
“නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමට පෙළගැසෙමු“ යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ ආචාර්ය-සිසු-ජන රැලිය ඊයේ (15) විහාරමහා දේවී එලිමහන් රංගපීඨයේදී ඉතා සාර්ථක ලෙස පැවැත්විණි.
ඒ සඳහා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, ලංකා ගුරු සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, මාධ්‍ය සංවිධාන එකමුතුව ආදී වෘත්තීය සමිති රැසකද, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය, සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය ආදී දේශපාලන පක්ෂ රැසකද, ප්‍රැක්ෂිස් සාමූහිකය, පීපල්ස් මාච් ආදී සංවිධාන රැසකද නියෝජිතයන් සහභාගීවූහ. එමෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, පාසල් සිසුන් සහ දෙමාපියන් රාශියක්ද එම අවස්ථාවට සහභාගී වූහ.
එහිදී අදහස් දැක්වු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් සුනිල් ජයසේකර මහතා පළමුව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයට ස්තූතිය පළ කර සිටියේ තම අයිතීන් දිනාගැනීමට සටන් කිරීමට පෙරට ඒම පිළිබඳවය. වැඩි දුරටත් අදහස් දැක්වු ඔහු සදහන් කළේ අද තරුණ යුවලක් විවාහ වු දිනයේ පටන්ම බොරු ලිපිනයන් ලබාදී බොරු කිරීමට සිදුවන්නේ වර්ථමාන අධ්‍යාපනයේ අර්බුදය නිසා බවයි. ඒ තම දරුවා නගරයේ පාසලකට දමා ගැනීමට ඇති තරඟයත්, ගමේ පාසලට ඇති අඩු පහසුකම් නිසාත් බව ඔහු අවධාරණය කළේය.
ඉන් පසු අදහස් දැක්වු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත මහතාද අධ්‍යාපනයේ අයිතිය රැුකීමට ඉදිරියට පැමිණි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයට ප‍්‍රශංසාව පුද කළේය. එක්සත් ජාතික පක්ෂයේ ධවල පත‍්‍රිකාව පරාජයට පත් කරන්නට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය පෙරමුණ ගත් නිසාවෙනුත්, ඒ සටන ජයගෙන ආණ්ඩුව දණගැස්සූ නිසාවෙනුත් ශිෂ්‍ය ව්‍යාපාරයට අභිමානවත් ඉතිහාසයක් තිබෙන බව ඔහු විසින් මතක් කළේය.
තවද ඔහු සමස්ථ වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටියේ තම දරුවාගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් වැඩ බිමේ, සේවා ස්ථානයේ අරගල කරන ලෙසයි. අවසාන වශයෙන් අදහස් දැක්වු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම් සංජීව බණ්ඩාරද අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් වඳින තම සඟයන්ට ස්තූතිය පළ කළේය. ලාංකීය සමාජය තුළ සිදුවන සියලූ අරගල තුළ ජීවත් වෙමින්, ඒවාට අපගේ නොමඳ සහාය දක්වමින් ඔබට ධෛර්යයක් වීමට වෙනසකට තරුණ හඬ ව්‍යාපාරය කිසි විටෙක මැළිවන්නේ නැති අතර අතර ආචාර්ය, සිසු, ජන අරගලයට ශක්තිය ප‍්‍රාර්ථනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more
ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම් පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.
ලලිත් සහ කුගන් දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන
ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය