දිගින් දිගටම සිදුකරන අධ්‍යාපන සංහාරයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට හා එයට එරෙහිව ජනතාවගේ දායකත්වය ලබාගැනීම අරමුණු කර ගනිමින් අඩි 100 ක් දිග බැනරයකට අත්සන් තැබීම හා පති‍්‍රකා බෙදාහැරීමේ ව්‍යාපාරය අද (11) දවස පුරා බදුල්ල නගරයේදී මේවනවිට සාර්ථකව පැවැත්වේ. මේ සඳහා අතිවිශාල ජනසහභාගීත්වයක් බැබේමින් පවතී. මෙහිදී ජනතාව දැනුවත් කිරීමේ විදිනාට්‍යයක් ඇතුලුව අඪබෙර කන්ඩායම් යොදාගනිමින් වඩා ආකර්ෂණීයව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කරනලද මෙම මහජන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය 06 වැනිදා මහනුවර නගරයේදී ආරම්බකරන ලද අතර, හෙට (12) බණ්ඩාරවෙල නගරයේදී සහ ලබන 16 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොටතිබේ.




ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම් පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.
ලලිත් සහ කුගන් දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන
ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය