ටෙසෝ සමුළුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනා 14ක්..

 

Karunanidhiතමිල්නාඩු හිටපු මහ ඇමැති එම්.කරුණානිධිගේ යෝජනාවක් අනුව ශ‍්‍රී ලංකාව සම්බන්ධ යෝජනා 14ක් ටෙසෝ සමුළුවේ දී සම්මත වී ඇතැයි ඉන්දීය වාර්තා පවසයි. ටෙසෝ හෙවත් දෙමළ ඊලාම් සහයෝගීතා සමුළුව ඊයේ ආරම්භ වූයේ ඞීඑම්කේ පක්ෂ මූලස්ථානයේ දී ය.

ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලූ විසඳීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වීමෙන් දෙමළ ජනතාව අතර ඡුන්දයක් පැවැත්විය යුතු බව එක් යෝජනාවකි. ඊට අමතරව දෙමළ ජනතාව පදිංචිව සිටින ප‍්‍රදේශවලින් යුද හමුදාව ඉවත්ව කළ යුතුය යන්නත් දෙමළ සිරකරුවන් නිදහස් කළ යුතුය යන්නත් වශයෙන් යෝජනා සම්මත වී ඇත. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ හමුදාවන්ට ඉන්දියාව තුළ පුහුණුවක් ලබා නොදිය යුතුය සහ කච්චතිව් ¥පත නැවත ඉන්දියාවට පවරා ගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් ද මෙහිදී සම්මත වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

Add comment


Security code
Refresh

සම අයිතිය ව්‍යාපාරය 2013 මාර්තු 24 වෙරෝනා

ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම්  පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.

ලලිත් සහ කුගන්  දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන

ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය