවා වෙඩි තැබුවේ හමුදාව නොවෙයි පොලිසිය කියලා.
පිළිතුර - ඒ සිදුවීම සජීවීව ඇසින් දුටු අය ඉන්නවා. ඒ වගේම අපි මාධ්යාවලින් දැක්කා. ඒ ප්රිදේශය එදා තිබුණේ යුධ පිටියක් වගේ. ජනාධිපතිවරයා ආඩම්බරකාර තාත්තා කියමින් ඇන්ටනීගේ දරුවන්ට තාත්තා කෙනෙක් නැති කළා.

ප්ර්ශ්නය - 15 වැනිදා සිට සහනාධාර ගන්න පුළුවන් කියලා ආණ්ඩුව කියනවා.
පිළිතුර - ධීවරයින්ට මීට කලිනුත් සහනාධාර ගැන කිව්වා.නමුත් දුන්නේ නැහැග ආණ්ඩුව උදේ කියන දේ හවසට බොරු කරනවා. හැම ප්රතශ්නයකදීම ආණ්ඩුව කරන්නේ ඔය වගේ කතාවලින් උද්ඝෝෂණ යටපත් කරන එක. ඒ නිසායි ධීවරයින් කියන්නේ සහනාධාර එපාල පරණ මිලට ඉන්ධන දෙන්න කියලා.

ප්රතශ්නය - ධීවරයින් අත ආයුධ තිබුණා කියලා ආණ්ඩුව කිව්වාග ඒක ඇත්තද?
පිළිතුර - එහෙම එකක් ගැන අපි නම් දන්නේ නැහැ. සාමකාමී උද්ඝෝෂණයට ආයුධ‍ගෙනාවේ ආණ්ඩුව.හමුදාව කැ‍යිඳෙව්වේ ආණ්ඩුව. උද්ඝෝෂණ වළක්වන්න සන්නද්ධ හමුදාව කැඳවන්න බැහැ.ඒක කළේ ආණ්ඩුව තීරණයක් අරගෙන.

mps press01

Add comment


Security code
Refresh

විශේෂාංග පුවත්

සටන් වදින මී හරකා.......

සටන් වදින මී හරකා.......

බලවතුන් ඉදිරියේ දුබලයන් ගැළවීමට ඇති එකම මගලෙස තෝරාගන්නේ පලායෑමයි. සිංහයන් හරකුන් මරාකනබව හරකුන් සහජයෙන් දනිති .නමුත් මේ මීහරකා තෝරාගන්නේ සටන්වැද ජයලැබීම හෝ මරණයට පත්වීමේ මගයි.... සිංහයා සටනේ දක්ෂයෙකි.....පලායන ප්‍රතිවාදියා පසුපස එලවා ගොසින්... Read more

සුරේඛාගේ කොටහළු මඟුල නවවෙනිද

 සුරේඛාගේ කොටහළු මඟුල නවවෙනිද

  සුරේඛා සමරසේන. අපි දන්න කෙල්ලෙක්. දේශපාලනික ගැහැණියෙක්. හොඳට ලියන්න පුළුවන් මොලයක්. ඉතින් සුරේඛා සමරසේනගේ 'මේ කතාව' පොත එළිදක්වන උත්සවේ ජුලි නව වෙනිදා තුනට මහජන පුස්තකාලේ පැවැත්වෙනවා. ඉතිං මේ කොටහළුවට සුරේඛා ඔබට ආරාධනා... Read more

විල්පත්තු වන සංහාරය ජනවාර්ගික ගැටුමක් දක…

විල්පත්තු වන සංහාරය ජනවාර්ගික ගැටුමක් දක්වා වර්ධනය වේවිද ?

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල් ආරු වනාන්තරය නැතහොත් මරිච්චුක්කඞ්ඩෙයි - කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 3000 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර... Read more

Prev Next

සටන් වදින මී හරකා.......

සටන් වදින මී හරකා.......

බලවතුන් ඉදිරියේ දුබලයන් ගැළවීමට ඇති එකම මගලෙස තෝරාගන්නේ පලායෑමයි. සිංහයන් හරකුන් මරාකනබව හරකුන් සහජයෙන් දනිති .නමුත් මේ මීහරකා තෝරාගන්නේ සටන්වැද ජයලැබීම හෝ මරණයට පත්වීමේ මගයි.... සිංහයා සටනේ දක්ෂයෙකි.....පලායන ප්‍රතිවාදියා පසුපස එලවා ගොසින් ගෙල විකා මරාදැමීමේ සූරයෙකි...එනමුත් මුහුණට මුහුණ සටනට එන ප්‍රතිවාදියා හමුවේදී...

සුරේඛාගේ කොටහළු මඟුල නවවෙනිද

 සුරේඛාගේ කොටහළු මඟුල නවවෙනිද

  සුරේඛා සමරසේන. අපි දන්න කෙල්ලෙක්. දේශපාලනික ගැහැණියෙක්. හොඳට ලියන්න පුළුවන් මොලයක්. ඉතින් සුරේඛා සමරසේනගේ 'මේ කතාව' පොත එළිදක්වන උත්සවේ ජුලි නව වෙනිදා තුනට මහජන පුස්තකාලේ පැවැත්වෙනවා. ඉතිං මේ කොටහළුවට සුරේඛා ඔබට ආරාධනා කරනවා.

20 පාලකයාගේ බලය වැඩි කරනවා.....

 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය මගින් ස්ථාපිත කිරීමට යෝජනා කරලා තියෙන නව මැතිවරණ ක‍්‍රමය ජනතාවගේ බලය වෙනුවට පාලකයන්ගේ බලය ශක්තිමත් කරන, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් විනාශකරන ව්‍යාපෘතියක කොටසක් නිසා තමන් එයට විරුද්ධ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

cartoon-2015-06-05

අද ලෝක පරිසර දිනය .පරිසරය සුරකින්න වැඩිපුරම කථා කරන දවස . පරිසරය විනාශ කරනවුන් ජනතාවට පරිසරය ආරක්ෂා කරගැනීමේ වටිනාකම කියාදෙන දවස .මෙවර ජගත් පරිසර දිනයේ තේමාව බිලියන 7 ක ජනකායක් - එක මිහිමඬලක් - අරපරෙස්සම් වෙමු”යන්නයි .

alut-vivara

vivara-fm

vivara-tv

Piya-Luogo

චීනයේ යන්ග්සි ගංගාවේ අනතුරින් 400 ක් මරුට

  සඳුදා චීනයේ යන්ග්සි (Yangtze) ගංගාවේ දී මගී යාත්‍රාවක් පෙරලීමේ සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව හාරසියයට ආසන්න වී ඇති බව චීන රජයේ ප්‍රකාශකයෙක්...