පසුගිය කාලය තුළ උපාධිධාරී අභ්‍යාසලාභී තනතුරු සදහා රැුකියා විරහිත උපාධිධාරීන් බදවා ගත් අතර අවිධිමත් පරිදි සිදු කළ එකී බදවා ගැනීම් හේතුවෙන් මේ වනවිට බරපතල ගැටලූ ගණනාවක් මතුව ඇත. විශේෂයෙන් විධිමත් සම්මුඛ පරීක්ෂණයක් පවා සිදු නොකරමින් මෙසේ බදවා ගැනීම නිසා තත්ත්වය වඩාත් ගැටලූකාරී වී ඇත. එලෙස බදවාගත් උපාධිධාරීන් මේ වනවිට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිකරුණේ කාලය ගත කරන අතර සමහර දිස්ති‍්‍රක්කවල ඔවුන් සමෘද්ධි බැංකු වෙත යොමු කර ඇත. මෙසේ අවිධිමත් පරිදි උපාධියට නොසුදුසු රැුකියා ලබාදෙමින් සිටී. මෙසේ බදවාගත් උපාධිධාරීන් අතර ඉංගී‍්‍රසි මාධ්‍ය උපාධිධාරීන්ද සිටින අතර විශේෂවේදී උපාධි හැදැරූවන්ද සිටිති.
මෙසේ බදවාගත් උපාධිධාරීන් මාස 6න් පසු ස්ථිර කරන බව පැවසුවද මේ වනතෙක් ඊට අදාළ කටයුතු සිදුකර නොමැත. එසේ තිබියදී පුහුණුව ලබන කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ උපාධිධාරීන් පිරිසකට පමණක් මෙම මස 19 දින ස්ථිර පත්වීම් ලබා සූදානමක් පවතී. ඊට අමතරව මාතර ගාල්ල වැනි දිස්ති‍්‍රක්කවල 2009 දෙසැම්බර් 31 දිනෙන් පසුව උපාධි ලබාගත් උපාධිධාරීන්ට රැුකියා ලබානොදීමට තීරණය කර ඇත. නමුත් වෙනත් දිස්ති‍්‍රක්කවල (හම්බන්තොට, අම්පාර* 2010/2011 වසරවල පමණක් නොව 2012 වසරවල උපාධිධාරීන්ටද රැුකියා ලබාදී ඇත. මේ අනුව කිසිදු වැඩපිළිවෙළක් නැතිව රැුකියා ලබාදීමේ ආදීනව පැහැදිලි වේ.
මේ අතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින සහකාර ලේඛකාධිකාරී තනතුරු සදහා අරුම පුදුම ආකාරයේ බදවා ගැනීමක් කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් නිකවැරටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වාර්තා වේ. එහිදී එම තනතුර සදහා ඉල්ලූම් කරන මෙන් එහි සිටින උපාධිධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර එහි සිටි පුහුණු උපාධිධාරීන් 60 දෙනාම ඒ සදහා අයදුම්කර ඇත. එහිදී සහකාර ලේඛකාධාකාරී තනතුර සදහා සුදුස්සකු තෝරාගෙන ඇත්තේ තුණ්ඩුවක් උඩ විසිකරමිනි. එහිදී තුණ්ඩු 60ක් සකසා එකක තනතුරේ නම සදහන් කර උඩ දමා ඇත. ඉතිහාසයේ පළමු වතාවට වාර්තාවන මෙම සිදුවීම රාජ්‍ය සේවය පවා හෑල්ලූවට ලක්කරන්නක් ද වේ.
මෙසේ සිදුකර ඇති අවිධිමත් බදවාගැනීම් පිළිබද දැන්වත් විධිමත් පරීක්ෂණයක් සිදුකොට උපාධිධාරීන් අදාළ සේවයන්හි ස්ථිර කරන ලෙසත් බදවා නොගත් සියලූ උපාධිධාරීන් වහා බදවා ගන්නා ලෙසත් අවධාරණය කරමු. මේ අවිධිමත් රැුකියාදීම් නැවැත්වීම සදහා සියලූම රාජ්‍ය සේවකයන් පෙරමුණ ගන්නා මෙන් ඉල්ලා සිටිමු.
ඉල් විරුවන් අශිෂ්ඨත්වය කරා යමින් තිබූ සමාජය වඩා යහපත් සමාජවාදී සමාජයක් කරා යොමු කිරීම වෙනුවෙන් දිවි පිදූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා 23 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින් පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම් කමිටුව පසුගිය නොවැම්බර් මස 25වැනි ඉරිදා 23වැනි ඉල් මහ විරු සමරුව පවත්වනු ලැබීය . රෝමයේ වෙසෙන පෙ.ස.ප සාමාජිකයින් හා හිතවතුන් ඊට සහභාගිවූ අතර 23වන ඉල් සමරුවේ ප‍්‍රධාන දේශනය පෙ.ස.ප ප‍්‍රචාරක ලේඛම් පුබුදු ජයාගොඩ මහතා skype තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබීය.
ලලිත් සහ කුගන් දෙදෙනා පැහැර ගැනීමත් පොදුවේ රට තුළ සිදු වන පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් ආදිය පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වාර්තා වැඩසටහන
ජර්මනියේ නාසිවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රම වත්මන් රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටින බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පෙරටුගාමී සාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහෝදරයා සමඟ 2012.09.23 දින සිදුකළ "දැක්ම" දේශපාලන සංවාදය