කොල නැති අයට කොල, වැල නැති අයට (ආණ්ඩුවට) අල

s2සනතෝරියා නම වෙනුවට තාවකාලික ක‍්‍රමවත් කිරීම යන නාමකරණය යටතේ, හදිසියේම කාගේවත් ඉල්ලීමක් හෝ බරපතල උද්ඝෝණයකින් තොරව ඉතාලි ආණ්ඩුවට පහල වූ කරුණාව මතින්, ඉතා දුෂ්කර කොන්දේසි යටතේ කල් ගත කරන පෙර්මෙස්සෝ දි සෝජෝර්නෝව අහිමි විදේශිකයින් හට ඒ පීඩාවෙන් මිදීමට අවස්ථාව උදාවී තිබේ. ඔවුන්ගේ පාර්ෂවයෙන් මේ ලද අවස්ථාව පිළිබඳව අපි ඉතා සතුටු වෙමු.එහෙත් මෙය ඉදිරිපත් කල ආකාරය හා කොන්දේසි වෙතට අවධානය යොමු කිරීමේදී මෙහි ඇති සද්භාවය ප‍්‍රශ්න නොකරම බැරිය.

විදේශිකයින් සම්බන්දව සේවා සපයන විවිධ ආයතන වෘතීය සංගම් මානව හිමිකම් සංවිධාන හා ආගමික ආයතන වල සමීක්ෂණ වලට අනුව මෙසේ පෙර්මෙස්සෝ දි සෝජෝර්නෝව අහිමි පිරිස දල වශයෙන් ලක්ෂ 5ක් 6ක් 9ක් බවට අදහස් ඉදිරිපත් කරනව. ඒ වගේම මෙයින් වැඩි පිරිස කලින් පෙර්මෙස්සෝ දි සෝජෝර්නෝව තිබූ එහෙත් රැුකියා අහිමිවීම නිසා මාස 6ක කාලයක් තුල රැුකියා කොන්ත‍්‍රාත්තුවක් ඉදිරිපත් කිරීමට නොහැකිව සෝජෝර්නෝව අහිමි වූ අය.

 එක් අතකින් මෙහි වගඋත්තර කරුවෝ ඉතාලිය තුල පවතින නීතිමය තත්වයම බව කිව යුතුයි. එය පිලිගත් නිසාදෝ මේ වන විට රැුකියාවක් බලාපොරොත්තුව සිටිය හැකි කාලය හය මසක සිට වසරක් සඳහා දීර්ග කිරීමත් වසරක කාලය තුලද රැුකියාවක් නොලැබුනොත් පවුලේ අයගේ හෝ නිවැසියන්ගේ වාර්ෂික ආධායම අනුව පෙර්මෙස්සෝ දි සෝජෝර්නෝව දීර්ග කිරීමේ අවස්ථාව හිමිවෙන ලෙසට නීති සංසෝධනය කරමින් සිටිනව.එය ඉතා හොඳ දෙයක් ලෙසයි අපි දකින්නේ. මින් පෙර අවස්ථාවකදී නිකුත් කලේ ඉතාලියේ රැුඳී සිටීමේ අවසර පත‍්‍රය වුවත් පසුව එය රැුකියා කොන්ත‍්‍රාත්තුව සමග සම්බන්ද කලා ඒ අනුව රැුකියාවක් නොමැතිව මාස හයකට වඩා ගත වුවහොත් සර්ජෝර්නෝව ඔවුන් ආපසු ගත්තා. දැනට ¥ෂණ චෝදනා ලැබ ඉවත් කර තිබෙන අමු ජාතිවාදී පක්ෂයක නායකයා වූ බොස්සි හා ෆැසිස්ට්වාදී අතීතයක් සහිත පක්ෂයක නායකයා වූ ෆීනි එක්ව ඉදිරිපත් කර සම්මතව මේ දක්වා ක‍්‍රියාත්මක වන බොස්සි ෆීනි නීතිය තමයි එය කලේ. එදා සිට අපේ උද්ඝෝෂණය තිබෙන්නේත් කල යුතු වන්නේත් එම මානුෂීය නොවන බොස්සි ෆීනි නීතිය සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමීම. ඒත් ඒ වෙනුවට මොවුන් කරමින් තිබෙන්නේ එය තමන්ට අවශ්‍ය පරිදි හා වාසි වන පරිදි කෑලි ලෙස සංසෝධනය කිරීම. මේ අවස්ථාවේදීත් පැහැදිලිවම ඔවුන් සිදු කරන්නේ ඒ දෙය.

ඒ බව තේරුම් ගන්නට හැකිවන්නේ නව නීතියෙන් පනවා ඇති කොන්දේසි පිරික්සීමේදී. අනෙක් සියලූ කොන්දේසි අභිබවා මුලට එන්නේ මුදල් සම්බන්ද කොන්දේසියයි.එහිදී මූලික ගෙවීමක් ලෙස යුරෝ 1000ක මුදලකුත් මාස හයක රැුකියා දායක මුදලකුත් (ගෘහ සේවයේ අර්ධ රැුකියාවක් සඳහා මෙම මුදල යුරෝ 700ක් පමණ වන අතර වෙනත් රැුකියාවකදී අනිවාර්යයෙන්ම පැය 8ක පූර්ණ රැුකියාවක් විය යුතු නිසා ඒ සඳහා ගෙවිය යුතු දායක මුදලද ඊට කිහිප ගුනයකින් වැඩිය)

ඒ අනුව අවම ලක්ෂ 5ක් ලෙස ගනන් බැලූවත් ආණ්ඩුවට එකතුවන මුදල කොපමණදැයි ඔබටම හිතා ගැනීමට පුලූවන. එනම් රහස ඇත්තේ එතැනය. ආණ්ඩුවේ බොක්ක උණුවී ඇත්තේත් මේ හේතුව නිසාය. ආණ්ඩුවේ ඇත්ත වුවමනාවත්  මේසා විශාල මුදලක් උපයා ගැනීම බව ඉතා පැහැදිලිය. මේ වන විට මෙතෙක් විවිධ අමාත්‍යංශ වෙනුවෙන් වෙන්කල මුදල් ප‍්‍රමානයන් ගෙන් කොටසක් නැවත භාණ්ඩාගාරය වෙත ලබාදීම සඳහා නියෝග පනවා ඇති අතර ඉදිරි වර්ෂ වලදීද එසේ කපා හැරීම් වලින් උපයන මුදල පිළිබඳ දැනටම නියාමන පනවා ඇත.

ආණ්ඩුව මේ මොහොතේ සිටින්නේ සෞඛ්‍ය අධ්‍යාපන ප‍්‍රවාහන ඇතුලූ වෙනත් සේවා හා සුභසාධන කපාහැර මුදල් සොයා ගැනීමේ වුවමනාවක වන නිසා එයට එක්කල අතුරු ආදායම් මාර්ගයක් ලෙස මෙය දැක්විය හැකියි. මෙහි නින්දිත තත්වය වන්නේ මේ මොහොතේ රැුකියා අහිමි වීමෙන් හා අඩු වැටුප් සඳහා රැුකියා කිරීමට සිදුවීමෙන් සමාජයේ වඩාත්ම අසරණ අන්තයටම වැටී සිටින විදේශිකයා පාවිච්චි කර ඒ මාර්ගයෙන් නොහැකියාවේ පතුලටම ඇද වැටී තිබෙන නව ලිබරල් ආර්ථිකයෙන් ගොඩයෑමේ ආණ්ඩුවේ බංකොලොත් උත්සහයයි. මොවුන් මෙය වෙනත් නමකින් අර්ථගැන්වීමට යුහුසුලූ වීම තුලම එය සැගවී ඇත.

මෙය එසේ වන්නේ මේ කොන්දේසි පනවා තිබෙන්නේ සේවා දායකයාට වුවත් ඒ මුදල් ගෙවීමට අමතරව ඔවුන් ලග වැඳවැටීමටද විදේශිකයාට සිදුවන තත්වයක් ඇති නිසයි.  මොකද මෙහිදී සර්ජෝර්නෝවේ අවශ්‍යතාවය තිබෙන්නේ සේවා දායකයාට නොව විදේශිකයාට නිසාත්, මෙවන් මුදලක් ගෙවීමට  සේවා දායකයාට රැදාවක් නැති නිසාත්, ඔහුට එය මගහැර වෙනත් සේවකයකු අලූතින් ලබා ගැනීමට අවස්ථාව ඇති නිසාත්, සේවා දායකයින් කිසිසේත්ම මෙම මුදල ගෙවන්නේ නැත. එවිට ඔහු ඉදිරියේ වැඳ වැටීමටත්, වැයවන මුදල ගෙවීමටත්, සමහර අවස්ථාවන් වල වැඩිපුර මුදලක් ගෙවීමටත්, එසේ සේවාදායකයකු නැති කල හෝ මගහැරිය කල මුදල් ගෙවා එවන් කෙනෙකු සොයා ගැනීමේ තැනටත්, විදේශිකයා ඇද වැටෙන බව පසුගිය අත්දැකීම් විසින් කියා පායි.

ඒ විතරක් නොවේ ඉල්ලූම් පතක් ඉදිරිපත් කල හැකි වන්නේ අවම මාස 3ක් තමන් ලග සේවය කල විදේශිකයකුට යැයි කොන්දේසියක් පනවා තිබුනත් දායක මුදල් ගෙවීමේදී අවම මාස 6ක් සඳහා ගෙවිය යුතුයැයි කොන්දේසි පනවන්නේ කිනම් සාධනීය කරුණක් අරබයාද? මේ අනුව හරකා දෙවරක් නොව කිහිප වරක් හමගසන තත්වයකට අප මුහුණ දෙමු.

ඉතාලියේ රැුකියා කලත් සේවා අවසන්ව යන විට සේවා දායකයා ගෙවන මුදලට අමතරව කිසිදු වෙනත් දීමනාවක් ගෙවීමක් ලැබෙන්නේ නැත. ඒ අනුව ඔවුන් කපා ගන්නා මුලූ මුදලම සොරා ගනී. එයට අමතරව විශ‍්‍රාම වැටුපකට හිමිකම් කිව හැක්කේ අවම වසර 20ක දායක මුදල් ගෙවා ඇත්නම් පමණි. නොඑසේනම් වසර 65 හෝ 70 පිරුනත් විශ‍්‍රාම වැටුප් ලැබෙන්නේ නැත. එවන් අයට කිසියම් සුභසාධන ගෙවීමක් හෝ ලැබෙන්නේ ඒ වන විට ඉතාලියේ ජීවත් වන්නේනම් පමණි.

මේ ආකාරයට අපෙන් උදුරාගෙන තිබෙන බොහෝ අයිතිවාසිකම් පිළිබඳව ඔබව දැනුවත් කල හැකිය. දියුණු ලෝකයැයි කියාගත් යුරෝපයේ තත්වය එය වන අතර ඈත අතීතයේ බලහත් කාරයෙන් රැුගෙන විත් බලෙන් වැඩ ගත් ඔවුන් අද තම කැමැත්තෙන්ම විදේශ කම්කරුවාගෙන් මේ ආකාරයට අසීමිත වාසි ලබමින් සිටී.

එවන් ඉරණමකට මේ රටවලදී ගොදුරු වන්නට විදේශිකයාට සිදුව තිබෙන්නේත්, මෙවන් ඉරනමක් වෙත කැමැත්තෙන් ගොදුරු වන්නට සිදුව තිබෙන්නේත්, එකම හේතුවක් නිසා බව තේරුම් ගන්නට අප සමත් වේනම් හෙට දවස දීප්තිමත් වේවි. එසේ නොවී මෙය තමන්ගේ පුද්ගලික ගැටලූවක සීමාවේ සිට තේරුම් ගන්නේනම් අනාගතයටද මීටත් වඩා අසරණයින් ලෙස තම දරුවන්ද ගොදුරු වීමේ ඉරනම වෙනස් නොවනු ඇත.

මිනිස් ජීවිත වලට වටිනා කමක් එක් කරන්නට අසමත් තම පැවැත්ම වෙනුවෙන් අනෙකා සූරාකන මේ සමාජ ආර්ථික රටාව යුරෝපා කරයේදී මුණගැසුනත් තම මව් රටේදී මුණ ගැසුනත් ප‍්‍රතිපලය එකම බව තේරුම් ගන්නේනම් විසඳුම සොයා ගැනීම පහසු වේවි.ඒ සමගම විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයා දෙස පහත් හැගීමෙන් බලන පට්ට දේශපේ‍්‍රමයෙන් ඔද වැඩුන වෙබ් අඩවි වලට කොමෙන්ට්ස් ලියන සමහර මෝඩ දාසලා ගැනත් යමක් කිව යුතුය. ඔවුන් සිතා සිටින්නේ මිනිසුන් රට හැර යන්නේ මව් රට එපාවී හෝ හුදු මුදල් ආසාවට යන්නයි. (මුදලම ජීවිතය කරගත් එවන් දාසලාද සිටින බව වෙනම කථාවක්) කෙටියෙන් කියන්නේනම් සංක‍්‍රමණික ගැටලූවට විසඳුම් සෙවිය හැක්කේ රට හැර යනවුන්ට දෙස් දීමෙන් හෝ අත්අඩංගුවට ගැනීමෙන් නොව, ඔවුන්ට රට තුල වාසය කල හැකි සමාජ ආර්ථික දේශපාලන වට පිටාවක් නිර්මාණය කිරීමෙනි. ඒ නිසා කොමෙන්ට්ස් කරුවන් කල යුත්තේ එවැනි තත්වයක් රටතුල නිර්මාණය කරන්නට අසමත් එහෙත් දමා නොයා බොරුවෙන් වංචාවෙන් රැුවටීමෙන් හා බලහත්කාරයෙන් රට පාලනය කරන්නට වලි කන අධම පාලකයන්ට එරෙහි වීමයි. ඔවුන් පලවා හැරීමට පෙරමුණ ගැනීමයි. එසේ නැතිව ඔවුන්ම සාදා දෙන බොරු පූචානම් දේශපේ‍්‍රමයේ නාමයෙන් ඔවුන්ටම බැල මෙහෙවර කිරීම නොවේ.

මේ දිනවල ඔස්ටේ‍්‍රලියාවට යන්නට ගොස් අසුවන අය ගැන මාධ්‍ය වාර්තා දකින්නට ඇති අතර ඔවුන් වරදකරුවන් ලෙස නම් කරයි. එවන් උත්සහයකදී අසුවන්නන් වරදකරුවන් ලෙස නම් කරන විට රැුකියාවක් නොමැතිව හෝ විවිධ දුෂ්කරතා වලින් ඔවුන් පීඩා විඳින විට ඔවුන් සොයාගොස් සහන සැලසීමේ කිසියම් ක‍්‍රම වේදයක් ඇතැයි මා දන්නේ නැත. එසේනම් ඔවුන් ජීවත් කරවන්නට අසමත් වූවන්ට ද`ඩුවම් නැත. ජීවිතය සොයා යන්නට වෙරදරනවුන්ට අසුවුවහොත් දඩුවම් ඇත. කෙසේ හෝ ඔවුන් විදේශයකට පැනගෙන රැුකියා කර උපයන දෙයින් කොටසක් ලංකාවට එවන විට විදේශ විනිමය ලෙස සලකා එයින් වාසි ගන්නා විටදී නම් එය යහපත් ක‍්‍රියාවකි. මේ වන විට රටට විදේශ විනිමය සපයන ප‍්‍රධානම මාර්ගය මේ විදේශ රැුකියා හරහා රටට ලැබෙන මුදල බව තේරුම් ගැනීම හොඳටම සෑහේ.කෙසේ වෙතත් මගේ උත්සහය රට හැර යෑම සාධාරණීය කරණය කිරීම නොව එයට සැබෑ හේතුව හඳුනාගෙන ඇත්ත හේතුව පරාජය කිරීමට අරගල කලයුත් බව පසක් කිරීමයි.                    

Теперь другой конец привязать к мачте, и дело готово.

Чем больше наши лошади отдохнут, "Краткое содержание повести дубровский"тем лучше.

Продолжать бодрствование в такой темноте было не к чему.

И когда он во время утреннего обхода сдался, уж как нам его было жалко!

Там ни "Договор купля продажи скачать"хрена не знают, как и мы.

Тогда, возможно, в недалеком будущем "Как писать доклад к диплому"удастся попасть в полосу пассатов и позднее бросить якорь в каком-нибудь "Реферат по экономике темы"порту на южноамериканском побережье, а может, в Гвиане или Бразилии.

Он "скачать программы для удаления голоса из песни"медленно поднялся, в тот же момент он "игры вертолёт скачать"вновь уловил шарканье шагов, теперь возле "песни спецназ скачать"самого выхода.

Животные восхитительно выли от "коды на танки на кристаллы скачать"боли.

отозвался лорд Аффенхем, медленно всплывая на поверхность.

Он машинально "Драйвер canon mp140"посмотрел на свои промасленные руки.

Земля под ногами мальчика "скачать звуки для iphone"была влажной, в "группа чили скачать"небе собирались тучи.

Единственная причина, по "диджей смеш скачать"которой он этого не сделал, заключалась в сознании "скачать договор договор субподряда"того, что либо Повелитель "скачать музыку царя"Нетопырей примет их, но его не выпустит, либо что было бы еще хуже станет торговаться.

Comments  

 
+1 #1 sathya 2012-07-24 23:31
itama hoda lipiyak...s,tutii
Quote
 

Add comment


Security code
Refresh

Prev Next