ශිෂ්ට මිනිසුන් කළ යුත්තේ එක් අපරාධයක් දිරි ගන්වමින් තව අපරාධයකට එරෙහිවීම නොවේ (අනාගමිකයකුගේ ධර්මදේශනාව)

povertyපිංවත්නි,සතුන් මෙන්ම මිනිසුන්ද මැරීම හැමදාමත් ලෝකයේ තිබිණි. මිනිසා සර්වභක්ෂක සතෙකු වන බැවින් ඔහු සතුන් මරා කයි. මස් මිනිසාගේ ආහාරයේ ප්‍රධාන ‍කොටසකි.

පසුකාලීනව මිනිසා මස් පිණිස සතුන් ඇති කිරීම ආරම්භ කළ අතර අද වන විට එය සතුන් වගාකිරීමක් වැනි දියුණු කර්මාන්තයක් බවට පත් වී තිබේ.

මිනිස්සු මස් කන එක තහනම් කරන්නට ලංකාවේ ජාතික හෙළ උරුමයට තබා ඉතිහාසයටවත් බැරිය.

සත්ව හිංසනය තහනම් කිරීම කියා දෙයක් කළ නොහැක. පරිණාම ඉනිමගේ ඉහළින් සිටින ලොකු සතුන්ට හිංසා කිරීම අවම කිරීම හොඳය. මන්ද, මිනිසා ඇතැම් සතුන්ට ආදරය කිරීමට කැමැත්තක් දක්වයි. ඇතැම් සත්තු මිනිස් ඇසුරේ ජීවත්වෙති. මිනිසුන්ට සේවය කරති. සතුන්ට වුණත් කළගුණ සැලකීම හොඳ දෙයකි.

මස් කෑමට මෙන්ම තමන් සංවේදී මිනිසුන් බව පෙන්වීමටද මිනිසුන්ට අයිතියක් තිබේ. ඒ නිසා ගව ඝාතනාගාර මෙන්ම සත්ව මිතුරු සංවිධානද ලෝකයේ ඇත. ආණ්ඩුව මේ දෙකම ලියාපදිංචි කර ලියාපදිංචි ගාස්තු හා බදු ආදිය ලබා ගනියි.

ප්‍රදර්ශනාත්මක සත්ව ඝාතන නම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මස් කනවානම් කන එක වෙනම දෙයකි. ප්‍රසිද්ධියේ සතුන් බිලි දීම වැනි ක්‍රියා තහනම් කළ යුතුය. ඒවා ශිෂ්ට රටවල නොතිබිය යුතු ඒවාය.

නීති ප්‍රකාරව මිනිසුන් එල්ලා මැරීමද එවැනිම ක්‍රියාවකි. මෙයද නතර කළ යුතුය. ශිෂ්ට සමාජයන්හි මිනිසුන් මැරීමේ නීති නැත. එසේම ශිෂ්ට සමාජයන්හි මිනිස්සු අළුගෝසුවන් වීමට පෙළගැසී ඉන්ටවීව් යන්නේද නැත.

ආණ්ඩු හා වෙනත් බලවත් පුද්ගලයන් සුදු වෑන්වලින් පැහැරගෙනගොස් මිනිසුන් අතුරුදහන් කිරීම නම් කිසිසේත්ම ශිෂ්ට නැත. එසේම, පොලිසිය සැකකරුවනට වධ දීමද නැවැතිය යුතුය.

මිනිස් සමාජයට එරෙහිව අපරාධ කළ, ජාතීන්ට එරෙහිව අපරාධ සිදු කළ වේලුපිල්ලේ ප්‍රභාකරන් පමණක් නොව අනෙකුත් සියලුදෙනාද දඬුවම් ලැබිය යුතුය. යුද්ධය පැරදී මරණයට පත්වීම හෝ යුද්ධය ජයගැනීම වැනි කරුණු මෙහිදී අදාළ නොවේ. මිනිස් වර්ගයාට එරෙහි අපරාධ, ජාතීන්ට එරෙහි අපරාධ ආදියට කිසි කලෙක මුක්තිය නොදිය යුතුය.

රටක අනාගත පරම්පරා පවා ලෝකයට උගස් කර ණය ගෙන, ඒ සල්ලි පිල්ලි ගසා, රටේ ජනතාව දුගීභාවයේ පතුළටම හෙළා, බදු ගෙවන, බර උසුලන මිනිසුන් බඩගින්නේ මියයද්දී තමන්ගේ දරුවන් අජටාකාශගත කරන්නට දරණ පාපතර උත්සාහයන්ද ශිෂ්ට සමාජයක කිසිසේත්ම සිදු නොවිය යුතුය.

එවැනි පව්කාරයන් පුදන සමාජය ම්ලේච්ඡ සමාජයකි.

ශිෂ්ට මිනිසුන් කළ යුත්තේ එක් අපරාධයක් දිරි ගන්වමින් තව අපරාධයකට එරෙහිවීම නොව සියලු අපරාධවලට එරෙහිව අරගල කිරීමයි.
w3lanka

Add comment


Security code
Refresh

vivara-tv

vivara-fm

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේ…

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේරාගනියි

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more

Reply

සම අයිතිය ව්‍යාපාරය 2013 මාර්තු 24 වෙරෝනා

ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම්  පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.

ලලිත් සහ කුගන්  දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන

ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය