බුදුන් වහන්සේ කාල් මාක්ස් සහ චාල්ස් ඩාවින්

maks1මහාචාර්්‍යය කේ එන් ජයතිලක අනුස්මරණ උත්සවයේදී කථාකරපු මහාචාර්්‍යය ඩෙස්මන් මල්ලිකාරච්චි උත්සාහ කලා ඉහත සඳහන් චින්තකයෝ තුන්දෙනාගෙම සමානකම් දකින්න. බොහොම කෙටියෙන් කිව්වොත් අපේ මල්ලිකාරච්චි මහාචාර්්‍යයතුමාට අනුව පරිනාමය කියන්නේ කාලයත් එක්ක දේවල් සිදුවෙනකොට ඇතිවෙන වෙනස්වීම් තවදුරටත් කියනවානම් පරිනාම ස්වභාවධර්මයේ කොටසක් නෙමෙයි. එය ස්වභාව ධර්මයයි.

එතුමාට අනුව මේ පරිනාමවාදීන් තුන්දෙනා ඉතාම වෙනස් ක‍්‍රමවේදයන් තුනකින් පරිනාමය දැකපු පොදු පදනමක් තිබිච්ච තුන්දෙනෙක්. මේ වචනයට (පරිනාමවාදයට )  ඕනනම් අපට වෙනස , පරිවර්තනය...කියන වචනයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙනස්වීම මේ තුන්දෙනා දැක්කේ සම්පූර්ණයෙන්ම වෙනස් ක‍්‍රම තුනකින්.

බුදුන්වහන්සේ මෙය සවිඥනික (සිහිය) පිළිබඳ විප්ලවයක් විදිහටත්, ඩාවින් මෙය ජීව විද්‍යාත්මක විප්ලවයක් විදිහටත්, මාක්ස් සමාජීය විප්ලවයක් විදිහටත්, ලොව පැවැත්ම පැහැදිලි කරන්න උත්සාහා කරා.

බුදුන්වහන්සේ ළඟා වූ සවිඥනික පරිනාමය ඇත්තටම අනිත් දෙකට වඩා ගොඩාක් සංකීර්ණයි. මොකද අනිත් චින්තකයෝ දෙදෙනා කථාකරපු ජීව විද්‍යාත්මක සහ සමාජ වෙනස්කම් දෙකම අපි ඉන්න භෞතික සමාජයේ අහන්න දකින්න පුළුවන් . අනිත් එක මේ පරිනාමයන් දෙකම නොනවත්වාම දිගටම වෙනවා. අවසානයක් දකින්න නැහැ.  නමුත් බුදුන් වහන්සේ අවබෝධ කරගත් සවිඥණික පළිබඳ විප්ලවයට අවසානයක් තියනවා. එය නිවනින් කෙලවර වන බව බුදුන්වහන්සේ පැවසුවා.

අපි ජීවිතයේ දුක කියන දේ අපේ සාමාන්‍ය ජීවිතයේ භාවිතා කරන තේරුමට වඩා පුළුල් අර්ථයකින් බුදුන් වහන්සේ කථා කළේ .ඇත්තටම අපි සමාජයේ සහ පරිසරයේ ගැටුම් මෙතුමන් දුක විදිහට අර්ථ දැක්වූවා. ඇතිවීම - නැතිවීම – වැඞීම – දිරායාම –බිඳීම සුවවීම විරුද්ධ දේ එක්වීම සමාන දේ වෙන්වීම, පීඩනය ලිහිල්වීම , අවුල්වීම , නිරවුල්වීම කියන සිද්ධි ඇතුලේ තියන මේ දුක ඇතිවීම පැවැත්ම හා නැතිවීම තුළ චක‍්‍රයක ආකාරයෙන් ගමන්කිරීමක් ගැන එතුමන් අවදාරණය කෙරේ.

මෙම ක‍්‍රියාවලිය අවබෝධ කරගත් එතුමන් මෙහි තාවකාලික බව තේරුම්ගත හොත් නිවන කියන අවබෝධයට යන්න පුළුවන් බව දේශනා කළා.මේක ඇත්තටම හරිම අමාරු දෙයක්. මොකද මෙම මානසික විප්ලවය සාමාන්‍ය භෞතික ලෝකයේ අපිට දකින්න බැහැ. මොකද මේක වෙන්නේ මනස තුළ හින්දා. ගොඩාක් වෙලාවට මේක ගැන විශ්වාසයක් නැතුව මිනිස්සු වැඩ කරන්නේ.

යුරෝපීය රටවල කාලයක් තිස්සේ ඉදන් තිබ්බේ ජීවවිද්‍යාත්මක පරිනාමයකට ඒ ගොල්ලෝ හැමදෙයක්ම කළේ තම භෞතික ශරීරය පිනවන්න. නමුත් දැන් ඒ ගොල්ලන්ටත් පැහැදිලියි . පරිනාමයත් ජීවිතය සමඟසමාන්තරව ගමන් කරන බව. යුාරා්පයේ ඉපදුන මාක්ස් මේක තේරුම් අරගෙන උත්සාහ කළේ මේ සමාජ  වෙනස්වීම හොදතැනකට අරගෙන එන්න හැම මනුස්සයාටම සම අයිතීන් සහ සම්පත් සමසමව බෙදන්න. එකිනෙකට සම්බන්ධයක් නැතිව වෙන වෙනව අදහස් පළකල මේ චින්තකයෝ තුන්දෙනාම මැවුම්කාර දෙවියෙක් විශ්වාස කළේ නැහැ.

මොවුන් කථාකාළ් දිව්‍යමය ලෝකයක පැවැත්මක්. මාක්ස් කථාකරපු සමාජ පරිනාමය තුලින් ලබාගන්නා ප‍්‍රතිඵලය භාවිතා කරලා අපට බුදුන්වහන්සේගේ  මානසික විප්ලවයට ලඟාවෙන්න හොද පදනමක් පාදන්න පුළුවන් බව මම හිතන්නේ ගොඩාක් ප‍්‍රායෝගික සත්‍යයකි.

උපුටාගැනීම- Prof.k.n Jayathilaka memorial lecture
                Prof Desmand mallikarachchi
                Nirvana can be a achieved by any human

විවර පඨක ලිපියකි
         

Add comment


Security code
Refresh

vivara-tv

vivara-fm

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේ…

දින 17 ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාව බේරාගනියි

බංගලාදේශයේ ධකා නුවර මීට දින 17 කළින් කඩා වැටුනු ගොඩනැගිල්ලේ සිරවී සිටි කාන්තාවක් ගලවා ගැනීමට එරට සහන සේවකයින්ට අද හැකිවු බව විදෙස් සේවා වාර්ථා කරයි.දින 17 පුරා සුන්බුන් අතර සිරවී... Read more

Reply

සම අයිතිය ව්‍යාපාරය 2013 මාර්තු 24 වෙරෝනා

ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම්  පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.

ලලිත් සහ කුගන්  දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන

ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය